Tuesday, April 30, 2024

නාමල් සහ රැලේ හොරකම මාට්ටු කළ ඊරියගොල්ලගේ පාපෝච්ඡාරණය ඇතුලත් FCID යේ සම්පූර්ණ බී වාර්තාව මෙන්න…!

කළු සල්ලි සුදු කළ බවට පැහැදිලි සාක්ෂි ඇති නිසා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයේ සිටි ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක යන අයවලුන් එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා ඊයේ (22) නියෝග කළේය.

මොවුන්ට ඉදිරිපත්ව තිබූ චෝදනා පොදු දේපොල පනත යටතේ නොව මුදල් විශුද්ධිකරන පනත යටතේ බැවින් ද නාමල් රාජපක්ෂ දැනටත් තවත් නඩුවකින් ඇප ලබා සිටින බැවින්ද ඇප මත නිදහස් වීමට බොහෝ සෙයින් ඉඩ කඩ තිබිණ. ඒත් ඇප ලැබුනා ඉක්මන් වැඩි යයි ජනතාව තුල කුකුසක් තිබේ. ලංකාවේ ඇප පනත තිබෙන්නේ මිනිසුන් දිගින් දිගටම රිමාන්ඩ් කර තබා ගැනීමට නොව ඇප මත නිදහස් කිරීමට ය. ඇප මත නිදහස් කිරීම යනු නඩු කර්තව්‍යය නතර වීමක් නොවන බවද ජනතාව දැන ගත යුතුය.

පළමුවාරයේදී ඇප මත නිදහස් වූ නාමල් රට වටේම සිටින පාක්ෂිකයන් බස් වලින් අද්දවා වීරයෙක් වීමට කෘතිමව උත්සාහ කළද ඊයේ ඔහු ඇප මත නිදහස් වෙද්දී හුරේ දැමීමට බල්ලෙකු හෝ ඉදිරිපත්ව සිටියේ නැත.

ඒ කෙසේ වෙතත් හෙට දිනයේ සිට මොවුන් ජනතාවට කියනු ඇත්තේ ඔවුන් නිදොස් පුද්ගලයන් බවත් මේවා දේශපාලන පලිගැනීම් බවත්ය. එබැවින් නාමල් රාජපක්ෂ තමන් විසින් කොමිස් කුට්ටි සහ කප්පම් මගින් ලබා ගත් ප්‍රකෝටි ගණන් කළු සල්ලි සුදු කළ ආකාරය ගැන රටේ ජනතාව ඇත්ත දැන ගත යුතුය. 

නාමල් ට අයත් එන්.ආර්. කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේට් මගින් රුපියල් මිලියන 15 ක් සහ 30 ක කළු සල්ලි සුදුකළ ආකාරය සාක්කි සහිතව දැනට හෙලිවී ඇති අතර පසුගියදා ඔහු රිමාන්ඩ් භාරයේ සිටියේ ඉන් මිලියන 15 හොරකම වෙනුවෙන් පමණි. බොස්ටන් කැපිටල් ආයතනයේ හිමිකරු රොහාන් අබේ ඊරියගොල්ල නමැත්තා ඒ සම්බන්ධයෙන් කරන ලද හෙලිදරව්වද සහිත FCID ය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සම්පූර්ණ බී වාර්තාව ලංකා ඊ නිව්ස් විසින් පහත හෙලි කිරීමට තීරණය කෙළේ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යනු කෙතරම් නීල කාස හොරෙක්දැයි රටේ ජනතාව දැන ගත යුතු නිසාය.

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ නමැති නීල කාස හොරාට එරෙහිව FCID ය  විසින් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව පහත දැක්වේ

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂට එරෙහිව FCID ය වෙත පැමිණිලි කරන ලද්දේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ය.

පැමිණිල්ලේ සඳහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ විසින් පසුගිය කාලය තුලදී මන්ත්‍රී වරයෙක් වශයෙන් හිඳිමින් එම නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් අති විශාල වශයෙන් මුදල් අයථා ලෙස උපයාගෙන ඉන් කොටසක් යොදා ගනිමින් හෙලෝකොප් නමැති පුද්ගලික ආයතනය මිලදී ගෙන ඇති බවයි. මෙම සමාගම මගින් එයාර් ලංකා සමාගමට පුර්ණ සම්බන්ධීකරණ සේවා සැපයීම සිදුකරණ බවත් ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හිඳිමින් රජය සමග වෙළඳ ගිවිසුම් වලට එළැඹීමේ වරද සිදුකර ඇති බවත් එහි සඳහන් කර තිබිණ.

තවද මෙම හෙලෝකොප් ආයතනයේ අයිතිය ගවර්ස් කෝපරේට් සර්විස් ආයතනය වෙත ලබා ගෙන තිබීමත්, එම සමාගමේ පූර්ණ අයිතිකරු නාමල් රාජපක්ෂ මහතා බවත් සඳහන් කර තිබේ. ඒ අනුව මිලියන 100 ට අධික මුදලක් යොදා හෙලෝකොප් ආයතනය මිලදී ගැනීම සඳහා යොදා ගත් මුදල් පසුගිය කාලයේ මන්ත්‍රීවරයා විසින් අයථා ලෙස උපයා ගන්නා මුදල් බවටත් මේ අයුරින් තවත් අති විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන  දේපොල මිලදී ගෙන ඇතිබවත් සඳහන් කරමින් මෙම නීති විරෝධී කාර්යයයන් සඳහා පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පැමිණිල්ලේ සඳහන්ව ඇත.

නාමල් කළු සල්ලි සුදු කළ විමර්ශනයේ ආරම්භය

ඒ අනුව සිදුකරන ලද විමර්ශන වලදී මෙම එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගම ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ කොටස් අයිතියට ඇති සමාගමක් බවට කරුණු අනාවරණය කරගන්නා ලදී. මෙම එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගම 2012-01-16 දින PV 83718 යටතේ නීති උපදේශන සේවා සපයන සමාගමක් ලෙස ලියා පදිංචි කර ඇත. මෙම සමාගම අංක 15/1, ලේක් ඩ්‍රයිව්, සුභූති පුර, බත්තරමුල්ල. ලෙස සඳහන් වුවද මෙහි කාර්යාල සහ ව්‍යාපාර කටයුතු අංක 07, ගවර් වීදිය, කොළඹ 05 ලිපිනයේ ආරම්භයේ සිටම පවත්වාගෙන ගොස් ඇත. මෙහි ලියාපදිංචි බත්තරමුල්ලේ ලිපිනය සුජානි බෝගොල්ලාගම නමැත්තියගේ බවද අනාවරණය විය.

එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ කොටස් අයිතිකරු සහ අධ්‍යක්ෂවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.

01) ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ – මුළු කොටස් අයිතිකරු
02) නිත්‍යා සේනානි සමරනායක – අධ්‍යක්ෂ
03) සුදර්ශන් බණ්ඩාර ගනේගොඩ – අධ්‍යක්ෂ
04) ඉරේෂා සිල්වා – නීති නිලධාරිනිය
05) සුජානි බෝගොල්ලාගම – ප්‍රධාන විධායක නිලධාරී
06) දිල්රුක්ෂි මහානාම – ගණකාධිකාරනිය
07) වාසිත පින්නවල – ව්‍යාපෘති නිලධාරී

ඒ අනුව මෙකී එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එහි කොටස් හිමිකරු, අධ්‍යක්ෂ මණ්ඩලය හා අනෙකුත් සේවක සේවිකාවන් ගෙන්වා ප්‍රකාශ ලබා ගන්නා ලදී. ඒ අනුව කොටස් හිමිකරු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හා අධ්‍යක්ෂවරු වන සුදර්ශන ගනේගොඩ, නිත්‍යා සේනානි සමරනායක හා නීති නිලධාරිනිය ඉරේෂා සිල්වා යන අයවලුන්ගේ ප්‍රකාශ සටහන් කරන ලදී.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතාගේ ඥාතීන් හා හිතවත්කම් මත මෙම සමාගමේ අධ්‍යක්ෂවරු ලෙස ඉහත පුද්ගලයන් පත් කර ඇති බව අනාවරණය විය. මෙම සමාගම මගින් උපදේශන දේවා සපයන අතර සමාගම වෙත පැමිණෙන ගනුදෙනු කරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අවශ්‍යතා අනුව නීති උපදෙස් ලබා දීම සිදුකරයි. මෙහි ප්‍රධාන විධායක ලෙස සුජානි බෝගොල්ලාගම ද, ගණකාධිකාරිනිය ලෙස දිල්රුක්ෂි මහානාම ද, කටයුතු කර ඇති අතර සමාගම සම්බන්ධයෙන් හා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මොවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරන ලදී.

එහිදී ඔවුන් අනාවරණය කෙළේ උපදේශන සේවා ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනු කරුවන් හට ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියා කරමින් සේවා සපයන බවයි. සේවාව සැපයීමෙන් පසු ඒ සඳහා අයකළ මුදල් ප්‍රමාණය දක්වමින් ඉන්වොයිස් පත්‍ර අදාල සේවා දායකයන් වෙත යොමු කරන අතර එසේ මෙම එන්.ආර්. කන්සල්ටන්සි සමාගම මගින් දෙන ලද සේවා සඳහා නිකුත් කරන ලද ඉන්වොයිස් පත්‍ර 25 ක් පිලිබඳ විස්තර පහත පරිදි සමාගමේ අධ්‍යක්ෂකවරු විසින් ඉදිරිපත් කරන ලදී.

ගැහිලි තොගයෙන් බිඳක්..

01) එස්.එන්.එස්. කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත ඔවුන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාව තුල ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් දළ විශ්ලේෂණය කිරීමට අදාලව සේවා සැපයීම සම්බන්ධයෙන් 2013.05.20 දින ලක්ෂ 13 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

02) බොස්ටන් කැපිටල් ආයතන වෙත ආරුගම්බේ රිසෝට් නමැති හෝටලයක් ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිලියෙල කර දෙමින් සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.10.06 දින රු. ලක්ෂ 70 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

03) බොස්ටන් කැපිටල් ආයතනය වෙත හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ අංගනයක් ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තා පිළියෙල කර දීමට අදාලව සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.02.05 දින රු. 17 ලක්ෂ 13600 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

04) බොස්ටන් කැපිටල් ආයතනය වෙත යාල ප්‍රදේශයේ විශ්ටා නේචර් රිසෝට් නමැති හෝටලයක් ඉදිකිරීමට අදාලවන ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කර දීමට සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.10.01 දින රු. 39 ලක්ෂ 60,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

05) බොස්ටන් කැපිටල් ආයතනය වෙත සීගිරිය ප්‍රදේශයේ එලිෆන්ට් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයක් ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කර දීම සඳහා සේවා සැපයීම් සම්බන්ධයෙන් 2012.07.112 දින රු. 51 ලක්ෂ 25,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

06) අයිකන්බීස් ඉන්වෙස්මන්ට් ආයතන වෙත මියන්මාර් රටේ කෘෂිකර්මයේ ආයෝජනය හා වෙළෙඳපොල සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිලියෙල කර දීම සඳහා සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.05.10 දින ඇ. ඩො. 19 ලක්ෂ 65,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

07) අයිකන්බීස් ඉන්වෙස්මන්ට් ආයතන වෙත මියන්මාර් රටේ කෘෂිකර්මයේ ආයෝජනය හා වෙළෙඳපොල සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිලියෙළ කර දීම සඳහා සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.06.20 දින ඇ. ඩො. 27,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

08) අයිකන්බීස් ඉන්වෙස්මන්ට් ආයතන වෙත මියන්මාර් රටේ කෘෂිකර්මයේ ආයෝජනය හා වෙළෙඳපොල සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිලියෙල කර දීම සඳහා සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.05.10 දින ඇ.ඩො. 77,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

09) අයිකන්බීස් ඉන්වෙස්මන්ට් ආයතන වෙත මියන්මාර් රටේ කෘෂිකර්මයේ ආයෝජනය හා වෙළෙඳපොල සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිලියෙල කර දීම සඳහා සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.07.02 දින ඇ.ඩො. 30,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

10) ඊ.ඇන්. සදර්න් පුද්ගලික ආයතනය ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.01 දින රු. 100279.80 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

11) ගවර්ස් කොපරේට් ආයතන ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.02 දින රු. 109133.47 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

12) ඒ.කේ.ටුවර්ස් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.03 දින රු. 109133.47 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

13) සීමෙක්ස් සිලෝන් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.04 දින රු. 110287.30 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

14) මොන්ගරෝ රිසෝට් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.05 දින රු. 99708.67 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

15) රෙඩ් කැබ්ස් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.01 දින රු. 107408.45 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

16) යුරෝ නිපොන් එන්ටර්ප්‍රයිසස් ආයතනය ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.02 දින රු. 100279.87 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

17) වෙරිට් කන්සල්ටන්සි පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.04 දින රු. 100279.87 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

18) සන්වේ ප්‍රොපටීස් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.05 දින රු. 101136.67 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

19) සෙත්මිනි ට්‍රැවල්ස් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.09.01 දින රු. 100565.47 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

20) සකී හෝල්ඩිං පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.01 දින රු. 100279.87 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

21) ගවර්ස් සොලූෂන්ස් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.03 දින රු. 110858.50 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

22) ඒෂියා නිපෝන් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.04 දින රු. 108562.27 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

23) කේජු සිලෝන් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.05 දින රු. 109133.47 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

24) බ්ලූ කැබ්ස් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාලව 2013.01.01 දින රු. 110858.50 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

25) ඉන්දියානු ට්‍රයිමැක්ස් අයි.ටී. ආයතනය මගින් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට තිබූ පරිඝනක දත්ත ගබඩා කිරීමේ ව්‍යාපෘතියකට අදාලව ශක්‍යතා අධ්‍යයන සිදුකිරීමට අදාලව 2013.01.01 දින රු.  24 ලක්ෂ 1500 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

ඉහත සඳහන් ගණුදෙනු අවස්ථා වල ව්‍යාපාර ලියාපදිංචියට අමතරව විවිධ ව්‍යාපෘති සඳහා ලබා දෙන ලද උපදේශන සේවා සම්බන්ධයෙන් වූ ඉන්වොයිසියන් පිලිබඳව සමාගමේ අධ්‍යක්ෂවරු වන සුදර්ශන බණ්ඩාර ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායකත් සමාගමේ සාමාන්‍යාධිකාරිනිය වන සුජානි බෝගොල්ලාගමගේ හා ගණකාධිකාරිනිය වන දිල්රුක්ෂි මහානාම ඇතුළු අනෙකුත් සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී එම ගනුදෙනු නිසි ලෙස සිදු වූ ගනුදෙනු බවට සඳහන් කළ අතර එය තහවුරු කිරීම සඳහා ලේඛන හා ගිණුම් වාර්ථාවන්ද ඉදිරිපත් කරන ලදී.

විසි පහකින් සාක්කි සහිත හතරක්…

නමුත් සමාගමේ ක්‍රියාකාරිත්වය හා උපදේශන සේවා සැපයීමේ ක්‍රියාවලියේදී අනුගමනය කර ඇති ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඉහත සඳහන් ගනුදෙනු වලට සම්බන්ධ පුද්ගලයන් හා සමාගම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලදී. එහිදී ඉහත සඳහන් ගනුදෙනු අවස්ථා 4 කට අදාලව ගරු නීතිපති තුමාගේ උපදෙස් පරිදි වෙන වෙනම විමර්ශන සිදුකරන ලදී. එම ගනුදෙනු අවස්ථා නම්,

01) බොස්ටන් කැපිටල් ආයතන වෙත ආරුගම්බේ රිසෝට් නමැති හෝටලයක් ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිලියෙල කර දෙමින් සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.10.06 දින රු. ලක්ෂ 70 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

02) බොස්ටන් කැපිටල් ආයතනය වෙත හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ අංගනයක් ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තා පිළියෙල කර දීමට අදාලව සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.02.05 දින රු. 17 ලක්ෂ 13600 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

03) බොස්ටන් කැපිටල් ආයතනය වෙත යාල ප්‍රදේශයේ විශ්ටා නේචර් රිසෝට් නමැති හෝටලයක් ඉදිකිරීමට අදාලවන ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කර දීමට සේවා සැපයීම සම්බන්ධයෙන් 2012.10.01 දින රු. 39 ලක්ෂ 60,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම.

04) බොස්ටන් කැපිටල් ආයතනය වෙත සීගිරිය ප්‍රදේශයේ එලිෆන්ට් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයක් ඉදිකිරීමට අදාලව ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කර දීම සඳහා සේවා සැපයීම් සම්බන්ධයෙන් 2012.07.112 දින රු. 51 ලක්ෂ 25,000 ක ඉන්වොයිස් පත්‍රයක් නිකුත් කිරීම. වේ

ඉහත සඳහන් ගනුදෙනු වල මුළු මූල්‍ය වටිනාකම රු. මිලියන 177,98,600 ක් වේ.

‘ඔක්කොම බොරු..‘ බොස්ටන් කැපිටල් හිමිකරු රොහාන් අබේ ඊරියගොල්ලගේ පාපෝච්චාරණය

මෙම ගනුදෙනු සිදුකළ බොස්ටන් කැපිටල් සමාගමේ අයිතිකරු වන රොහාන් අබේ ඊරියගොල්ල ගෙන්වා විමර්ශන සිදුකරන ලදී. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් බොස්ටන් කැපිටල් සමාගමෙන් මුදල් ගෙවූ ආකාරය හා ඒ සඳහා සමාගම මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් එම සමාගමේ ගිණුම් විස්තර පරීක්ෂා කරමින් විමර්ශන කරද්දී ඇති වූ සැකය මත සමාගමේ අයිතිකරු වන රොහාන් අබේ ඊරියගොල්ලගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන ලදී.

එහිදී රොහාන් අබේ ඊරියගොල්ල විසින් අනාවරණය කෙළේ ඔහුගේ බොස්ටන් කැපිටල් සමාගම මගින් එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති ඉහත කී ඉන්වොයිසියන්ට ආදලව කිසිදු ගනුදෙනුවක් සිදු නොකළ බවයි. ඒවා එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගම විසින් ඉහත පරිදි ඉන්වොයිස් ඉදිරිපත් කරමින් එම සමාගම ඔහු සමග ගනුදෙනු සිදුකළ බව පෙන්වීම සඳහා ව්‍යාජව පෙන්වන ලද ගනුදෙනු බවද රොහාන් අබේ ඊරියගොල්ල අනාවරණය කෙළේය.

මෙම ඊරියගොල්ල වැඩි දුරටත් පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා හඳුනා ගැනීමෙන් පසු ඔහු කළ දැනුම් දීමක් මත 2012 වර්ෂයේ අගභාගයේ දිනක ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැති අය එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගමේදී හමුවූ බවයි. එහිදී ඉන්දික ප්‍රභාත් කරුණාජීව විසින් රුපියල් මිලියන 15 ක මුදලක් ලබා දී එම මුදල බොස්ටන් කැපිටල් සමාගම තුලට ඇතුළු කර නැවත එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට උපදෙස් දුන් බවයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බලය හේතුවෙන් මෙම ක්‍රියාව සඳහා සම්බන්ධ වූ බවත්, ඒ අනුව ලබා දෙන ලද උපදෙස් අනුව ක්‍රියා කරමින් එම මුදල බොස්ටන් කැපිටල් ආයතනයේ යූනියන් පෙදෙසේ පිහිටි නේෂන් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් අංක 0061106000421 දරණ ගිණුමට බැර කර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ එන්.ආර්.සමාගමින් සේවා පහසුකම් ලබා ගන්නා මුවාවෙන් නැවත එන්.ආර්.සමාගමෙන් ඉදිරිපත් කරන ලද ඉන්වොයිස් පත්‍ර වෙනුවෙන් පහත පරිදි ලබා දීමට ක්‍රියා කර ඇති බව අනාවරණය කරන ලදී.

පලමු ඉන්වොයිසිය සඳහා 2012.07.24 දින රු. 15,000,000 හා 2012.09.17 දින රු. 3,625,000 ක්ද,

දෙවන ඉන්වොයිසිය සඳහා 2012.10.05 දින රු. 3,960,000 ක්ද,

තුන්වන ඉන්වොයිසිය සඳහා 2012.10.12 දින රු. 7,000,000 ක්ද,

හතරවන ඉන්වොයිසිය සඳහා 2013.02.18 දින රු. 1,713,000 ක්ද 

වශයෙන් එන්.ආර්.සමාගමේ කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකු ගිණුම් අංක 033693240118 දරණ ගිණුමටද එම සමාගමේම කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුම් අංක වෙතද මුදල් ගෙවා ඇත. 

මේ අයුරින් ඉදිරිපත් කරන ලද අනෙකුත් ඉන්වොයිසි වලට අදාල ගනුදෙනුත් ඉහත සඳහන් පරිදි ව්‍යාජව ඉදිරිපත් කරන ලද ගනුදෙනු බවට සැක මතුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුකරමින් පවතී.

ඉහත කී ඉන්වොයිසි වල සඳහන් කර ඇති ව්‍යාපෘති වාර්තාවන්ද ගනුදෙනුවක් සිදුවූ බව ඇඟවීම සඳහා රොහාන් අබේ ඊරියගොල්ල වෙත ලබා දුන් ඒවා බවද එවැනි කිසිදු ව්‍යාපෘතියක් තමන් ක්‍රියාත්මක කර නොමැති බවද ඔහු විසින් අනාවරණය කර ඇත. මෙම ව්‍යාපෘති පිලියෙල කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී නදීශ වික්‍රමරත්න නමැති අය විසින් මෙම වාර්තාවන් පිලියෙල කර ඇති බව අනාවරණය විය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් හා සුජානි බෝගොල්ලාගම විසින් ලබා දෙන ලද උපදෙස් අනුව විවිධ ව්‍යාපෘති වාර්තාවන් පිලියෙල කර දුන් බව අනාවරණය කරන ලදී. ඒ සඳහා ඔහුගේ පළපුරුද්ද හා අන්තර්ජාලය මගින් ලබා ගන්නා විස්තර උපයෝගී කර ගත් බව හා කිසිදු අවස්ථාවක අදාල ගනුදෙනු කරුවෙකු හමු නොවූ බවද අනාවරණය කරන ලදී. ඒ අනුව මෙම ව්‍යාපෘති වාර්තාවන් පිලියෙල කිරීම සඳහා යොදා ගන්නා ලද පරිගණකය පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග මත ස්ර්ට් ආයතනය වෙත යොමු කර ඇත. වාර්තාව මෙතෙක් ලැබී නොමැත.

රොහාන් අබේ ඊරියගොල්ල විසින් අනාවරණය කරන ලද තොරතුරු අනුව බොස්ටන් කැපිටල් ආයතනයේ හා එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ අදාල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී මෙම මුදල් හුවමාරුව සිදුවී ඇති බවට තහවුරු වී ඇත.

මෙම ව්‍යාපෘති වාර්ථාවන් සඳහා අය කළ යුතු මුදල් සම්බන්ධයෙන් ඉන්වොයිසි පිලියෙල කිරීමේදී සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ හා සුජානි බෝගොල්ලාගමගේ උපදෙස් පරිදි පිළියෙල කර ඉදිරිපත් කළ බවට ගණකාධිකාරිනිය වන දිල්රුක්ෂි මහානාමගේ ප්‍රකාශයේ දී අනාවරණය කර ඇත. තවද ඇගේ ප්‍රකාශයේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම ගවර් වීදියේ ඇති එන්.ආර්.කන්සල්ටන්සි වෙත පැමිණෙන බවද ගනුදෙනු මෙහෙයවන බවද ප්‍රකාශ කර ඇත. මෙහිදී සටහන් කරන ලද ප්‍රකාශයන් අනුව ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැති අය නිතර නිතර එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම වෙත පැමිණෙන බවත්, එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හමුවන බවත් අනාවරණය වී ඇත.

කට්ටි පනින බංගලාදේශ ජාතික අහමඩ් අල් සමාන්

මෙකී එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම 2013.06.13 දින බංගලාදේශ ජාතිකයෙකු වන අහමඩ් අල් සමාන් නමැත්තෙකුට රුපියල් මිලියන 50 කට අලෙවි කර කොටස් අයිතිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මාරු කර ඇත. නමුත් සමාගම මිලදී ගත් දින සිට මේ දක්වා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අහමඩ් අල් සමාන් විසින් වෙනස් කර නැත. මේ ගනුදෙනුව සිදුවූ දිනට පසු දින එනම් 2013.06.14 දින හෙලෝකොප් නමැති සමාගම රුපියල් මිලියන 100 කට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබේ. ඉහත මිලියන 50 ක මුදලද ලැබුනු ආකාරය අහමඩ් අල් සමාන් විසින් මේ දක්වා පෙන්වීමට අපොහොසත් වී ඇත. ඒ අනුව මෙම හෙලෝකොප් නමැති සමාගම මිලදී ගැනීම සඳහා යොදා ගන්නා ලද මුදල් ලැබුණු ආකාරය පිලිබඳව සැක මතු වී තිබේ.

ඒ අනුව සිදුකරන ලද විමර්ශන වලදී මෙම රොහාන් අබේ ඊරියගොල්ල විසින් අනාවරණය කරන ලද තොරතුරු අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අවශ්‍යතාවය මත රුපියල් මිලියන 15 ක මුදල රොහාන් අබේ ඊරියගොල්ල විසින් ඉන්දික ප්‍රභාත් කරුනාජීවගේ උපදෙස් පරිදි විශුද්ධ කරණය සිදුකර ඇති බවටත්, ඒ සඳහා එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ සිට ලේඛන පිලියෙල කරමින් හා ගනුදෙනු කරුවන් හසුරුවමින් අධ්‍යක්ෂකවරු ලෙස කටයුතු කළ සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක යන දෙදෙනා සමග සුජානි බෝගොල්ලාගම විසින් ඊට ආධාර අනුබල දී ඇති බවටද තහවුරු විය.

මේ අනුව සිදුකළ විමර්ශන වලට අදාල උධෘත ගොනු ගරු නීතිපති තුමා වෙත යොමු කිරීමෙන් පසු ගරු නීතිපතිතුමා විසින් ලබා දෙන ලද උපදෙස් මත 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 4 වන වගන්තියේ ඇති ප්‍රතිපාදන අනුව මෙම විශුද්ධිකරණය සඳහා යොදා ගන්නා ලද රුපියල් මිලියන 15 ක මුදල යම් නීති විරෝධී ක්‍රියාවකින් උපයා ගන්නා ලද මුදලක් බවට පූර්වානුමැතියකින් යුතුව මෙහි සැකකරුවන් සම්බන්ධයෙන් පහත පරිදි වරදවල් සිදුකර ඇති බවට වාර්තා කරමි.

ඒ අනුව රොහාන් අබේ ඊරියගොල්ලගේ ප්‍රකාශයෙන් අනාවරණය කරන ලද රුපියල් මිලියන 15 ක මුදල සම්බන්ධයෙන් නීතිපති තුමාගේ උපදෙස් පරිදි ක්‍රියා කරමින් මෙම එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ අයිතිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා විසින් හා ඉන්දික ප්‍රභාත් කරුණාජීව (අධිකරණය මග හැර එංගලන්තයට පැන ගොස් සිටී) විසින් ඉහත සඳහන් මුදල විශුද්ධිකරණය කර ඇති බවටත්, සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ක්‍රියා කරන ලද සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක හා සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ පවිත්‍රා සුජානි බෝගොල්ලාගම යන අයවලුන් කුමන්ත්‍රණය කිරීමේ පදනම මත මෙම කාර්ය සඳහා ආධාර අනුබල දෙමින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ) සහ 102 සමග කියැවෙන 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත වාර්තා කරමි.

ඒ අනුව අනාවරණය වූ තොරතුරු මත ඉහත වරදවල් වලට අදාලව රුපියල් මිලියන 15 ක මුදලක් විශුද්ධිකරනය කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යන අය හා ඉන්දික ප්‍රභාත් කරුණාජීව (අධිකරණය මග හැර එංගලන්තයට පැන ගොස් සිටී) යන අයත් ඊට ආධාර අනුබල දීමේ වරදට සුදර්ශන බණ්ඩාර ගනේගොඩ නිත්‍යා සේනානි සමරනායක හා සුජානි බෝගොල්ලාගම යන අයවලුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගෙන්වා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු වරද කියා දී අත් අඩංගුවට ගන්නා ලදී අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අද දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරමි.

මෙම විමර්ශනයට අදාලව එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගමෙන් ලබාදෙන ලද ඉන්වොයිස් 25 න් ඉහත සඳහන් කළ ඉන්වොයිසියන් 4 ට අමතරව අනෙකුත් ඉන්වොයිසියන් සඳහා වූ ගනුදෙනු ද සැක සහිත ගනුදෙනු බවට අනාවරණය වෙමින් පවතී. අනෙකුත් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලදී වැඩි වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් විදේශයන්ගෙන් පැමිණ ඇති බවටද අනාවරණය වී ඇත. මෙම එන්.ආර්.කන්සල්ටන්සි පුද්ගලික සමාගම මිලදී ගත් බව කියන අහමඩ් අල් සමාන් නමැත්තාගේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවීම් කළද මෙම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බලපෑම් මත නොපැමිණෙන බවටද සැක මතු වී ඇත. එබැවින් මෙම ඉදිරිපත් කරන ලද සැකකරුවන් හට ඇප ලබා දුනහොත් සිදුකරනු ලබන අනෙකුත් විමර්ශන කටයුතු සඳහා හා සාක්කි කරුවන්ට බලපෑම් සිදුකළ හැකි බැවින් මොවුන් 2016.08.29 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

(ලංකා ඊ නිව්ස් )

(උප සිරස්තල පමණක් බී වාර්තාවේ ඇති ඒවා නොව ලංකා ඊ නිව්ස් විසින් පාඨක පහසුව සඳහා ඇතුලත් කළ ඒවා බව කරුණාවෙන් සලකන්න.)

Archive

Latest news

Related news