Monday, May 20, 2024

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව ඉදිරියට

( සැකකරුවන් අධිකරණයට ගෙන ඒම)

2010 ජනවාරි 25 වන දින මාධ්‍යවෙ‍‍‍දි ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් අතුරදන් කලේ යැයි සැක පිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගිරිතලේ තුන්වෙනි සන්නද්ද බුද්ධි බලකා කදවුරේ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පසුගිය 10 වන දින හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක යුධ හමුදාපතිවරයාට නියෝග කර සිටියේ 2010 ජනවාරි මස අක්කරෙයිපත්තු යුධ හමුදා කදවුරට පැමිණි සහ පිටවු වාහන වල තොරතරු රහස් පොලිසියට භාර දෙන ලෙසයි.

ඒ අනුව නැවත වරක් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානාදයක මහතා යුධ හමුදාපතිවරයාට නියෝග කර සිටියේ 2016 ජනවාරි මස අක්කරෙයිපත්තු යුධ හමුදා කදවුරට පැමිණි සහ පිටවු වාහන වල තොරතුරු සහ එම නඩුවට අදාල අනෙකුත් ලේඛණ රහස් ‍පොලිසියට භාර දෙන ලෙසයි.

2010 ජනවාරි මස 25 වන දින එක්නැලිගොඩ මහතා පැහැරගත් සැකකරුවන් 26 වන දින අක්කරෙයිපත්තුවට රැගෙන ගිය බවට සහ එදින මින්නේරිය යුධ හමුදා ඉන්ධන පිරවුමහලෙන් ඉන්ධන ලබා ගත් යැයි කියන නව වන සැකකරුගේ අත්සන ඔහුගේම අත්සන දැයි තහවුරු කර ගැනිමට රජයේ රස පරික්ෂකවරයාට යොමු කරන ලෙසට නියෝග ලබා දෙන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරින් ශානි අබේසේකර මහතා අධිකරණයෙන් කළ ඉල්ලිමකට අනුව අදාළ කරුණු සලකා බලා මහේස්ත්‍රාත් රංග  දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කර ති‍බිණි.

2010 ජනවාරි 26 වන දින මින්නේරිය යුධ හමුදා ඉන්දන පිරවුමහලේ නව වන සැකකරුට අයත් 48597 දරණ යුධ හමුදා වාහනයට ඉන්ධන ලබා ගත් බවට යෙදු අත්සන හැර අනෙක් සියලු අත්සන් පමණක් තමන්ගේ බවට එදින එම ඉංධන පිරවුම හළ භාරව සිටි මෙජර් වික්‍රමආරචචිගේ රෝහණ වික්‍රමසිංහ නැමති නිළධාරියා පිළිගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව් උප පොලිස් පරික්ෂක ප්‍රෙමතිලක මහතා ඊයේ දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම දෙන ලදි.

මෙහි දෙවන සැකකරැ ලුතිනන් කර්නල් ප්‍රබෝද සිරිවර්ධන පසුගිය දා (2016 මැයි 27) රුපියල් ලක්ෂ 20ක මුදල් ඇප සහ  රුපියල් ලක්ෂ 60 බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරි අතර මිට අමතරව ඔහුට සෑම සතියේ ඉරු දිනකම උදෑසන 09 ත් 12 ත් අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තු‍වේ පෙනි සිටි අතර ඔහුට අයත් විදේශ ගමන් බලපත්‍රයද එදින හෝමාගම මහේස්තාත් අදිකරණයේ භාරයට ගනු ලැබිණි. ඊයේ දිනද සැකකරු මෙම නඩුව සදහා අධිකරණයේ පෙනි සිටින ලදි. මෙම සැකකරු සම්බන්ධයෙන් නඩුව අගෝසතු මස 09 වන දිනට කල් තබන ලදි.

මෙම කරැණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළ අතර සැකකරුවන් මෙම මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ‍ලදි.මෙහි දෙවන සැකකරු වන ලුතිනන් කර්නල් ප්‍රබෝද සිරිවර්ධන ලබන අගෝස්තු නව වන දිනට අධිකරණයට කැදවිමට නියෝග කරන ලදි.

මෙම පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ උප පොලිස් පරික්ෂක ප්‍රේමතිලක මහතා ඇතලු නිළධාරින් පෙනි සිටින ලදි.

-සටහන හා ඡායාරූප ගොඩගම පි‍්‍රයංගි ජයසිංහ / දිනමිණ

Archive

Latest news

Related news