Saturday, April 27, 2024

පිපිරුම් අස්සේ මගුල් කතා කිරීම – සුනිල් ජයසේකර

අව්ස්සාවෙල්ල, කොස්ගම, සාලාව යුධ හමුදා ක`දවුරේ පතරොම් ගබඩාව පුපුරා යාමේ අනපේක්ෂිත විපත නිසා සිදුව ඇති විනාසය අති මහත් බව පැහැදිළිය. එමගින් යුද හමුදාවට සිදුව ඇති හානීය රුපියල් කෝටි සිය ගණනකි. ඒ හා සමාන බලවත් විපතක් මහජනතාවට ද සිදුවී තිබේ. ක`දවුරේ සිට කිලෝමීටර් එකක සීමාව තුළ පිහිටි ග‍්‍රාමසේවා වසම් නමයක පවුල් එකසිය අසූහයකට අයත් එක්දහස් එකසිය විසිදෙනෙකු පමණ මේ හේතුව නිසා බලවත් ලෙස විපතට පත්ව ඇති අතර ඒ අවට ගම්වල තවත් විශාල පිරිසක් ද පිපිරීම වූ දින රාත‍්‍රියේ අවතැන් විය. එයට අමතරව ක`දවුරේ සිට කිලෝමීටරයක සීමාව තුළ පිහිටි නිවාස වලින් සියයට තිහක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ඉතිරි සියයට හැත්තෑවක් පමණ වූ නිවාස වලට ද අර්ධ හානි සිදුවී ඇති බව මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව සිදුව ඇති විපතෙහි තරම තේරුම් ගත හැකිය. මේ පිළිබ`දව ආරක්ෂක අමාත්‍යාංශය විපතට පත් සිය`එ දෙනා වෙත බලවත් කණගාටුව පළකර ඇති අතර යම් පාර්ශවයක් හෝ පුද්ගලයන් වෙත මෙම සිදුවීම හේතුවෙන් සිදුව ඇති අලාභහානී හෝ අනතුරු පිළිබ`දව ඔවුන්ගේ බලවත් කණගාටුව ද පළකර තිබේ. එමෙන්ම හානී වූ සිය`එම දේපල හා නිවාස ස`දහා විධිමත් ආකාරයකින් වන්දි ලබාදෙන බවට ද පොරොන්දුවක් ලබා දී ඇත. එමෙන්ම මෙම සිදුවීමට තුඩු දුන් හේතු සොයා බලා වාර්තා කිරීමට ජාතික ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි යුද හමුදාපතිවරයා විසින් මූලික පරීක්ෂණ උසාවියක්ද පත්කිරීමට කටයුතු යොදා ඇතිබව හා එයට අමතරව ති‍්‍රවිධ හමුදාවන්හි ඉහළ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් ද පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ස`දහන් කරයි.

මෙම තත්වය තුළ ඉතා පැහැදිලි ලෙස පෙනීයන කරුණක් වන්නේ මෙවැනි විපතකින් පසු ඒ ස`දහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගතයුතු සෑම පාර්ශවයක්ම තම වගකීම් හා කාර්යභාරයන් නිසි පරිදි ඉටුකිරිම ස`දහා ක‍්‍රියාකරමින් ඇති බවය. විපතකදී වුවද එය ඉතා සාධනීය තත්වයකි. එමෙන්ම වගකීමකින් යුතුව ක‍්‍රියාකරන පාර්ශවයන් වෙතින් පමණක් අපේක්ෂා කළ හැකි තත්වයකි. ඒ බව පැහැදිළි වන්නේ රටේ යුද හමුදාවට සහ සාමාන්‍ය ජනතාව ඇතුළත් පවුල් විශාල සංඛ්‍යාවකට මෙවන් විපතක් සිදුව ඇති මොහොතකදී මේ රටේ බංකොලොත් දේශපාලන ව්‍යාපාරයන් හා අවස්ථාවාදී දේශපාලකයන් හැසිරෙමින් ඇති පහත් ආකාරය සැලකිල්ලට ගන්නා විටය.

සොල්දාදුවෙකුගේ ජීවිතය ද අහිමි කරවමින් ශ‍්‍රී ලංකා යුද හමුදාවට හා කොස්ගම වැසියන් විශාල ප‍්‍රමාණයකට දැවැන්ත විපතක් සිදුව තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානයක්කාර මහතා ප‍්‍රකාශ කර ඇත්තේ වෙඩි බෙහෙත් ගබඩා පිපිරෙන්නේ ආණ්ඩුවේ අභාග්‍යයට බවය. තමන් පොල් ගසන්නේ එවැනි ආණ්ඩුවක් කම්බස් කරවීමට යැයි ද වාසුදේව මහතාගේ ප‍්‍රකාශයක වැඩිදුරටත් සඳහන් වී තිබේ.

වාසුදේව මහතා කියන විදියට වෙඩි බෙහෙත් ගබඩා පිපිරෙන්නේ ආණ්ඩුව නිසා නම් ලෝකයේ අනෙකුත් රටවල ද මෙවැනි අනතුරු අතිවිශාල සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මේ ආණ්ඩුව නිසා විය යුතුය. සාමාන්‍යයෙන්  ඕනෑම රටක මෙවැනි අනතුරු සිදුවිය හැකි අතර 1998 වසරේ සිට 2011 කාලය අතරතුර පමණක් ලෝකය පුරා සිදුව ඇති මේ ආකාරයේ අනතුරු ප‍්‍රමාණය දෙසිය හැත්තෑපහක් පමණ වෙතැයි සැලකේ. ඒ ස`දහා ලබාදිය හැකි ආසන්නතම උදාහරණය වන්නේ මීට දින කිහිපයකට පමණ පෙර එනම් පසුගිය තිස්එක්වනදා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රදේශයේ යුද හමුදා අවි ගබඩාවක සිදු වූ දැවැන්ත පිපුරුමයි. එය ඉන්දියාවේ මෙන්ම සමස්ත ආසියාවෙම දෙවන විශාලතම අවිගබඩාව වන අතර එහි වූ පිපුරුමෙන් යුද හමුදා භටයන් විශාල සංඛ්‍යාවක් මිය ගිය අතර සිදුවූ දේපල විනාශය මේ වනතෙක්ම නිසි අයුරින් තක්සේරු කිරීමට ද නොහැකිව තිබේ.

මේ අතර පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද කොස්ගම අවි ගබඩාවේ පිපුරුම ගැන කර ඇති ප‍්‍රකාශය ද එක් අතකින් වගකීම් විරහිත එකක් වනවාට අමතරව අනෙක් අතට යුද හමුදාවට එල්ල කර ඇති තර්ජනයක් ලෙසද සැලකිය හැකිය. ඊයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ සාලාවේ ගින්න සෙබලූන්ගේ පිටින් යවන්න ඉඩ නොදෙන බවය. සිදුව ඇති විපතක් කිසිවෙකුගේ පිටින් යැවීමට කිසිවෙකු කටයුතු නොකළ යුතුය. එහෙත් ඒ ගැන පූර්ණ විමර්ශනයක් සිදුකිරීමේ පළමු වගකීම ඇත්තේ යුද හමුදාවටය. දෙවනුව අනෙකුත් විශේෂඥ ආයතනයන්ට ය. ගම්මන්පිල මහතා මේ කියන්නේ එම පරීක්ෂණ සිදු නොකළ යුතු බවද?  ගම්මන්පිල මහතා යනු බලය උදෙසා දේශපාලන පොරපිටියට වන් දේශපාලකයෙකු විනා මුණිවරයෙකු නොවන බව අපි දනිමු. එහෙත් දේශපාලන බල අරගලයකදී වුවද අනුගමනය කළයුතු සදාචාරයක් පවති.

දේශපාලන බලය උදෙසා සදාචාරාත්මක ලෙස පෙනී නොසිටින බලකාමීන්ට අනුව රටට සිදුවන විපතක් පවා බලය ඩැහැගැනීමට ඇති තවත් එක් මාර්ගයක් වියහැකිය. ඒ ස`දහා ලබාදිය හැකි තවත් එක් උදාහරණයක් වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින පළවූ එක්තරා පුවත්පතකට ලබා දී ඇති ප‍්‍රකාශයකි. එහිදී ඔහු ස`දහන් කරන්නේ කොස්ගම අවි ගබඩාවේ සිදුවූ පිපිරීම ගැන යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකීම බාරගත යුතු බවය. ගෝඨාභය මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරන්නේ තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටියානම් යුද හමුදාපතිවරයා තනතුරෙන් ඉවත්කරන බවයි. එහිදී අපට පැන නැගෙන්නේ එකම එක ප‍්‍රශ්නයකි. කොස්ගම සිදු වූ පිපිරීම ලංකාවේ හමුදා අවි ගබඩාවක සිදු වූ එකම එක පිපිරීම නොවේ. ශ‍්‍රී ලංකාවේ හමුදා අවි ගබඩාවක සිදුවූ දැවැන්තම පිපිරීම සිදුවූයේ 2009 වසරේදී ය. ඒ වවුනියාවේ හමුදා ක`දවුරක් තුළය. එම පිපිරීම පුරා දින තුනක් තිස්සේම පැවති අතර සිදුවූ විනාශය කොස්ගමට වඩා අති දැවැන්ත විය. එදා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කළ හමුදාපති කවුද යන්න ඒ අනුව මේ මොහොතේ රටට පැහැදිළි කළයුතුය.

දේශපාලකයන් දෙතුන් දෙනෙකුගේ හා රාජ්‍ය නිලධාරියෙකුව සිටිමින් දේශපාලනය කළ අයකුගේ මෙවැනි කතා දෙස බැලීමේදී මේ රටේ සබුද්ධික ජනතාව මේ මහත්වරුන් වෙත ලබාදිය යුතු පණිවුඩයක් තිබේ. එනම් රටට විපතක් වූ විටෙකදී මගුල් කතාකරන්න එපා යන්නයි.

– සුනිල් ජයසේකර

Archive

Latest news

Related news