Thursday, May 9, 2024

සංක්‍රාන්ති යුක්තිය: කුමක්ද ? කෙසේද ? මන්ද ? කොයිබටද ? ( රෑපමය චිත්‍රපටය)

ඉතා බරපතල ගනයේ මානව හිමිකම් උල්ලංඝනයන්  සිදු වූ අතීතයකට මුහුණු දුන් ශ්‍රී ලංකාව තුල මේ වන විට සංක්‍රාන්ති යුක්තියේ අවශ්‍යතාව දැඩි ලෙස දැනෙමින් පවතී. එවන් කාල වකවානුවක, නීති අධ්‍යයනය පිළිබඳ දකුණු ආසියානු කේන්ද්‍රය විසින් සංක්‍රාන්ති  යුක්තිය පිළිබඳ  රූපමය චිත්‍රපටයක් “ආවර්ජනා” නමින් මෙසේ එලි දක්වන බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම රූපමය චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවට සංක්‍රාන්ති යුක්තිය අවශ්‍ය වන්නේ ඇයිද යන කාරණාව පිළිබඳ හැඳින්වීමක් කෙරේ.  එසේම සංක්‍රාන්ති යුක්තියේ ප්‍රධාන කොටස් වන සත්‍ය සෙවීම, නඩු පැවරීම, හානි පූර්නය සහ යලි ඇති නොවන බවට සහතික වීම යන අංග පිළිබඳව  කෙටියෙන් ගෙන හැර දක්වනු ලබයි . ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳ සාකච්ඡා  කරමින් සහ අන්තර්ජාතික උදාහරණ යොදා ගනිමින් මෙම රූපමය චිත්‍රපටය, සංක්‍රාන්ති යුක්තියේ ඇති වැදගත්කම පිළිබඳ  අවධාරණය කරයි

වීඩ්යෝව මෙහි නරඹන්න

Archive

Latest news

Related news