Tuesday, July 16, 2024

ඊයේ ගෙදර ගිය තිලින ගමගේ ඇප බැඳ ඇත්තේ අදයි..අධිකරණ බලය ගණිකා වෘත්තියේ යොදවලා -නීතිඥ ලක්ෂාන් ඩයස් -(Video)

ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න තිලින ගමගේට නීති විරෝධී ලෙස ඇප නියම කළා පමණක් නොව ඇප ලබා දීමෙන් පසුව කරන ලද ක්‍රියාවද නීති විරෝධී බවත් එය අධිකරණ බලය ගණිකා වෘත්තියේ යෙදවීමක් බවත් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා පැවසීය.

ඊයේ ඇප ලබා දීමෙන් පසු තිලින ගමගේ ගෙදර ගියද ඔහු ඇප මුදල් බැඳ, ඇප කරුවන් ඉදිරිපත් කර ඇත්තේ අද දහවල් 1 ට පමණ ය. ලක්ෂ 25 බැගින් ශරීර ඇප 4 ක් සහ ලක්ෂ 5 ක මුදල් ඇපයක් ඔහුට නියම විය. මෙසේ ඇප මුදල් බැඳීම සහ ඇප කරුවන් ඉදිරිපත් කිරීම පසුදින කෙරෙන්නේ නම් ඒ දක්වා චුදිතයා සිටිය යුත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. නමුත් එසේ නොවී ඔහු ගෙදර ගොස් පසුදින ඇවිත් ඇප මුදල් බඳින්නේ ය.

මේ සම්බන්ධයෙන් ඊයේ තිලින ගමගේ ගේ නීතිඥයන් ඉල්ලීමක්ද කර නැතිව මේ පහසුකම ඔහුට සලසා දී ඇත්තේ ඔහුගේ ගජ මිතුරා කණිෂ්ක විජේරත්න විනිසුරුවරයා ය.

නඩුවට අදාල උදෘත අද රහස් පොලිසිය ඉල්ලා ඇතත් ඒවාද ලබා නොදුන් විනිසුරු කණිෂ්ක විජේරත්න ඒවා ගෙදර ගෙන ගොස් තිබේ.

අද පැවැති දූෂන විරෝධී මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් දෙහි කැපූ නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේ මෙය කලින් පැවැති අවනීතියේ යුගයට යලි යෑමක් බවයි. කණිෂ්ක විජේරත්නගේ ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයාද අධිකරන සේවා කොමිසමද පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි නීතිඥවරයා කියා සිටියේ ය.

– ලංකා ඊ නිව්ස්

ලක්ෂාන් ඩයස් මහතාගේ ප්‍රකාශය පහතින්

Archive

Latest news

Related news