Monday, May 6, 2024

උතුරේ යළි පදිංචි කිරීම් සඳහා ඉඩම් හඳුනා ගැනීම ජුනි 03දාට අවසන් කරන්න – ජනපති

උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ලබන සිකුරාදා (ජූනි මස 03 වනදා) වන විට අවසන් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් පෙන්වීමේ කටයුතු ද මෙම ජූනි මාසයට පෙර අවසන් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් අයි.එච්.කේ. මහානාම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.
PMD News

Archive

Latest news

Related news