Thursday, May 2, 2024

රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් හැදුවේ දුෂිතයන් රකින්නද?

ආර්.ඒ.ඒ.කේ.රණවක ට අලුත් පත්වීම දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. ‘වගකීම් පැහැර හැරලා‘ — කොමිෂන් සභාවක් හැදුවේ දුෂිතයන් රකින්නද? කැෆේ අසයි.

අමාත්‍යාංශ ලේකම් විසින් අනිවාර්ය නිවාඩු යවා සිටි ආර්.ඒ.ඒ.කේ රණවක අතිරේක ලේකම් පත්වීමක් ලබා දී පත්වීමක් දී අලුත් තැනක හංගන්නට කටයුතු කර ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විළිලැජ්ජාවක් ඇත්නම් ඉල්ලා අස්වී ගෙදර යා යුතු යැයි නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය පවසයි.

කැෆේ සංවිධානය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් දඩල්ලගේ මහතා ගෙන් ‘මේ රණවක ඒ රණවක ද? ආසා යොමු කළ ලිපියට පිලිතුර ලෙස පවසන්නේ ‘මෙම නිලධාරියා 2015.04.22 දින සිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිම හේතුවෙන් ආයතන සංග්‍රහයේ XLV111 පරිචිඡේදයේ 27.7 වගන්ති ප්‍රකාරව එදින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ ලේකම් විසින් අනවාර්ය නිවාඩු යවා ඇති අතර රාඡ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පසුව මෙම නිලධාරියා නැවත සේවයේ පිහිටුවා වෙනත් අමාත්‍යංශයකට ස්ථාන මාරු කරන ලෙස නියේග කර ඇත. යනුවෙනි.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා තම ලිපියෙන් තවදුරටත් ආනාවරණය කරනු යේ රණවක මහතා ‘‘ප්‍රාථමික කර්මාන්ත අමාතයංශයේ අතිරේක ලේකමි තනතුරට ස්ථාන මාරැ කර ඇති අතර නැවත වාරිමාර්ගික හා ඡලසමිපත් කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති අතිරේක ලේකමි තනතුරක පුරප්පාඩුවක් සදහා ඔහුගේ ඉල්ලිම පරිදි ස්ථාන මාරු කර ඇත ඒ සදහා රාඡ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියද ලබාදි තිබේ. යනුවෙන සඳහන් කරමිනි.

ඒ අනුව චෝදනා ලැබූ පුද්ගලයින් ට නව තනතුරු සදහා පත් කරනු ලබන්නේ ද, ඉන් පසුව එම නිලධාරීන්ගේ අවශ්‍යතාව මත ඔවුන් කැමති ස්ථාන සදහා ස්ථාන මාරුවීම් ලබා දෙන්නේ ද ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව‘ විසින්ම බවත් පැහැදිලි වේ.

රාජ්‍ය සේවා කොමිසන් සභාව සහ වත්මන් රාජ්‍ය සේවයේ තීරණාත්මක ස්ථානයන් හි සේවය කරන පිරිසක් විසින් සැලසුම් සහගතව, කරුණු වසන් කරමින් කටයුතු කරන බවට කදිම සාක්ෂියක් වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ‘මෙම නිලධාරියා වෙත යමි අධිකරණයක කුමන පදනමකින් නඩු පවරා ඇත්තේද යන්න පිළිබදව නිශ්චිත තොරතුරු මේ වන තෙක් අදල ආයතනයක් මගින් මෙම අමාතයංශය වෙත වාර්ථා කර නොමැති බවද කරැණිකව දන්වමු.‘ යන ප්‍ර‍කාශයෙනි.

19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කොමිෂන් සභාවකට පැවරී ඇති මුලිකම වගකීමක්වන්නේ ‘විපරම් හා ඇගයීම‘ යි. අනෙක් අතට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් පත්කළ මහජන දේපල අයථා පරිහරණය විමර්ශනය පිළිබද කැබිනට් අනු කමිටුවේ සභාපතිවරයා වූවේ ද වත්මන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකි. මැතිවරණ සමයේ මහජන දේපල අයථා පරිහරණය පිළිබද චෝදනා එල්ල වූ පුද්ගලයින් විශාල සංඛ්‍යාවකට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක නොවන අතර නඩු පවරා ඇති ආර්.ඒ.ඒ.කේ.රණවක වැනි පුද්ගලයින්ට පත්වීම් ලබාදී හංගන්නට කටයුතු කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් වහා ඉල්ලා අස්විය යුතු බව ‘කැෆේ සංවිධානයේ‘ තරයේ ප්‍ර‍කාශ කරයි.

Archive

Latest news

Related news