Monday, May 20, 2024

අනුෂ පැල්පිට පත්කිරීම ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!! – කැෆේ

2015 ජනාධිපතිවරණයේ කොල්ලකාරි  බව අමු නිරුවතින් රඟ දැක්වූ අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කිරීම කැෆේ සංවිධානය හෙළා දකී.
 
අනූෂ පැල්පිට යනු රුපියල් මිලියන 600 ක සිල් රෙදි නඩුවේ චූදිතයින් ගෙන් කෙනෙකි.  2015 මැතිවරණයේ සිදු වූ නින්දිතම, බලපෑම්කාරීම සහ වැඩිම අවධානයට යොමු වූ මහජන දේපල අයථා පරිහරණය යි. 
 
මෙම පත්වීම තුලින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා ඇත්තේ තමන්ගේ ලැජ්ජා නැතිකම පමණක් නොවේ.  පරිපාලන හා මුල්‍ය රෙගුලාසි නෙතකා ‘හොරුන් බේරාගන්නට‘ අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට ඇති කැපවීමයි.  මෙම නඩුවේ චෝදනා ගොනු කිරීමේ දී චූදිතයින් බේරා ගැනීමට එල්ල වූ දේශපාලන බලපෑම් පිළිබදව ද අප සංවිධානය හොදින් දැනුවත්ය.
 
ජනාධිපති සහ අගමැතිවරයාගෙන් කැෆේ සංවිධානය විමසන්නේ මෙවැනි ලැජ්ජා සහගත පත්වීමක් කරන්නට ‘යහපාලන රජයට‘ කැතක්, පිළිකුලක් නැතිද? යන්න පමණී.

Archive

Latest news

Related news