Monday, May 6, 2024

සූජීව සේනසිංහ රජයේ ආධාරවලට තමන්ගේ රූපයත් අලවලා

(වෙළද රාජ්‍ය ඇමැති පිංතූරය ඇලවූ සහනාධාර)

ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර පිණිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කිරීමට සූදානම්කරන ලක්ෂ 200කට ආසන්න භාණ්ඩ තොගයක් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සිය ඡායාරූපයක් ඇලවූ මලුවල අසුරා බෙදා දීමට සූදානම් වන බව ලංකා ට්රුත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔහු මේ බව සනාත කරමින් සිය Facebook පිටුවටද එහි ඡායාරූප කිහිපයක් එක් කර තිබේ.

ඔහු සිය Facebook පිටුවට මෙම ඡායාරූප එක්කරමින් පවසා ඇත්තේ තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ විපතට පත් ජනතාව සදහා ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්ක බවත් මේ සඳහා මේ වනවිටත් ලැබී ඇති ලක්ෂ 200කට ආසන්න භාණ්ඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකකය හරහා බෙදා දීමට කටයුතු කර ඇති බවත්ය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සියලුම රාජ්‍ය නිලධාරීන්, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් ගත වූ දින පහ තුළම නොනවත්වා තමාගේ මෙම පෞද්ගලික කටයුතුත සඳහා ක්‍රියාත්මකව සිටි බවද ඔහු එහි පවසයි.

ලංකා ට්රුත් වාර්තා කරන  අන්දමට මෙම බඩු තොගය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණු ඒවා වන අතර එසේ නොවුනත් මොහු සඳහන් කර ඇති පරිදි සිය පෞද්ගලික දේශපාන ව්‍යාපෘතියක් වෙනුවෙන් රජයේ නිලධාරීන් දින පහ තුළ නොනවත්වාම මැදිහත්කරවාගෙන තිබේ.

එය රාජ්‍ය දේපල අවභාවිතාකිරීමක් වන අතර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන්ටද වැඩි වශයෙන් එල්ල වී ඇති චෝදනාව වන්නේද තම තමන්ගේ පෞද්ගලික දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් රජයේ සම්පත් අවභාවිතාවේ යෙදවීම සම්බන්ධයෙන්ය.

Archive

Latest news

Related news