Monday, May 20, 2024

තෙල් සංස්‌ථා ශ්‍රීලනිප සේවක සංගමයට සීල් තබයි

1977 යුගයේ සිදු වූවාට පසු දරුණුම වෘත්තීය සමිති මර්දනය ඛනිජ තෙල් සංස්‌ථාවේ ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමය සීල් තැබීම යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්‌ලි දේවේJද්‍ර මහතා අවධාරණය කර සිටී.

අප සංගමයේ ලංකා ඛනිජ තෙල් සංස්‌ථා වෘත්තීය සමිතියේ සභාපති අප මවු සංගමයේ විධායක සභික බන්දුල සමන් කුමාර සහෝදරයාගේ වැඩ තහනම් කිරීම හා ආයතනයේ අප සංගමය පරිහරණය කළ වෘත්තීය සමිති කාර්යාලයට සීල් තැබීම, සංගමයේ නිලධාරීන්ට ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම තහනම් කිරීම යන කරුණු පිළිබඳව සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද ඒ මහතා කියා සිටී.

ආයතනයේ පාලක පක්‍ෂය විසින් පසුගිය මැයි දිනයෙන් පසු දින සිදුÊකර ඇති මේ ක්‍රියාවන් පාලකයන්ට ගැති නොවන වෘත්තීය සමිති නායකයන්ගෙන් පලි ගැනීමටත් අසාධාරණයට විරුද්ධව නැගී සිටින අප වෘත්තීය සමිතිය මර්දනය කිරීමටත් ගත් ද්වේෂ සහගත නිහීන ක්‍රියාවක්‌ බව ඒ මහතා ප්‍රකාශ කරයි.

බන්දුල සහෝදරයාගෙන් පළිගැනීම සඳහා ඔහුට විරුද්ධව නැගිය හැකි චෝදනා කලක සිට සොයමින් සිටි බව අපට වාර්තා වී ඇත. එම චෝදනාවලින් ඇතැම් ඒවා මීට පෙර සිටි සියලුම වෘත්තීය සමිති නායකයන්ට ලබාදුන් වරප්‍රසාද බව සංස්‌ථාවේ සියලුම සේවකයන් දන්නා කරුණකි. එමෙන්ම මැයි දිනයෙන් පසුදිනම ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් මේ දඩයම්කරුවන්ගේ සැබෑ අරමුණු විද්‍යමාන වූ බව ද දේවේන්ද්‍ර මහතා කියයි.

මෙහිදී අපගේ අවධානය යොමු වී ඇති බරපතළම කරුණ වන්නේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව සංගමයට දැනුම් දීමක්‌ හෝ නොදී අප වෘත්තීය සමිති කාර්යාලය ආරක්‍ෂක අංශය ලවා සීල් තැබීම සහ සංගමයේ නිලධාරීන්ට ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම තහනම් කිරීමයි. 1977 යුගයේ සිදු වූවාට පසු අප රටේ මෙවැනි දරුණු වෘත්තීය සමිති මර්දනයක්‌ සිදු වූ ප්‍රථම අවස්‌ථාව මෙයයි. අප සංගමයේ ශකතිමත් හා ප්‍රධානතම වෘත්තීය සමිතිය වන ඛනිජ තෙල් සංස්‌ථාවේ අප වෘත්තීය සමිතිය දඩයම් කිරීමට පාලකයෝ ගෙන ඇති පිළිකුල් සහගත ක්‍රියාව අප සංගමය දැඩි ලෙස හෙළා දකින බවත්, මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී නිහීන ක්‍රියා තුළින් අප සංගමය දුර්වල කළ හැකි යෑයි සිතන පාලකයන්ට නිසි පිළිතුරු දීමට අප පසුබට නොවන බවත් අවධාරණය කරන අතර, ඊට විරුද්ධව අප සංගමයේ මුළු ශක්‌තිය යොදාගෙන ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

චමින්ද සිල්වා
දිවයින

Archive

Latest news

Related news