Friday, April 26, 2024

මහින්දගේ සහ විමල්ගේ දිවයින මඩෆැක්ටරිය

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ CTB අශෝක් ලේලන්ඩ් බස් වංචාව පසුගියදිනක පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතාය. කුමාර වෙල්ගම මහතා විසින් සිදුකරණ ලද එම CTB බස්රථ වංචාවේදී එක් බස්රථයක් සඳහා ලක්ෂ 10ක් බැගින් වැඩිපුර මුදලක් ගෙවා බස් රථ 1000ක් මිලදීගෙන තිබුණි.

මෙම අතිදැවැන්ත ජනතා මුදල් වංචාව හෙළිදරව්කිරීමට අනුර දිසානායක මහතා මැදිහත්වූ අතර හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ වැඩිමහල් සොහොයුරා වූ දිවයින පුවත්පතේ හිමිකරු වන නිමල් වෙල්ගම මහතා තම මලනුවන්ට එල්ල වූ චෝදනාවලින් ඔහුව ගලවාගැනීමට පසුගිය කාලයේ මැදිහත්විය. දිවයින පුවත්පතේ හිමිකරු වන නිමල් වෙල්ගම මහතා පසුගිය මහින්ද රාජපක්ෂ දූෂිත රජයෙන් වරප්‍රසාද ලත් අයෙකි. නිමල් වෙල්ගම මහතාට පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය හිමිවූ අතර ටෙලිකොම් ආයතනයේ කෝටි ගණනක මුදලක් දැන්වීම් හරහා දිවයින පුවත්පතට ලබාදෙන ලදී. නිමල් වෙල්ගම මහතා ටෙලිකොම් සභාපති ධුරයට අමතරව මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් මහ බැංකුවේ වෙළඳ දැන්වීමද දිවයින පුවත්පතට හැරවීය.

නැසීගිය ප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහතාට අයත් දේපළ පැහැරගැනීම පිළිබඳ නඩුවකද චූදිතයෙකු වූ නිමල් වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ධූෂිත ආණ්ඩුව බිඳවැටීමෙන් විස්සෝපයට පත් වූ අයෙකි.

මහින්ද රාජපක්ෂ මහතාව නැවත බලයට ගෙන ඒමට කැස කවන මහින්ද – විමල් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රියාධරයෙකු වන කුමාර වෙල්ගම මහතා ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතු සඳහා බාධාවක් විය හැකි අනුර දිසානායක මහතා ඉලක්ක කොට ගනිමින් සාවද්‍ය පුවත් නිර්මාණය කිරීමට දිවයින පුවත්පතේ තම ගෝලබාලයන්ට උපදෙස් ලබා දී ඇත.

විමල් වීරවංස මහතාගේ අනුදැනුම ඇතුව දිවයින පුවත්පතේ ක්‍රියාත්මක වන කර්තෘ මාණ්ඩලික මනෝජ් අභයධීර මහතා විශේෂ ලියුම්කරුවෙකු නමින් මෙම සාවද්‍ය මඩ ලිපිය ලියා තම ස්වාමීන්ගේ මණදොළ සපුරා ඇත. එම ලිපියේ අන්තර්ගතය හා සැකැස්ම සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් වන අතර පසුගිය දිනක සිදු වූ අනුර දිසානායක මහතාගේ විදේස් සංචාරය සම්බන්ධකොට ගනිමින් විමල් වීරවංශ හා මනෝජ් අභයධීර දෙදෙනාගේ දින කිහිපයක සාකච්ඡාවකින් පසු මෙම මඩ අවලාද කුමාන්ත්‍රණය දියත් කොට ඇත.
ලංකා ට්රුත්

Archive

Latest news

Related news