Thursday, May 2, 2024

‘‘සුදු වෑන් සංස්කෘතිය යළි එපා“උද්ඝෝෂනයට බාධා

සුදුවෑන් නැවත හිස එසවීමට එරෙහිව අද (5) දින අම්පාර දිස්ති‍්‍රක් ලේකම් කාර්්‍යායල ඉදිරිපිට පැවැත් වූ අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කළ සාම කාමී උද්ඝෝෂණයට හිමිනමක් ඇතුලූ පිරිසක් පැමිණ පරුෂ වචනයෙන් බැන වදිමින් ඊට බාදා කර තිබේ.

පසුගියදා අම්පාර දිස්ති‍්‍රක්කයේ තම්බිලිවිල් හි දී පුද්ගලයෙකු සුදුවෑන් රථයකින් පැමිණ පැහැරගෙන යනු ලැබු අතර පසුව ඔහු ත‍්‍රස්ත විමර්ශණ අංශයෙන් අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ විය. ඉන් අනතුරුව තවත් පුද්ගලයෙකු මානව හිමිකම් කොමිසමේ ති‍්‍රකුණාමල කාර්යාලයේ දී පැහැරගෙන යනු ලැබූ අතර, පසුව ඔහු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවට ප‍්‍රකාශ විය.

මෙසේ නීති විරෝධීව පුද්ගලයන් නැවත පැහැරගෙන යාමට එරෙහිව අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව විසින් අම්පාර නියෝජ්‍ය පොලිස්පති හා අම්පාර දිස්ති‍්‍රක් ලේකම් වෙත මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට සදහන් ප‍්‍රකාශයක් අද දින ලබා දීම සිදු කරනු ලැබූ අතර, එම කාර්්‍යාලයන් ඉදිරිපිට දී සාමකාමී විරෝධතාවයක්ද පවත්වනු ලැබීය.

මෙසේ අම්පාර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවයේ දී හිමිනමක් ඇතුලූ 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ එම උද්ඝෝෂණයට බාදා කරමින් පැමිණ සිටි අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමජිකයන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් ඊට බාදා කර තිබේ. එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන්ට මෙම බාදාවන් නතර කරන ලෙසට මෙහි සංවිධායකයින් විසින් දන්වා සිටිනු ලැබුවත් පොලිසිය එය වැලැක්වීමට අවශ්‍ය පියවර ගෙන නොමැති බව ද වාර්තා වේ.

උද්ඝෝෂතයෝ
උද්ඝෝෂතයෝ

රයිට්2ලයිප්

Archive

Latest news

Related news