Friday, May 3, 2024

ජයතිලක බණ්ඩාරට පහරදීමේ එප්පාවල නඩුව කල් යයි

( පහරදුන් දේශපාලකයා උදිත නිශාන්ත)

එවකට පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමය පලවා හැරීම සඳහා අපි පුරවැසියෝ නම් වු සංවිධානය විසින් සංවිධානය කරනු ලදුව, 2014 දෙසැම්බර් මස 05 වෙනිදා එප්පාවල නගරයේදි පැවති “වියරුවට එරෙහිව-වීදියේ් විරෝධය” මහජන දැනුවත් කිරීමේ කණ්ඩායමට පහරදීම සම්බන්ධයෙන් ආදාළ නඩු විභාගය ඊයේ, එනම් අප්‍රේල් 27 වන දින තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පැවැත්වුණු අතර, එම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන උදිත නිශාන්ත නොපැමිණීම හේතුවෙන්, අගෝස්තු මස 24 වනදා තෙක් නඩුව කල් ගිය බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

එවක පැවති මහින්ද රාජපක්‍ෂ දුර්ධාන්ත පාලනය නිමාකර, වෙනසක් බිහිකරගැනීමේහිලා පෙරමුණු ගනිමින්, 2014 වසරේ නොවැම්බර් මස 25 වෙනිදා කොළඹ කොටුවෙන් ආරම්භ කළ “වියරුවට එරෙහිව, ජීවිතය උදෙසා, වීදියේ විරෝධය” ලංකාව පුරා දිස්ත‍්‍රික්කවල වීදි බසිමින් , රට තුළ පැවැති පීඩනය හා අශිෂ්ට සම්පන්න දුෂ්ට පාලනයට එරෙහිව, ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නට විය.

එවැනි දැනුවත්කිරීමේ වීදි වැඩසටහනක් එප්පාවල නගර මාද්ධ්‍යයේදි පැවතෙමින් තිබියදී  දේශපාලන හය්යක් ගෙන එම ස්ථානයට ආයුධ සන්නද්ධව කඩාපැන්න උදිත නිශාන්ත ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ප‍්‍රවීන කලාකරු මෙන්ම වීදිය විරෝධය කණ්ඩායමේ ප‍්‍රබල සාමාජීකයෙකු වු ජයතිලක බණ්ඩාරට සහ ප‍්‍රියදර්ශන ඉළංගතිලක යන අයට දරුණු ලෙස පහර දී තිබුණි.

බණ්ඩාරලාගේ වසන්ත බණ්ඩාර , උදිත නිශාන්ත , අසංක නන්දපාල සහ සංජීව පූෂ්පසිරි ය නඅය මෙම පහරදීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් වෙති.

ඊයේ් පැවති මෙවර නඩු විභාගය සඳහා නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන උදිත නිශාන්ත නොපැමිණීම හේතුවෙන්, අගෝස්තු මස 24 වනදා තෙක් නඩුව කල් ගිය බවයි “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සමන්ත හේරත් ඉදිරිපත් වී සිටී අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ශ‍්‍රීලාල් තලංගල්ල පෙනීසිටින ලදී.

මෙම පහරදීමේ දි විත්තිකරුවන් සතුව ගිනි අවි තිබු බවක් පොලීසිය විසින් උසාවියට ප‍්‍රකාශකර නොමැති බව සඳහන් කරන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය, මෙම සිදුවීම සිදුවු මොහොතේ සිටම මේ දක්වා පොලීසිය විසින් සැකකරුවන් ආරක්‍ෂා කිරීමේ පිළිවෙතක් අනුුගමනය කරනු ලැබ ඇති අතර, සිදුවීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි ද නඩුව පවත්වාගෙන යා නොහැකි ආකාරයට සිදුවීම වාර්තා කර තිබෙන අතර මේ නිසාම පැමිණිලිකරුවන්ට සහ ඔවුන්ගේ  නීතිඥවරයාට ඒ සම්බන්ධයෙන් උසාවිය තුළදීද අරගලයක් කිරීමට සිදුවු බව සඳහන් කරයි.

“වියරුවට එරෙහිව, ජීවිතය උදෙසා, වීදියේ විරෝධය” කණ්ඩායමේ පාර්ශව කරුවන් වන රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය ද ඊයේ මෙම නඩු විභාගයට සහභාගි වුහ.

දෙසැම්බර් මස 05 වෙනිදා සිදුවු මෙම සිද්ධියත් තවත් මෙවැනිම පහරදීම් දෙකක් සම්බන්ධයෙනුත් 2014 දෙසැම්බර් 30 වෙනිදා අයිතිය වෙබ් පිටුවක් මේසේ සටහන් කළේය.

එය ද කියවන්න –

 වත්මනේ බුරන බල්ලෝ ද සපාකති !

    2014-12-30
 – අයිතිය වෙබ් අඩවියෙනි

Archive

Latest news

Related news