Tuesday, July 16, 2024

අාරක්ෂ ලේකම් ආරක්ෂාව බලනව වගේ මං මාධ්‍ය ගැන සෝදිසියෙන්

( නිමල් බොපගේ)

(VIDEO) නීතිපති, පොලිස්පති හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් එක්ව සදාචාරය පිළිබඳ යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීමට බලාපෙරොත්තුවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා පැවසීය.

පසුගිය කාලය පුරාවය මෙම ක්ෂේත්‍රයන් තුළ ප්‍රශ්න රැසක් ඇතිවු බැවින් එලෙස සිදුකරන බව හෙතෙම පැවසුයේ අද(29) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා නිරන්තර අවධානයෙන් සිටින්නාක් මෙන් තමාද මාධ්‍ය පිළිබඳ නිරන්තර අවධානයයෙන් පසුවන බවත් මාධ්‍ය ලේකම්වරයා වශයෙන් එය තමාගේ වගකීම බවද බෝපගේ මහතා කීය.

ඒහේතුන නිසාම තමා පෙර දින ඒකාබද්ධ විපක්ෂය පිළිබඳ සඳහන් නිවේදනය නිකුත්කළ බවත් එය කිසිවකුගේ බලපෑම මත සිදු නොවුවක් බවත් හෙතෙම පැවසීය.

යමක් පිළිබඳ නිවැරදි අවබෝධයක් නොලබා නිල පිළිගැනීමකට ලක් නොකරන තුරු එය පිළිගැනීම නොකළ යුතු බවද හෙතෙම පැවසීය

ADA.LK

Archive

Latest news

Related news