Thursday, May 2, 2024

අපි වෙන්වී යෑමට කැමැති නැහැ – විග්නේෂ්වරන්

( දෙමළ හජන රුස්වීමක්)

අපි වෙන්ව නොගොස් එක්වී ජීවත්වීමට ඉදිරිපත්ව සිටින හෙයින් සිංහල ජනතාව අපට සියළු සහයෝගයක්ම ලබාදිය යුතුයි. මෙම අවස්ථාව මඟ හැරුණේ නම් මෙම රට විනාශයට පත්වනු ඇතැයි උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා පවසා තිබේ.

උතුරු පළාත් සභාවේ ඊයේ දින (22) දෙමළ ජාතික සන්ධානය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේදී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

කණ්ඩායම් තුනක් පත්කර එමඟින් උතුරු පළාතේ සෑම දිස්‌ත්‍රික්‌කයකම රැස්‌වී ජනතාවගෙන් හා විවිධ සංවිධානවලින් අදහස්‌ යෝජනා එක්‌ රැස්‌ මෙම යෝජනා කෙටුම්පත කෙටි කලක්තුල සකස් කර තිබේ. අප විසින් ඉදිරිපත් කළ පෙර යෝජනාවන් රටා පුරා පැතිර ගොස් දැඩි විමර්ශණයකට ද මුහුණ දී තිබේ.

ප්‍රශ්ණයකට විසඳුමක් ඉදිරිපත් කිරීමට නම් ඒ සම්බන්‍ධ සියළු කරුණු ගැන සොයා බලා බුද්ධිමත් ලෙස එය විසඳා ගත යුතුයි. හැඟීම් බරව එය විසඳා ගැනීමට ගියේ නම් ප්‍රශ්ණය තවඳුරටත් සංකීර්ණවනු ඇත.

අපි අපගේ යෝජනාවට ඇතුලත් කර තිබෙන කරුණු කිසිවක් අලුත් දැයක් නොවේ. අභාවප්රාප්ත සෙල්වා පියතුමන් වැනි අය පැවැසූ දැය මෙහි අවධාරණය කර තිබෙන්නෙමු. බෙදුම්වාදයට එරෙහි අදහසක් ඉදිරිපත් කර තිබෙන්නෙමු.

රටතුල බලතල කොටස් ඇති කිරීම, අදාල ජන කොටස් තම තම ප්‍රදේශවල තමන්ගේ වැඩ කටයුතු තමන් විසින්ම පරිපාලනය කර ගැනීමටය. ප්‍රජාතාන්ත්‍රවාදය යනු එයවේ. අපි වෙන්ව යෑමට කැමැති නැහැ. එක්වී ජීවත්වීමට ඉදිරිපත්ව සිටින හෙයින් සිංහල ජනතාව අපට සියළු සහයෝගයක්ම ලබාදිය යුතුයි.

අද මෙම අවස්ථාව අපි අහිමි කරගත්තේ නම් මෙම රට විනාශ වී යනු ඇත. මෙය හුදෙක් ප්‍රකාශයක් නොවේ. කිසිම සමාජයක් දිගටම වහල් භාවයෙන් සිටීමට කැමැති නැහැ. කව්රු මොනව කිව්වත් අපි අද එක් ලක්‍ෂ පනස් දාහක හමුදාවක් යටතේ ජීවත්වන්නෙමු.

ඉන්දියාවේ අනුග්‍රහය මත උතුරු පළාත් සභාවක් යැයි දෙයක් ලැබුණත් අප විසින් නිසිලෙස පාලනය කරගත හැකි නීතිමය අනුමැතියක් ලබාදී නොමැති බව යථාර්තයකි.

එමෙන් අපගේ භාෂාව, ඉඩම්, ආගම, සංස්කෘතික පසුබිම වෙනත් අය විසින් විනාශ නොවී ආරක්‍ෂා කරගැනීමටත්, සමාජයක් ලෙස සියළු දෙනා සමඟ සමඟියෙන් ජීවත්වීමට හැකි අයුරින් අපගේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන බව මහ ඇමැතිවරයා වැඩිදුරටත පවසා තිබේ.
– ග්ලෝබල් ටැමිල් නිව්ස් –

Archive

Latest news

Related news