Thursday, May 2, 2024

වහල් වීරවරියක් ඇමෙරිකානු ඩොලරයට

( හැරියට් ටුබ්මන්)

ඇමෙරිකානු ඉතිහාසයේ පළමු වතාවට කළු ජාතික කාන්තාවකගේ රුවක් එරට ව්‍යවහාර මුදල වන ඩොලර් විස්සේ නෝට්ටුවෙහි ඉදිරිපස මුද්‍රණය කරනු ලැබ ඇත.

ඒ සඳහා තෝරා ගනු ලැබ තිබෙන්නේ 1820 වකවානුවේ උපත ලද කළු ජාතික වහල් කාන්තාවක් වූ හැරියට් ටුබ්මන්ගේ රුවයි.

වහල් හිමියකු වූ හිටපු ජනාධිපති ඇන්ඩ්රූ ජැක්සන් ගේ රුව ඉවත් කොට ඒ වෙනුවට ඇමෙරිකානු ඩොලර් විස්සේ නෝට්ටුව මත හැරියට් ටුබ්මන්ගේ රුව මුද්‍රණය කෙරෙනු ඇත.

හැරියට් ටුබ්මන්, ඇය ජීවත් වූ සමාජයේ පීඩාවට පත් වහලුන්ට වහල් හිමියන්ගේ ග්‍රහණයෙන් පළා යාමට උදව් කළ වීර කාන්තාවක් හැටියටයි ඉතිහාසයට එක් වන්නේ.

උමං දුම්රිය මාවත් ඔස්සේ වහලුන්ට පළා යාමට මග සැලසීම අතින් ඇය විසින් ඉටු කරන ලද කාර්යභාරය එක්සත් ජනපද සමාජයේ සාකච්ඡාවට ලක් වෙන මාතෘකාවකි.

_89399019_doler1එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජේකබ් ලෙව් විසින් හැරියට් ටුබ්මන් අගය කරන ලද්දේ ‘ඇය ඓතිහාසික චරිතයක් පමණක් නොව සිය දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය නංවා ලීමට දායක වූ එසේම නායකත්වය අතින් පරමාදර්ශයක් වූ කාන්තාවක් වන’ බව පවසමිනි.

දරුවන්ද රැගෙන ඉඩම්වලින් පළා ආ වහල් ජනයා ඌරන් සහ කුකුළන් ද සමඟ බෝට්ටු වලට පටවන ලද ආකාරය හැරියට් ටුබ්මන් සිය ජීවිතයේ පසු කාලයේ සිහිපත් කරන ලද්දේ ‘එවැනි දර්ශනයක් කිසිදාක දැක නැති බව’ පවසමිනි.

ඇමෙරිකානු සිවිල් යුද්ධයේ දීත් හැරියට් ටුබ්මන් ඉටුකළ කාර්යභාරය ඉතිහාසයට එක්ව ඇත.

– බීබීසී සංිහල

Archive

Latest news

Related news