Thursday, May 2, 2024

රතුපස්වල ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි!

රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 4.68 ක මුදලක් ලබාදීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය අනුමැතිය ලබාදී තිබේ.

මේ අනුව අදාළ සිදුවීමෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත සහ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 24 දෙනෙකු සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 9 දෙනෙකු වෙනුවෙන් ලබන 08 වනදා ජනාධිපතිතුමා අතින් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමට නියමිතය.

රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා පසුගිය සති කිහිපය තුළ ජනාධිපතිතුමා සිය විශේෂ අවධානය යොමු කර කටයුතු කළ අතර ඒ පිලිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කරන ලදී.

එම කමිටුවේ නිර්දේශ මත මෙම වන්දි ප්‍රදානය සිදු කෙරේ.

president.lk

 

Archive

Latest news

Related news