Thursday, May 2, 2024

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය- ”අගමැති” මෙහෙයුම් කමිටු සභාපති

(ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේ දී අද (05) ප්‍රථමවරට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී  නියෝජ්‍ය සභාපතිවරු සත් දෙනෙකු  සහ මෙහෙයුම් කමිටු සාමාජිකයන් 21 දෙනෙකු තෝරා පත් කරගැනීම සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ මහතා මෙහෙයුම් කමිටුවේ  සභපති ලෙස යෝජනා විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් කමිටු සාමාජිකයන්ගේ නම් යෝජනා කළේ ය.

ඒ අනුව කමිටු සාමාජිකයන් ලෙස,අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නිමල් සිරිපාල ද සිල්වා මහතා, රාවුෆ් හකීම් මහතා, විජේදාස රාජපක්ෂ මහතා, සුසිල් ප්‍රේමජයන්ත මහතා, රිෂාඩ් බද්යුදීන් මහතා, පාඨලී චම්පික රණවක මහතා, ඩී.එම්.ස්වාමිනාදන් මහතා,මනෝ ගනේෂන් මහතා, මලික් සමරවික්‍රම මහතා, ආර්.සම්බන්ධන් මහතා, අනුර කුමාර දිසානායක මහතා, ඩිලාන් පෙරේරා මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා,ජයම්පති වික්‍රමරත්න මහතා, එම්.ඒ සුමන්තිරන් මහතා,බිමල් රත්නායක මහතා, තුසිතා විජේමාන්න මහත්මිය, ප්‍රසන්න රණතුංග මහතා, ඩග්ලස් දේවානන්ද මහතා යෝජනා ස්ථීරත්වයෙන් පත් විය.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඇතුළුවඅමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  වී. අඩෙක්කලනාදන් මහතා, කබීර් හෂීම් මහතා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, තිලක් මාරපන මහතා, මහින්ද යාපා අබේවර්ධන මහතා, නලින් ද ජයතිස්ස මහතා  නියෝජ්‍ය සභාපතිවරු ලෙස, යෝජනා කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ඒ අනුව යෝජනා ස්ථීරත්වයෙන්  නියෝජ්‍ය සභාපතිවරු පත්වීම සිදු විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කතානායක කරූ ජයසූරිය මහතා කටයුතු කරයි.

– News.lk

Archive

Latest news

Related news