Friday, April 26, 2024

පෝට් සිටි විරෝධය ගාලු මුවදොර කළඹයි; රෑප කතාව

වීන ආණ්ඩුවේ සහායෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ කොලඹ පෝට් සිටි නොහොත් වරාය නගර ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව විසින් ද ඉදිරියට ගෙන යාමට විරෝධය දක්වමින් සිය ගණනාවක් ජනයා අද සවස ගාලු මුවදොර පිටිය අසළ විරෝධතාවයක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර විපක්ෂ නායකව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතියෙන් වෙරළ තීරයට සහ ධීවර කර්මාන්තයට වන හානිය නිසා නතර කර දමන බවට පොරොන්දු වූ බවයි.

වික්‍රමසිංහගේ පොරොන්දුව
වික්‍රමසිංහගේ පොරොන්දුව

විරෝධතාකරුවන් විසින් අගමැතිවරයාට බාර දීමට ගෙන ආ පෙත්සම බාර ගැනීමට අගමැතිවරයාගේ නියෝජිතයකු නොපැමිණීම නිසා මහපාරේ වාඩිලාගත් විරෝධතාකරුවෝ ටික වේලාවකට වාහන ගමනාගමනය නතර කළහ. පසුව අගමැතිවරයාගේ නියෝජිතයකු පැමිණ පෙත්සම බාර ගන්නා ලදී,

විරෝධතාවයට ධිවර ජනපිරිස්, සිවිල් සමාජ කණ්ඩායම් සහ ක්‍රිස්තියානි පූජක පිරිස් සහභාගි වූහ.

වතුර විදින වාහනයක්ද ඇතිව පැමිණි විශාල පොලිස් බල අනියක්  විසින් විරෝධතාකරුවන් පොට් සිටි පෙදෙසට යෑමට දරන ලද ප්‍රයත්නය නතර කරන ලදී.

විරෝධතාවයේ ජායාරෑප පහත පළවේ.

වාඩිලා ගත් ආගමික පිරිස්
වාඩිලා ගත් ආගමික පිරිස්

 

රනිල් සාටකයෙක් වෙන්නද?
රනිල් සාටකයෙක් වෙන්නද?
අගමැති නියෝජිත එනතුරු
අගමැති නියෝජිත එනතුරු

 

දාහය මැද පා ගමන
දාහය මැද පා ගමන
නැති වෙන්නේ අපේ පාරම්පරික ධීවර රස්සාව!
නැති වෙන්නේ අපේ පාරම්පරික ධීවර රස්සාව!
පොලීසිය සැරට කළ කතා සාමයෙන් මැඩළිම
පොලීසිය සැරට කළ කතා සාමයෙන් මැඩළිම
ඔබේ වැඩේ ඔබ, අපේ වැඩේ අපි!
ඔබේ වැඩේ ඔබ, අපේ වැඩේ අපි!

Archive

Latest news

Related news