Thursday, April 25, 2024

සිය ඉඩම් ආපසු නොදෙන යහපාලන ආණ්ඩුවට අභියෝග කරන පානම මිනිස්සු

2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම් එල්ලවන බවත් පානම්පත්තුව සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි දුරකථනය ඔස්සේ ප‍්‍රකාශ කළේය.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදි ගම්වාසින් හට නීච ලෙස පහරදී, පන්නා දැමීමෙන් අනතුරුව, ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගත් පානමට අයත් ජනපද කිහිපයකම තමන්ගේ ඉඩම් නැවත ලබාදීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් කැබිනට් තීරණයක් ලබා දී වසරකටත් වැඩි කාලයක් ගත වි තිබුණ ද ප‍්‍රාදේශිය ලේකම්වරයා සහ රජයේ නිළධාරීන් එම අනුමැතිය තඹ දොයිත්තකට මායිම් නොකරන බව සෝමසිරි ප‍්‍රකාශ කළේය.

කැබිනට් තීරණයට පයින් ගසා, ආණ්ඩුවෙන් ලබාදුන් නියෝගය නොසළකා හරිමින් ප‍්‍රදේශිය ලේකම්වරයාද ඇතුළුව ප‍්‍රාදේශිය මට්ටමේ රජයේ නිළධාරීන් විසින් නොයෙකුත් මුසාවන් පවසමින් විවිධ අවස්ථාවලදි ගම්වාසින්ව මුලා කළ නිසා මෙවැනි තීරණයක් ගන්නට පානම්පත්තුව සුරැකීමේ සංවිධානයට සිදුවු බවයි සෝ්මසිරි කියා සිටියේ.

පානම, ”රාගම්විල” නැමති මෙම ගම්මානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිය පාලන බලය යටතේ රඳවාගෙන සිටියි. එහෙත් ඒ ගම ගම්මුන්ට මිස ගුවන් හමුදාවට අයිතිව තිබු ගමක් නොවන වගට අදටත් ජීවමාන ඇතැම් සාක්‍ෂි පෙන්වා දෙයි.

12919910_453739108150951_3461775031049973079_n
ගේ දොර පිළිසකර කර ගැනීමට උත්සාහ දරණ මිනිස්සු

”පොලීසියෙන් , ගුවන් හමුදාවෙන් අපිව වටකරලා. ඒකට හේතුව තමයි අද දවල් අපි අපේ ගමට ආවා. ඒ අවුරුදු හයකට පස්සේ. අපි ගමට ඇතුලූවුනාට පස්සේ පොලිසියෙන් අපිට වාරණ නියෝගයක් ගෙනත් දුන්නා.”

12920360_453739458150916_8549166132302732177_n
උත්තර නැති මහත්වරු!
12923230_1575366396112131_2267006396525941516_n
යහපාලන වාරණ නියෝග

”අපි පවුල් කිහිපයක් ඊයේ හවස පානමින් පිටත් වුණා, ඊයේ රාත‍්‍රියේ ඉඳලා අද දහවල් වෙනතුරු අපි පානම පොතුවිල් ප‍්‍රධාන මාර්ගය අසළ රාගම්විල ග‍්‍රාමය සීමාවේ නැවතිල ඉඳලා ඉතාම සාමකාමි උද්ඝෝෂණයක් පැවැත්වුවා. අපි කෑගහුවේ නැහැ. අපිට කියන්න තියෙන දේ කාඞ්බෝඞ්වල ලියලා කාටත් පේන්න, කියවගන්න පුළුවන් වෙන විධියට පාරට පෙන්න එල්ලූවා. එතැන්ට බුද්ධි අංශයෙන් ආවා. නමුත් අපි එතනම දවල් කෑම උයාගෙන කාලා අපි පිටත් වුණා.

11229823_453739564817572_882025901925857077_n
සිය ඉඩම් අත නොහැරීමට අධිටන් කරගෙන ඇති ජනයා

”නමුත් අපි ගමට ඇතුල්වුනාට පස්සේ පොලීසිය ගුවන්හමුදාව ඇවිත් අපිට තර්ජනය කලා. අධිකරණ නියෝගයක් භාරදුන්නා. නිල මුද්‍රාවක් තිබුණේ නැති නිසා ඒ නියෝගය පිළිගන්න බැහැ කියලා අපි කිව්වා. කෙසේවෙතත්, අපේ මිනිස්සුන්ව පන්නලා අපේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගත්තට පස්සේ හදපු ගුවන් හමුදා කඳවුරු භූමියට ඇතුල්වීම තහනම්, පානම පොතුවිල් මහාමාර්ගය අවහිර වෙන විධියට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කියලා ඒ අධිකරණ නියෝගයේ තිබුණා. නමුත් අපිට ඒ නියෝග දෙකම වැඩක් නැහැ මොකද අපි එවැන්නක් තීන්දුකරලා නැහැ.” යනුවෙන් පුංචිරාල සෝමසිරි ප‍්‍රකාශ කළේය.

ගමට පැමිණිමේදි එහි පන්සල් භුමියේ තැන්පත් කිරීම සඳහා රැගෙන ආ බුද්ධ ප‍්‍රථීමාව, බෝධිය සහ සිය ප‍්‍රයෝජනය සඳහා ගෙනා හිරමනය ද පොලිස් භාරයට ගත්බව සෝමසිරි පැවසීය.

කෙසේවෙතත්, වසර 06යකට පසුව රාගම්විලට පැමිණි ගම්මුන් ආපසු යන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ද පැවසු සෝමසිරි, අද එළඹෙන හෙට දවසේදි අධිකරණ නියෝගයට පිළිතුරු දීමට සුදානම්වන බව ද ප‍්‍රකාශ කළේය.

160327172107_panama_protest_640x360

පින්තූර සහ කතාව:මෙලනි මානෙල් පෙරේරා

Archive

Latest news

Related news