Thursday, May 2, 2024

තමිලිනී වරිතාපදානය පස්සෙන් පොලීසිය තවම පන්නයි

එල්ටීටීඊ කාන්තා අංශයේ හිටපු ප්‍රධෘනී තමිලනී විසින්  සිය මරණයට පෙර ලියන ලදුව ඇයගේ විවාහක  පුරුෂයා විසින් මුද්‍රණය කරන ලද සිවයං චරිිතාපදානය  පසුුපසින් පොලීසිය තවමත් එලවමින් සිටින බව වාර්තා වෙයි.

එම  පොත එළිදැක්වීමේ අවස්ථාව නතර කිරීමට කිලිනොච්චි පොලීසිය කලින් උත්සාහ කළේ ය. ඊට අවසර ලැබුණේ ධරමසිරි බණ්ඩාරනායන ඇමැති මනෝ ගනේෂණ හරහා කරන ලද මැදිහත් වීම නිසා ය. ඊට අගමැතිවරයා ද ඒ අනිව මැදිහත් වූ බව වාර්තා විය.

එසේ නමුත් අද දින එම පොත මුද්‍රණය කරන ලද මුද්‍රණාලයට  රහස් පොලිස්  කණ්ඩායමක් ගොස් තිබේ.

අදාළ කෘතිය කොපමණ ප්‍රමාණයක් මුද්‍රණය කළේද?, පොත මුද්‍රණය කිරීම සඳහා ඇණවුම කවුරුන් දෙන ලද්දක්ද?, පොත මුද්‍රණය කිරීමට පැමිණි අය සමග මුද්‍රණාලයේ ඇති සබඳතාවයඑහි සේවකයින් ගෙන් පොලීසිය ප්‍රශ්ණ කර ඇත.

එම මුද්‍රණාලයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ අදාළ පොත මුද්‍රණය කරන බවට පුස්ථකාල සේවා මණ්ඩලයේ ලියාපදිංචි කර ඊට අදාළ  බාකොඩ් අංකය හා ISBN අංකය සහිතව මෙම පොත නීත්‍යානුකූලව මුද්‍රණය කළ එකක් බවයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකා නිවුස් වෙබ්’ මිරිහාන පොලිසියෙන් ය කළ  විමසීමකදී පවසා සිටියේ එවැනි ප්‍රශ්න කිරීමක් මිරිහාන පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ බවත් අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබා දිය  නොහැකි යැයි කියමින් ගෝඨාභයගේ කාලයේ පිලිතුරක් බව ද වාර්කා වේ

– ලංකා නිව්ස් වෙබ් ද ඇසුරිනි

Archive

Latest news

Related news