Monday, May 20, 2024

අලි පැටව් සොරකමේ සුළමුළ: “පහුගිය කාලේ වැඩිපුරම අලිපැටව් ඉපදිලා තියෙන්නේ මහරගම දී“ – පරිසරවේදී තිලක් කාරියවසම්

දුෂණ විරෝධී පෙරමුණ පසුගියදා (16 වනදා) පැවැත්වු මාධ්‍ය හමුවේදී නීති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගැනීම පිළිබඳව ගවේශණාත්මක වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාව ඉදිරිපත් කරමින් මෙම අලි ජාවාරම පිළිබඳව අදහස් දැක්වු පරිසරවේදී තිලක් කාරියවසම් මහතා මෙලෙස අදහස් දැක්වීය.
සංගණන වාර්තා අරගෙන බැලුවම පහුගිය කාලේ ලංකාවේ වැඩිපුරම අලි පැටවු ඉපදිලා තියෙන්නේ ඔය මහරගම ආශ්‍රිතව. එහෙම තමයි පොත් පත්වල සටහන් වෙන්නේ.මේ අලි පැටව්  මහරගම ආශ්‍රිතව සීඝ්‍රෙයන් වර්ධනය වුනා නෙවෙයි වර්ධනය කෙරෙව්වා. කැලේ ඉන්න මව් ඇතින්නට වෙඩි තියලා මරලා පැටියව උස්සන් ඇවිල්ලා මව්ගුණ ගැන බණ දෙසන හාමුදුරුවරු පන්සල් වල තියාගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි එහෙම ගේන අලිපැටව් විකුණුවාගඑහෙම ගේන අලි පැටවුන්ට හොර උප්පැන්න හදපු නිසා තමයි මහරගම ආශ්‍රිතව පහුගිය කාලේ අලි පැටවු වැඩිපුරම ඉපදුනා කිලයා වාර්තා වල සඳහන් වෙන්නේ.
හිටපු ජනාධිපතිවරයා සන්නස් පත්‍රයකින් අලි 6 දෙනෙක් දීලා තියෙනවා. මේ අලි පැටව් සන්නස් පත්‍රයකින් දීලා තියෙන්නේ තමන්ගේ පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට. අපි අහනවා සන්නස් පත්‍රවලින් මේ රටේ අලි දෙන්නේ කොහොමද?අප්පච්චි තමන්ගේ දරුවන් බුදලේ බෙදනවා වගේ තමන්ගේ ආරක්ෂකයින්ටයි හිතවතුන්ටයි පුතාටයි මල්ලිටයි අලි බෙදලා දීලා.
දැන් විනිසුරු තිලිණ ගමගේ ලග නීති විරෝධි අලි පැටියෙක් ඉන්නවා දැන් එතකොට අලි පැටියෙක් තියාගෙන ඉන්නවා කියලා උඩුවේ ධම්මාලෝක අත්අඩංගුවට ගත්ත නම් ඇයි තිළිණ ගමගේ අත් අඩංගුවට ගන්නේ නැත්තේ? උඩුවේ ධම්මාලෝකයි තිළිණ ගමගේයි අතර වෙනස මොකක්ද ? නීතියේ තියෙන වෙනසක් ඇයි? එහෙනම් මෙයා අත්ඩංගුවට ගන්නේ නැත්තේ?
මේ අලි පැටවු ගැන සවිස්තරාත්මක ගවේෂණ වාර්තාවක් මේ වෙකොට දුෂණ විරෝධී පෙරමුණ විසින් අදාල බලධාරීන්ට යොමු කරලා තියෙන්නේ. අපි කියනවා මේ රජයට  වහාම මේ නීති විරෝධි අලි ජාවාරම ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා“.
සම්පූර්ණ වාර්තාව පහත පළවේ:

 වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝණය කරමින් අලි අතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාදීම පිළිබඳව අනාවරණය වු තොරතුරු සහ මව් ඇතින්න මරා පැටවුන් ලබා ගැනීම පිළිබද ගවේෂණය

 පසුගිය වසර 10 කට වැඩි කාල සීමාව තුළ අලි ඇතුන් සම්බන්ධයෙන් දේශපාලනඥයින්, ආගමික නායකයින්, විනිසුරුවන්, ව්‍යාපාරිකයින්, පරිපාලන නිලධාරීන් ඇතුළු විශාල පිරිසකට චෝදනා එල්ල විය.  මෙම වාර්තාව මගින් වනාන්තරයේ සිටින මව් ඇතින්නියන් මරා පැටවුන් ලබා ගැනීම සහ එසේ ලබා ගන්නා පැටවුන් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරමින් ලියාපදිංචි කිරීම පිළිබදව සාකච්ඡා කෙරේ.

 හැදින්වීම

2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා‍‍ ආරක්ෂක (සංශෝධන) පනත මගින් සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 22 අ(9) උප වගන්තිය පහත පරිදි වේ. “ලියාපදිංචි ඇතින්නකගේ ගැබ් ගැනිමේදී එම ඇතින්නගේ අයිතිකරු හෝ භාරකාරීත්වය දරණ තැනැත්තා විසින් ඇතින්නගේ ගැබ් ගැනීම පිළිබඳව තොරතුරු සමග එම ගැබ් ගැනීම පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දිය යුතුය.” තවද (10) වන වගන්තිය අනුව යම් උපතක් එම සිදුවීම සිදුවී දින හතක් ඇතුලත අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලයලත් නිලධාරීන්ට දැනුම් දීය යුතුය.

උක්ත නීති අනුව 2009 ට පසු ලියාපදිංචි කරන සියලු අලි පැටවුන්ගේ ගැබ් තොරතුරු සහ උපත අධ්‍යක්ෂ ජනරාල් වෙත වාර්තා වී ලේඛන ගත විය යුතුය. එබඳු වාර්තා නොමැති හෙයින් පවතින නීතිය යටතට නොවැටීම සඳහා 2008 ට පෙරාතුව ගෘහාශ්‍රීත ඇතින්නුන්ට ලැබුණු අලි පැටවුන් යැයි සඳහාන් කරමින් අලි පැටවුන් ලියාපදිංචි කර තිබුණි.  මෙසේ ලියාපදිංචි කොට ඇත්තේ වනාන්තරයේ දී මව් ඇතින්න මරා රැගෙන ආ පැටවුන් ය.  ඉතා සංවිධානාත්මක මෙහෙයුමක් වන අලි පැටවුන් වනයෙන් අල්ලා රැගෙන ඒව සදහා පුහුණුවක් සහිත පුද්ලයින් ගේ දායකත්වය අවශ්‍ය ය.  එයට අමතරව දේශපාලන නායකත්වය සහ ආරක්ෂක අංශයන් හි රැකවරණය නොමැතිව මෙවැනි කටයුත්තක් සිදු කිරීම පහසු නොවේ.

2008 ට පෙරාතුව ලියාපදිංචිය සදහා අයදුම්පත්‍ර යෙමු කිරීම සිදුකර ඇතිපව අනාවරණය කිරීම සඳහා පෙරදාතම් කළ දින යොදා ලියා පදිංචියට සහ බලපත්‍ර ලබාගැනීමට අයදුම්පත් යොමුකර ඇතිබව මේ පිළිබදව විගනකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එමගින් අනාවරණය වී ඇති කරුණු කිහිපයක් මෙසේය.

 හොරණ, පොකුණුවිට ලිපිනයේ පදිංචිකිත්සිරි කහටපිටිය භාරකරු වශයෙන් 2012 අප්‍රේල් 09 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/05/01/01-345 දරණ ගැහැණු අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. කිත්සිරි කහටපිටිය මහතාගේ මියගිය ඇතින්නකගේ පැටියෙක් බවට දිවුරුම් ප්‍රකාශයක් සහ ප්‍රාදේශීය ලේකම් ‍අනු අත්සන නොකල 816/ඒ, වරකගොඩ, බටහිර නෑබඩ ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කීරීම.
  2. ලියපාදිංචි ගාස්තු ගෙවීම් පැහැර හැරිම.
  3. පාශු වෛද්‍ය වාර්තාව ලිපිගොණුවේ නොතිබිම.
  4. 2013/2014 වර්ෂ සඳහා බලපත්‍රය දිර්ඝ කර නොමැතිවීම.
  5. 2009 අංක 22 සත්ව හා වෘක්ෂලතා ආඥාපනත මගහැරිමක් නොහෙත් පවතින නීතියට නොවැටිමට දින මුද්‍රා වෙනස් කිරිම මගින් දෙපාර්තමේන්තු වගකවයුතු නිලධාරීන් කූට ලේඛන සකස්කිරීමට දායක වී ඇත.
  6. ගෘහ ආශ්‍රීතව ඇතින්න පැටියකු ලැබුණේ නම් අනිවාර්යෙන් පශූ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදුවීය යුතුය. මෙම ඇත් පැටිය ලැබීම වෛද්‍ය වාර්තාවල කිසිවක් පිළිබඳ ලිපිගොණු වල දැක්නට නොලැබුණී 2013 සහ 2014 වර්ෂ සඳහා අදාළ බලපත්‍රය දීර්ඝ කර නොමැත.

 මීගොඩ, පරණ පාර, නො.563 ලිපිනයේ පදිංචිභාරත දේශප්‍රිය අමරතුංග භාරකරු වශයෙන් 2012 මැයි 10 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/05/01/01-347 දරණ  පිරිමි අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. ලියාපදිංචි ගොණුවේ දිවුරුම් ප්‍රකාශ‍ය සහ ග්‍රාම නිලධාරී සහතිකය නොතිබීම.
  2. වසය අනුව උස සහ වට ප්‍රමාණ දැක්වෙන තොරතුරු වෙනස් විම.
  3. ලියාපදිංචි ගාස්තු නීත්‍යානුකූලව නොගෙවීම.
  4. ලිපිගොණවේ පළමු අයිතිය සහ දෙවනු අයිතිය පිළිබඳ තොරතුරු වැරදි ලෙස සඳහන් කිරීම.
  5. ලිපිගො‍ණුවේ සඳහාන් පරිදි කොළඹ 07, ග්‍රෙගරි පාර, ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ දරණාගම කුසළධම්ම ස්වාමින්වහන්නසේට විකුණූ බවට කුවිතාන්සියක් ඉදිරිපත් කොට තිබුණි.
  6. 2013 ජුලි 25 දින 563, පරණ පාර, මීගො‍ඩ පදිංචි භාරත දේශප්‍රිය අමරතුංග මහතා‍ට අයිති වන ජිවි දෙපාර්තමේන්තුවේ අංක 347 යටතේ ලියාපදිංචි තවත් අලියකු සිටින බවට සඳහන් කිරීම. ඒ අනුව අලියා උක්ත හිමිනමට විකුණු බවට කුවිතාන්සිය පිළිගත නොහැකිය.මේ පිළිබඳ ග්‍රාම නිලධාරී විසින් ඉදිරිපත් කළ සහතිකය සාවද්‍ය වේ.
  7. 2008 සැප්තැම්බර් 04 නො. 563, පරණ පාර, මීගො‍ඩ පදිංචි භාරත දේශප්‍රිය අමරතුංග යන අය යොමුකර තිබු ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කොට ඇති ග්‍රාම නිලධා‍රී සහතිකය ව්‍යාජ ලේඛනයකි.
  8. ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කර ඇති ලේඛනයන හි වයස් හී පරස්පරතාවයක් ඇත.

 අමිරිතිරිගල, මැදගොඩ, ගඟබඩවත්ත, ඒ 72/1 ලිපිනයේ පදිංචි ඩබ්ලියු.එම්.ඩී.පී.සඳමාලි විජේමාන්න භාරකරු වශයෙන් 2012 මැයි 10 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/05/01/01-348 දරණ  ගැහැණු අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. ලියාපදිංචි කළ බලපත්‍ර බලා‍ දෙන ලෙස ඉල්ලුම් කළ ඉල්ලුම් පත්‍රය සුරා මකා වෙනස් කර තිබිම.
  2. ඉල්ලුමි පත්‍රය අනුව ඇතින්න සහ පැටවා ලියාපදිංචි කර දෙන ලෙසට කර ඇති ඉල්ලීම පැටවා ලැබුණ ආකාරය, පැටවාගේ මව පිළිබඳ විස්තර වන ජීවි දෙපාර්තමේනුතුවේ වගකිවයුතු නිලධාරීයා ලවා පරික්ෂා කර ඊට අදාළ වාර්තාවක් ලියාපදිංචි ගොණුවට ඉදිරිපත් නොකිරීම.
  3. ලියාපදිංචි ගාස්තුව පවා නිසියාකාරව නොගෙවීම.
  4. ඇතින්නගේ නියමිත වයස අනුව උස සහ වට ප්‍රමාණය සඳහන් නොකිරීම.
  5. 2013 සහ 2014 වර්ෂ සදහා වාර්ෂික බලපත්‍රය ලබාගෙන නොතිබිම.

 බියගම, අංක.199/2 ලිපිනයේ පදිංචි ඩබ්ලියු.පී.එච්.දීප්ති කුමාර භාරකරු වශයෙන් 2012 අප්‍රේල් 09 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/05/01/01-227 දරණ  ගැහැණු අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. ඇතින්ගේ පැටවා ඉපදුන දිනවකවානු ග්‍රාම නිලධාරී සහතිකයට අනුව තොරතුරු පරස්පරය.
  2. මව් ඇතින්න ලියාපදිංචි කියරීමේ විස්තර ඇතින්න පැටවා උපන් අවස්ථාවේ ප්‍රතිකාර කළ වෛදවරුන්ගේ විස්තර හා මව් ඇතින්නගේ හිමිකාරිත්වය පිළිබඳ ලියකියවිලි ඉදිරිපත් කර නොතිබිම.
  3. ඒ අනුව, ලියාපදිංචි සහ බලපත්‍රය නීත්‍යානුකූල නොවීම. (කැලයෙන් අල්ලා ගත් සතෙකි)
  4. බලපත්‍රවල වයස ව්‍යාජ ලෙස දැක්වීම.
  5. 2013 වර්ෂය සඳහා වර්ෂික බලපත්‍ර දිර්ඝ කිරීමට මව් ඇතින්නගේ ලියාපදිංචිය සහ වාර්ෂක බලපත්‍රය ඉල්ලවා සිටිය දී ඇතින්න මිය ගිය බව හිමිකරු දන්නා තිබිම.
  6. ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ ඇතින්ගේ ඡායාරුප සඳහා නො‍ගැළපෙන කුඩා ඇත් පැටවකුගේ ඡායාරුප ලබාදීම.
  7. ඉහත තත්ත්වයන් ඉදිරිපත් කර ඇති ඩී.එන්.ඒ වාර්තාව ලියාපදිංචි කර ඇති බලපත්‍රය ලබාගෙන ඇති ඇතින්නට අදාළ නොවන බව හා වෙනත් කුඩා අලි පැටවකුගේ බවයි. ඒ අනුව මේ හිමිකරුට වෙනත් කුඩා අලි පැටවකු සිටින බවට සාක්ෂි ඇති බැවින් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නෛතික පියවර නොගැනීම. (දේශපාලන මැදිහත්වීම)

 මහරගම, නාවින්න, පතිරගොඩ පාර, 55/6 ලිපිනයේ පදිංචි සමරප්පුලිගේ නන්දදාස භාරකරු වශයෙන් 2012 මාර්තු 27 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක  වජි/05/05/01/01-333 දරණ  ගැහැණු අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. ග්‍රාම සේවක නිලධාරී සහතිකය නීතියානුකූලව ඉදිරිපත් නොකිරීම.
  2. ඉදිරිපත් කර ඇති අයදුම්පත්‍රයේ ඇති දත්ත හා දිවුරුම් ප්‍රකාශයේ ඇති දත්ත පරස්පර වේ.
  3. ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ඇතින්නගේ උස ප්‍රමාණය සහ පාදයේ වට ප්‍රමාණය වැරදි ලෙස සදහන් කර තිබිම.
  4. 2008 සැප්තැම්බර් 05 දින 556, පතිරගොඩ පාර, නාවින්න, මහරගම සමරප්පුලිගේ නන්දදාස ඉදිරිපත් කර ඇති ලියාපදිංචිය සහ බලපත්‍රය සමග ඉදරිපත් කර ඇති ලිපිගොණුව අනුව අලියගේ වයස අවු 08 මස 10 බවත් උස අඩි 4 අඟල් 04ක් බවත් අලියා මිලදී ගත් බවත් දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන නොකර ග්‍රාම නිලධාරී සහතිකය අනුව පෙනීයයි.
  5. 2008 සැප්තැම්බර් 05 දින ඉදිරිපත් කර තිබු අයදුම්පත්‍රය 2010 අගෝස්තු මස 01 වන දින ඉහත අයදුම්කරුට එම ග්‍රාම නිලධාරී සහතිකය නැවත යවන බවට විෂය භාර ලිපිකරු වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇත. ඒ අනුව 2012 මාර්තු මස 19 දින ලියාපදිංචි සහ වාර්ෂික බලපත්‍රයක් ලබාදීම සැකයට තුඩු දෙයි.
  6. අලියාගේ වයස අවු 10 යි මාස 10 ක් බවත් උස අඩි 10යි අඟල් 04 ක් බවත් ඉදිරිපත් කර තිබු සටහන නැවති අවු 08 මාස 03 සහ උස අඩි 4 අඟල් 04 ක් බවට සදහන් වීම ඒ අනුව අයදුම්පත්‍රයේ දත්ත සහ දිවුරුම් ප්‍රකාශණයේ දත්ත පරස්පර වේ. ඒ අනුව ව්‍යාජ ලියාපදිංචියට විෂ ය භාර ලිපිකරු සහාය දක්වා ඇත.
  7. ඒ අනුව ‍2012 වර්ෂයට ද ව්‍යාජ තොරතුරු අනුව බලපත්‍රයත් නිකුත් කිරීම.
  8. ඩින්.එන්.ඒ වාර්තා අනුව වයස අවු 07 ක් බව සඳහාන් වේ. මෙකී පරස්පර තත්ත්වය යටතේ ඩින්.එන්.ඒ වාර්තා උක්ත ලියාපදිංචි ඇතින්නට අදාළ බව සැක සහිත වේ.
  9. උස සහ ඉදිරි පාදයේ වට ප්‍රමාණය ස්ථාන පරික්ෂාවකින් තොර ඉදිරිපත් කර ඇත.
  10. 2007 සැප්තැම්බර් 05 දින ඉදිරිපත් කර තිබු මෙම අයදුම් කරුගේ අයදුම්පත්‍රය 2010 ජනවාරි 23 වන දින අයදුම් කරු මිය ගිය බවට මරණ සහතිකයක් ඇතත් 2011 ඔක්තොබර් 12 දින මිය ගිය අය නම්න් මුදල් ගෙවා අයදුම්කරුගේ ඇතින්න පැටවා පරික්ෂා කළ බවට ලිපිගොණුව අනුව සනාථ විය. ඒ අනුව වසර 02 අසන්න කාලයක් මිය ගිය පුද්ගලයාගේ නමින් ලිපි ගණුදෙනු කර ඇත. මරණකරුගේ ඉල්ලීම මත 2013 වර්ෂය එකී බලත්‍රයක් දීර්ඝ කර ඇති ඒ අනුව මෙම ලේඛන ව්‍යාජ ලේඛන බවට තහවුරු වේ.
  11. 2013/2014 වර්ෂ සඳහා මේකි බලපත්‍රය දිර්ඝ කර නොතිබිම.

 කො‍ට්ටාව, අතුරුගිරිය පාර, අංක 655 ලිපිනයේ පදිංචි ජෝන් පාවුළු ඉරුගල් බණ්ඩාරගේ කමල් කිත්සිරි භාරකරු වශයෙන් 2011 පෙබරවාරි 10 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/05/01/01-228 දරණ ගැහැණු අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. පළමු ලියාපදිංචියට අනුව අලි පැටිය විකුණා 2008 සැප්තැම්බර් 10 වන දින ලබා දී තිබු ඉල්ලුම්පත්‍රය අනුව මුල් අයිතිකරුට රුපියල් ලක්ෂයක් ගෙවිමට ඇති බව සඳහන් වේ.
  2. ග්‍රාම නිලධාරීගේ සහතිකය නීත්‍යානුකූල නොවීම.
  3. පළමු හිමිකරුගෙන් දෙවන ‍හිමිකරුට අයිතිය ලබාදීමේදී ඉදිරිපත් කළ ඇති ලිපි ලේඛන සනාථ නොවීම.
  4. 2009 අගෝස්තු 28 වන දින අලියාගේ වයස අනුව උස සහ ඉදිරි පාදයේ වට ප්‍රමාණය නිවරදි නොවීම.
  5. 2011 පෙබරවාර් 10 දින ලියා පදිංචිය ‍සහ බලපත්‍රයක් ලබා දී තිබුණී. මෙකි ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්තුව නීත්‍යානුකූලව ගාස්තු ගෙවීම් සිදුකර නොමැත.

අමිරිතිරිගල, මැදගොඩ, ගඟබඩවත්ත, ඒ 72/1 ලිපිනයේ පදිංචි ඩබ්ලියු.එම්.ඩී.පී.සඳමාලි විජේමාන්න භාරකරු වශයෙන් 2011 පෙබරවාරි 10 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/05/01/01-226 දරණ ගැහැණු අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර ඇති සහතිකවල පරස්පරතාවය.
  2. ලියාපදිංචි ලේඛන වල දින මුද්‍රාව තිබු අතර එම දින මුද්‍රාව පෑනක් උපයෝගි කොට වෙනස් කර තිබිම.
  3. 2011 පෙබරවාරී 10 දින ලබා දී තිබූ ලියාපදිංචි ලේඛන වල අත්සන සහ අදාළ නිලධාරීය පිළිබඳ අනාවරණය නොවු අතර ඡායපිටපතක අධ්‍යක්ෂක ජනරාල් වන ජිව සංරක්ෂණ ලෙස සටහන් වේ.
  4. මුල් ලියාපදිංචියේදී ඇතින්න පැටවාගේ වයස අවු 05 මාස 08 බව නිර්ක්ෂණය වේ. අයදුම්පත්‍ර වයස අවු 04 මාස 08 බව සඳහන් කිරීම.මේ අනුව ඉදිරිපත් කර ඇති ග්‍රාම නිලධාරී සහතිකය ව්‍යාජ එකක් බවට අනාවරණය වේ.
  5. මේ ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන් ව්‍යාජ තොරතුරු ව්‍යාජ ලෙස නිර්මාණය කර සිදු කර ඇති බවනිර්ක්ෂණය වේ.
  6. 2013 සහ 2014 වර්ෂ සඳහා මෙකි බලපත්‍රය දිර්ඝ කර නො‍තිබීම.

 බණ්ඩාරගම, විදීගොඩ, “ඉන්ද්‍රානි”, ලිපිනයේ පදිංචි එස්.සී.හපුආරච්චි භාරකරු වශයෙන් 2013 මැයි 22 වන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/05/01/01-346 දරණ  පිරිමි අලි පැටවාගේ අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. සනත් හපුආරච්චි යන අය විසින් තම සීයා විසිනි 1975 වර්ෂයේ වෙන්දේසියකින් ගත් ඇතින්ගේ පැටවකු බව ලබා දී තිබූ දිවුරුම් ප්‍රකාශණය සහ ග්‍රාම නිළධාරි සහතිකය අනුව 2013 මැයි 22 දින ලියාපදිංචි බලපත්‍රක් ලබාදීම.
  2. ඉදිරිපත් කර ඇති සහතිකවල දින මුද්‍රා නොතිබුණී. ඒ අනුව මෙම ලේඛන ලිපි ගොණුවට පසුව ඇතුලත් කර ඇති බව නිරීක්ෂණය වේ.
  3. ග්‍රාම නිළධාරි සහතිකය ද දින වකවානු වල පරස්පරතා‍වයක් ඇත.
  4. අයදුම්පත් පත්‍ර වල අලියාගේ වයස අනුව උස අතර පරස්පරතා‍වයක් ඇත.
  5. දිවුරුම් ප්‍රකාශනයේ දිවුරුම්කරුගේ සම්පූර්ණ ප්‍රකාශ නොවේ ඉල්ලුම් පතට අනුව එස්.සී. හපුආරච්චි ලෙස දක්වා තිබුණ ද දිවුරුම් ප්‍රකාශයේ සනත් හපුආරච්චි ලෙස දැක්වීමෙන් මෙම දිවුරුම් ප්‍රකාශයේ ඉල්ලුම් කරුගේ දිවුරුම් ප්‍රකාශයක් ද බවට අනාවාරණය කර ගැනීමට නොහැකි වීය. තවද මව් ඇතින්න මියගොස් ඇති බව ප්‍රකා‍ශ කළ ද එය කවදා අනාවාරණය ‍කර නොතිබිය.
  6. අලියා පැටියා ඉපදුනු දින වකවානු ඉදිරිපත් කර නොතිබිම.
  7. මව මිය ගොස් ඇත්නම් මරණ පරික්ෂණ වාර්තාවක් සහ මිය ගිය දිනය ඉදිරිපත් කර නොතිබිම.
  8. අයිතිය හිමි ආකාරය සනාථ කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර නොතිබිම.
  9. ඉහත සාක්ෂි ලබා ගැනීමකින් තොරව අත්පත්‍රිකා‍ව පදනම් කර ගෙන 2013 වර්ෂය සඳහා ලියාපදිංචිය සහ බලපත්‍රය ලබාදී තිබුණි.

 මහරගම, ශ්‍රි විපෂ්‍යරාමය යන ලිපිනය යටතේ  එස්.නන්දදාස භාරකරු වශයෙන් 2009 අප්‍රේල් 20 සහ 2012 ජුනි 05 යන දින ජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක වජි/05/04/02 – 164 සහ වජි/05/05/01/01-350 යන ගැහැණු අලි පැටවුන් ‍දෙදෙනා පිළිබඳව අනාවරණ වු කරුණු හා‍ තොරතුරු

  1. කාර්යාල‍ ලේඛන වෙනස් කිරීම සහ කූට ලේඛන සකස් කිරීම.
  2. මිල දී ගැනීමේ කුයිතාන්සි වෙනත් ලිපිගොණුවකින් ලබාගත් ඡාය පිටපතක් බව නිරික්ෂණය වේ.
    ලියාපදිංචි සහතිකය සහ වාර්ෂික බලපත්‍රය ද ඡාය පිටපත් මගින් කූට‍ ලෙස වෙනස් කිරීම.
  3. 2009 අප්‍රේල් 20 වන දින ලියාපදිංචියක් සහ වාර්ෂික බලපත්‍රයක් නිකුත් කර ඇත්තේ සිඟිති නැමති ඇතින්න නමිනි. පසුව ලියාපදිංචි අංක 164 යටතේ සිරිමා නැමැති වෙනත් ඇතින්න පැටවකු ඇතුලත් කර ඇත. සත්‍ය වශයෙන් ලියාපදිංචි කළ සිඟිති ඇතින්න පැටියා අංක 350 යටතේ 2012 ජුනි මස 05 දින නැවත ලියාපදිංචි කිරීමට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි. මේ අනුව අංක 164 දරණ ලියාපදිංචි සහතිකය සිරිමා නමින් නීති විරෝධි අලි පැටවකු ලග තබාගෙන සිටි බව නිරීක්ෂණය වු අතර අංක 164 ගොණුව යටතේ ඉදිරිපත් කර ඇති තොරතුරු ග්‍රාම නිලධාරී සහතිකය, මිල දී ගැනීමේ කුවිතාන්සිය, 2004 ලියාපදිංචිය සහ බලපත්‍රය අදාල වේ.
  4. ඇතින්නගේ ඡාය රුපය ගලවා වෙනත් ඇතින්නගේ ඡාය රුපයක් අලවා ඇති බව. ඒ අනුව ඇතින්න‍ගේ ස්වරුපය සහ විශේෂයෙන් කැපි පෙනේන ලක්ෂණ වාර්ෂික බලපත්‍රය සහ වාර්ෂික බලපත්‍ර ඡායා පිටපත් වල කූට ලෙස වෙනස් කිරීම.
  5. අංක 164 දරණ ලියාපදිංචි අලියාගේ අයිතිකරු මිය ගොස් ඇති බැවින් පුත්‍රයා වන එස්.නිශාන්ත ධම්මික යන නමින් අලියාගේ අයිතිය වෙනස් කර දෙන මෙන් 2014 මාර්තු 28 වන දින අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබිම. එම අයදුම්පත්‍රයේ තො‍රතුරු ව්‍යාජ තොරතුරු වීම. මෙම ලිපිය අනුව අංක 164 යටතේ ලියාපදිංචි කර ඇත්තේ සිඟිති නැමැති ඇතින්න බව එස්.නන්දදාස විසින් ප්‍රකාශ කර ඇත. පසු සිරිමා නැමති ඇතින්න සිඟිති නැමැති ඇතින්න බවත් කූට ලෙස වෙනස් කර ඇත. අංක.350 යටතේ සිඟිති නැමති ඇතින්න ලියාපදිංචි කිරීමට ඉල්ලීම වන ජිවි දෙපාර්තමේන්තුවේ අවු 25 වයස ඇති සිඟිති නම් ඇතින්න ලියාපදිංචි කිරීමට 2012 ජුනි මස 05 වන දින එස්.නන්දදාස ගේ පුතා වන එස්.නිරාශ් රොෂාන් යන අය විසින් අයදුම් පතක් ඉදිරිපත් කර ඇත. මෙම ඇතින්න ලියාපදිංචි කිරීමට සුදුසු බව වන ජිවි සහාකාර අධ්‍යක්ෂ වරයකු ‍2012 ජුලි මස 12 වන දින 2012 සැප්තැම්බර් මස 27 වන දින කාර්යාලයේ සටහන් අනුව මෙම ඇතින්න ලියාපදිංචි කිරීම සාධාරණී කර ඇත. ඒ අනුව අංක.164 යටතේ ලියාපදිංචි කර ඇති ඇතින්න අංක.350 යටතේ ලියාපදිංචි කිරීමට අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව නිරික්ෂණය වේ.
  6. අංක.164 යටතේ රදවා ඇති ඇතින්න 2014 අගෝස්තු වන විට අවු 4 ½, 5 ½ ත් බව පශූ වෛද්‍ය වාර්තා අනුව තහවුරු වන අතර ලියාපදිංචි සහතිකයට අනුව තොරතුරු අනුව අලියාගේ වයස අවු 14ක් වේ. සමරප්පුලිගේ නිශාන්ත ධම්මික යන අය ලියාපදිංචි අංක 164 යටතේ රඳවා සිටින අලියාගේ වයස සහ ලියාපදිංචි සහතිකයේ දැක්වේ වයස අතර නොගැලපිමක් ඇති බැවින් වන ජිවි දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව මෙම අයට විරුද්ධව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක ඒ ආර් 793-14 යටතේ නඩු පවරා ඇත. 2004 අප්‍රේල් මස 20 වෙනි දින ලියාපදිංචි අංක 164 යටතේ ලියාපදිංචි තළ සිඟිති නැමැති ඇතිනන් ලියාපදිංචි කිරීමට අදාළ ලේඛන කූට ලෙස වෙනස් කොට සිරිමා නැමති ඇතින්න පැටවකු ඇතුලත් කර සිඟිති නැමැති ඇතින්න 2012 ජුනි මස 05 වන දින ලියාපදිංචි අංක.350 යටතේ නැවත ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ලියාපදිංචි අංක 164 යටතේ තබාගෙන සිටින අලි පැටවා කැලයෙන් අල්ලා ගෙනවිත් නීති විරෝධිව ලෙස ලගතබා ගෙන සිටින බවට විගණන වාර්තාවෙදී හෙලි වේ.

ඉහත අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ දී ලිපිගොණු පරික්ෂා කිරීමේ දී අංක.164 (350), 226, 227, 228, 333, 345, 346, 347 සහ 348 ලිපිගොණුවල සඳහන් විස්තර අනුව ලියාපදිංචි කිරීමට උත්සාහ ගෙන ඇති සියලුම අලි ඇතුන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලියාපදිංචි කිරීමට උත්සාහ දර ඇති බව නිරීක්ෂණය වේ. මෙම කාර්ය වංචනික ලෙස සිදුකිරීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සෘජු හෝ වක්‍ර දායකත්වය ලැබී ඇති බවට වන සැකය විගණන පරික්ෂණයෙදී බැහැර කළ නොහැක.ඉහත කරුණු අනුව ව්‍යාජ ලේඛක ඉදිරිපත් කර ඇති අලි ඇතුන් කැලයෙන් අල්ලා ‍ගෙන නීති විරෝධි ලෙස ලඟ තබාගෙන සිටි අලි ඇතුන් බවට එන සැකය විගණනාධිපති වාර්තා වේ බැහැර කළ නොහැක.

 

ශ්‍රී ලංකා‍වේ නීතිවිරෝධීව වනයෙන් අල්ලාගත් බවට තහවුරු කරගන්න ලද අලි පැටවුන් සහ පුද්ගලයන් පිළිබඳව තොරතුරු

අනු අංකය නම පැටවුන්ගේ ප්‍රමාණය අලියාගේ නම
01 අජිත් ගාල්ල‍ගේ (දකුණ හෝකන්දර) 04
02 අලි රොෂාන් – චුටි මහත්තය (මහරගම) 04 සිඟිති,සංජු,සංඛ,සමාධි
03 සුනෙත් වීරසිංහ (ජීවනි සිනමාහල්) අලව්ව 02
04 ප්‍රදීප් මිනපලාන (ශ්‍රී දළදා මාලිගාව හස්ති භාරකරු) මාවනැල්ල 01 වස්තු ඇත් පැටවා
05 බුද්ධික මිරිඇල්ල (පහල කඩුගන්නාව) 01
06 තිළිණ ගමගේ (කොළඹ ‍කොටුව අතිරේක මහේස්ත්‍රාත්) නීලම්මහර පාර, මහරගම 01 කණ්ඩුල
07 වාසනා බේකරි (හොරණ) 01 සංජු
08 කොළොන්නාවේ සිරි සුමංගල හිමි (දෙව්රම්වෙහෙර-පන්නිපිටිය) 01 දෙවිමිණි
09 උඩුවේ ධම්මාලෝක හිමි 01
10 සිමන් සම පුත්‍රයෝ (බියගම) 01
11 වරුණ කන්නන්ගර (හොරණ) 01
12 දරණගම කුසල ධම්ම හිමි (ශ්‍රී සම්බෝධි විහාරය) 01
13 ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්) 01
14 සජිත් ද වාස් ගුණවර්ධන (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී) අම්බලන්ගොඩ. 01
15 ප්‍රේමසිරි (ප්‍රේමසිරි Safari) හබරණ 01 සුද්දි
16 ගාන්දිනී රාජපක්ෂ (දෙනියාය) 02
17 ශෂේන්ද්‍ර රාජපක්ෂ (හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හා රුහුණු කතරගම බස්නායක නිළමේ) 01 බානු
18 නාමල් රාජපක්ෂ (පාර්ලිමේන්තු මන්ත්‍රී) වීරකැටිය 02

 ඉහත සඳහන් සියළු අලි පැටවුන් නීති විරෝධිව වනයෙන් අල්ලාගත් පැටවුන් වන අතර මෙම පැටවුන් සඳහා නීතිමය අව්‍යාජ බලපත්‍ර (සත්‍ය) නොමැත. මෙම අලි පැටවුන්ගේ මව හෝ උපත පිළිබඳව කිසිදු සත්‍ය වාර්තා නොමැත බව දුෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණි කොට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 6  දෙනෙකු වෙත සන්නස් පත්‍ර මගින් ලබාදී ඇති අලි ඇතුන්  කෙසේ ලැබුණේ දැයි යන්න  පිළිබඳව කොළඹ පුළුල් පරීක්ෂණයක් රහස් පොලිසිය විසින් ආරම්භ කර තිබේ. රහස් පොලිසි මේ බව මාර්තු 15 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.

මැදමුලන අත්තනයාල පාරේ යාය පදිංචි මේජර් නෙවිල් වන්නිආරච්චි ( හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරි), නුගේගොඩ මිරිහාන, පැඟිරිවත්ත මාවත, අංක 26 පදිංචි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල විමලරතනහිමි, කණ්ඩලම වලව්ව, කණ්ඩලම පදිංචි නිලන්ති බණ්ඩාර වීරසිංහ, ශ්‍රී ලංකා පාබල හමුදාව, පනාගොඩ ලිපිනයෙහි සේනා විධායක, මැදමුලන මහඕවිට පාලටුව පදිංචි උපුල් දිසානායක(මහින්ද රාජපක්ෂ ගේ සම්බන්ධිකරණ ලේකම්, යන අය භාරයේ සිටි අලි ඇතුන් පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

 

දූෂණ විරෝධි පෙරමුණ

2016 මාර්තු මස 16 වැනිදා

 

 

 

 

 

 

 

දුෂණ විරෝධී පෙරමුණෙහි මාධ්‍ය ඒකකය විසින් 2016 මාර්තු මස 21 වැනිදා නිකුත් කරනලද නිවේදනයකි.

Archive

Latest news

Related news