Friday, May 3, 2024

පාර්ලිමේන්තුවේ බාර් හිමිකරුවන් 100 ක් හා ෂෙඩ් හිමිකරුවන් 50ක්

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 100කට ආසන්න පිරිසක් මත්පැන් අලෙවි සැල් හිමිකරුවන් බව සති අන්ත ජාතික පුවත්පතක් හෙළිකරයි.

ඔවුන් අතර හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් සිටින අතර මෙම සුරාසැල් බලපත්‍ර බොහෝමයක් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ පවුලේ සමීපතම ඥාතීන්ගේ නමින් බවත් හෙළිවේ.

එක් මත්පැන් අලෙවි සැලක මසකට ලාභය රුපියල් මිලියන දෙකක් ඉක්මවන බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් දෙදෙනෙකුට මත්පැන් අලෙවිසැල් 10 බැගින්ද කළුතර දේශපාඥයකුගේ බිරිඳගේ නමින් මත්පැන් අලෙවිසැල් දෙකක්ද පවතින බවද හෙළිවේ. මෙම බාර් හිමි දේශපාලඥයින් අතර කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් තිදෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ සිව් දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයේ දෙදෙනෙක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තිදෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිදෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රීවරයෙක් සිටින බව පැවසේ. මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ගේ  සුරාසැල් පවතින බව අනාවරණය වේ.

සුරා සැල්වලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් 50 දෙදෙකුට පමණ රටපුරා විවිධ ස්ථානවල ඉන්ධන පිරවුම් හල් ඇති බවත් අනාවරණය වේ.

– Lanka truth

Archive

Latest news

Related news