Thursday, May 2, 2024

මාධ්‍යවේදීන්ට මර්ණ තර්ජන කළ වරාය සභාපති ගැන විධිමත් පරීක්‍ෂණයක් අවශ්‍යයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

(ධම්මික රණතුංග මාධ්‍ය වේදීන්ගේ ජායරෑප ගත්තේ බිය කිරීමට ද?)
මාර්තු මස 16 දින අධිකරණ කටයුතු වාර්තා කිරීමට ගිය ජාතික රූපවාහිනී සංස්ථාවේ අධිකරණ වාර්තාකරු සුබ‍්‍රමනියම් ගුණරත්නම් මාධ්‍යවේදියාට මරණ තර්ජන කරමින් බැණ වැදුණු ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාගේ එම පහත් හැසිරීම ගැන දැඩි අප‍්‍රසාදය හා විරෝධය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුවිය යුතු යැයි අවධාරණය කර සිටී.

සී එස් එන් රූපවාහිනී නාලිකාවේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග මහතාට ඇප ලබා ගැනීම සඳහා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලූම්පත සළකා බැලීම සිදු වූ මෙදින අධිකරණ භූමියට පැමිණෙමින් සිටි ඔහුගේ සහෝදරයකු වන, වරාය සංවර්ධන අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා ඇතුළු පිරිස වීඩියෝ ගත කළ අවස්ථාවේ ඒ මහතා විසින් ජාතික රූපවාහිනී සංස්ථාවේ අධිකරණ වාර්තාකරු වෙත බැණ වදිමින් මෙසේ මරණ තර්ජන එල්ල කර ඇත. මෙම මාධ්‍යවේදියාට බැණ වදින ආකාරය දුටු ඒ ආසන්නයේ සිටි සිරස, දෙරණ, බීබීසී ආදී ආයතනවල මාධ්‍යවේදීන් ද කැමරා රැගෙන පැමිණ එම සිදුවීම වාර්තා කර තිබේ. එම අවස්ථාවේ ධම්මික රණතුංග මහතා ද තම ජංගම දුරකතනයෙන් එම මාධ්‍යවේදීන්ගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගත් බව සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීහු ප‍්‍රකාශ කරති. එමෙන්ම ඡුායාරූප ගැනීම හෝ වීඩියෝ ගත කිරීමත්, ගුණරත්නම් මාධ්‍යවේදියාට ‘‘වල් බූරුවො, මම උඹව මරණවා’’ යනුවෙන් මරණ තර්ජන කිරීමත් අණතුරුදායක නිසා ඔවුන් ඒ සම්බන්ධයෙනක් කොළඹ කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ගුණරත්නම් මාධ්‍යවේදියා ඉදිරිපත් කළපැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස අනෙක් මාධ්‍යවේදීන්ද ඉදිරිපත්ව ඇත. පැමිණිලි අංකය සීබී 234/201 වේ.

සීඑස්එන් රූපවාහිනී නාලිකාව ආරම්භ කිරීම සඳහා යෙදවූ මුදල් උපයා ගත් ආකාරය පැහැදිලි කිරීමට නොහැකි වීම නිසා අධිකරණයෙන් චෝදනා ලැබ සිටින සැකකරැවන්ගෙන් කෙනෙකු වූ නිශාන්ත රණතුංග මහතාගේ ඇප අයදුම්පත සලකා බැලීම මෙදින සිදුවීමට නියමිතව තිබිණි. රාජ්‍ය මුදල් අවභාවිතය සහ බරපතල මූල්‍ය අපරාධ මෙන්ම මහජන යහපතට හානිකර වෙනත් බරපතල අපරාධවලට චෝදනා ලැබූවන් සම්බන්ධ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු වාර්තා ඉදිරිපත් කිරීම පසුගිය වකවානු තුළ මාධ්‍ය මගින් නිරන්තරයෙන් සිදු කරනු ලැබූ අතර චූදිතයන් වෙනුවෙන් පැමිණෙන මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් හා වෙනත් ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් අදහස් ලබා ගැනීම ද මෙම වාර්තාකරණයේ දී සිදුවිය. අති විශාල මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන්නට නොහැකි වී ඇති සීඑස්එන් සිදුවීම තවමත් මහජනතාවගේ උනන්දුවට හේතු වී ඇති කාරණයකි. මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය නිලධාරියකු එවැනි සිදුවීමක චූදිත පුද්ගලයකු වෙනුවෙන් ප‍්‍රසිද්ධ ස්ථානයක පෙනී සිටීම පෞද්ගලික කරුණක් නොවන අතර එය මහජනතාව දැනගත යුතු කරුණක් බවද එම සිදුවීම් නිදහසේ වාර්තා කරන්නට ජනමාධ්‍යවේදීන්ට අයිතියක් තිබිය යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි. මහජන නිලධාරියකු මෙවැනි සිදුවීමක චූදිත පුද්ගලයකු වෙනුවෙන් ප‍්‍රසිද්ධ ස්ථානයක පෙනී සිටීම පෞද්ගලිකත්වයට සීමා නොවේ. මහජන යහපත යන්න පෞද්ගලිකත්වය ඉක්මවා යන්නක් බව ද සිහි තබා ගත යුතුය.

මීට පෙරද අවස්ථා කිහිපයක දී මාධ්‍යවේදීන්ට බැණ වැදීම් සිදු වී ඇති අතර එයි‘මරණ තර්ජන’’ දක්වා දිගු වීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි ලෙස කණස්සල්ල ප‍්‍රකාශ කර සිටී. ඒ සමඟම මෙවැනි සිදුවීම් යළි යළිත් සිදු නොවීමට රජයක් වශයෙන් වග බලා ගත යුතු බව ද, රාජ්‍ය නිලධාරියෙකුගේ මෙම හැසිරීම හා ජනමාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතු`ඵ රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව ද ඉහත රාජ්‍ය නිලධාරියාගේ මරණීය තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු කළ යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටී.

සීතා රංජනී – කැඳවුම්කරු සී.දොඩාවත්ත – ලේකම්

Archive

Latest news

Related news