Thursday, May 2, 2024

“වල් බුරුවෝ උඹලා දන්නේ නැ මං කව්ද කියලා“; තවත් යහපාලන ලොක්කෙක් මාධ්‍යවේදීන්ට බුරයි

( ධම්මික රණතුංග මාධ්‍යවේදින්ගේ පින්තූර ගනිමින්)

“උඹලා දන්නෙ නෑ මං කවුද කියලාල බලාපල්ලා උඹලට කරන දේ” යැයි ජනමාධ්‍ය වේදින්ට උසාවි බිමේදී අද බැන වැදුනේ වෙන කව්රුක් නොව මිස්ටර් කූල් යැයි කලකට පර නම් පටබැදි වත්මන් වරාය ඇමැති අර්ජුන රණතුංග විසින් වරාය සංස්ථාවෙහි සභාපති ලෙස පත් කරන ලද ඔහුගේම සොයුරු ධම්මික රණතුංගය.  එපමණක් නොව තමන්ගේ පිනතූර නොගන්නැයි මාධ්‍යවේදින්ට බැන වැදුණු රණතුංග තමාගේ ජංගම දුරකථනයෙන් මාධ්‍යවේදින්ගේ පින්තූර ගත්තේ ය‍.

ඔවුන් ඒ තරමට අද බලවත් යැයි මාධ්‍ය ක්‍රියාකාරිකයකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසීය.

ලංකාදීප, දිවයින සහ ඩේලි මිරර් යන පුවත්පත් මෙම සිදුවීම වාර්තා කල නමුත් රජයේ මාධ්‍ය එය වාර්තා කළේ නැත.

ඔහු මෙසේ බැන වැදුණේ ඊයේ (16) උදැසන කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී ය. එහිදී ඔහු ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්‌ථාවේ කොළඹ දිස්‌ත්‍රික්‌ වාර්තාකරු එස්‌. ගුණරත්නම් මහතා ඇතුළු මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදුණ බව දිවයින වාර්තා කරයි.

එම වාර්තාව තවදුරටත් මෙසේ කියයි:

ranthunga
අයියා  මල්ලී වාගේ … රණතුංග සහෝදරයෝ

රක්‍ෂිත සිර භාරයේ පසුවන නිශාන්ත රණතුංග මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රතිශෝධන අයදුම්පත පිළිබඳ නියෝගය ඊයේ පෙරවරුවේ කොළඹ අංක 7 මහාධිකරණයේදී නිකුත් කිරීමට නියමිතව තිබූ අතර එම නඩුව වාර්තා කිරීමට මාධ්‍යවේදීහු රැසක්‌ අධිකරණයට පැමිණ සිටියහ. මාධ්‍යවේදීන් අධිකරණ සංකීර්ණයේ සිට එම නඩුව සඳහා නීතිඥයන් හා පෙත්සම්කාර පාර්ශ්වයේ පිරිස අධිකරණයට පැමිණෙන අයුරු වීඩියෝ ගත කරමින් සිටියදී මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් මහතා අසලට පැමිණි ධම්මික රණතුංග නමැත්තා “එක එක්‌කෙනාගේ මුහුණු වීඩියෝ කරන්න උඹලාට කවුද අවසර දුන්නේ. උඹලට ඕන විදිහට එහෙම අපේ මුහුණු වීඩියෝ කරන්න පුළුවන්දැයි ඔහුගෙන් ඇසුවේය.

“මහත්තයෝ අපි කරන්නේ අපේ රක්‍ෂාව. ඒකට අපිට ඔබතුමාගෙන් අවසර ගන්න ඕනේ නෑ. වරදක්‌ කළානම් ඔබතුමා ඒකට විරුද්ධව පියවරගන්න යෑයි” එවිට එම මාධ්‍යවේදීයා ඔහුට උත්තර දුන්නේය.

“වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම් යෑයි එවිට මාධ්‍යවේදීන්ට තර්ජනාත්මකව පැවැසූ ධම්මික රණතුංග ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් එහි සිටි මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගත්තේය.

ඉතා ආවේගශීලීව හා අසංවර ලෙස අධිකරණ භූමිය තුළ හැසිරුණු ඔහු සමග විවාදයට නොගිය මාධ්‍යවේදීහු මරණීය තර්ජනය පිළිබඳ අධිකරණ සංකීර්ණයේ ආරක්‍ෂාව භාරව සිටින පොලිස්‌ මුරපළේ නිලධාරීන් දැනුවත් කර නඩු කටයුත්ත අවසන් වූ පසු කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගත්හ. මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් මහතා කළ එම පැමිණිල්ල සනාථ කරමින් එම අවස්‌ථාවේ එහි සිටි තවත් මාධ්‍යවේදීහු තිදෙනෙක්‌ පොලිසියට ප්‍රකාශ ලබා දුන්හ.

එම සිද්ධියෙන් පසුව මාධ්‍යවේදීන් හමුවට පැමිණි ඔහුගේ මව සිය පුත්‍රයාගේ අසංවර හැසිරීම පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් සමාව අයෑද සිටියාය.

Archive

Latest news

Related news