Friday, April 26, 2024

රාජපක්ෂ නීතිපති දෙපාර්ථමේන්තුව එල්ටීටීඊ නායකයින් රැකගත හැටි

(දයා මාස්ටර්)

තමන්ට පක්ෂපාතී තවත් එල්ටීටීඊ නායකයකු වූ දයා මාස්ටර් පිළිබඳ පරීක්ෂණ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් වසර පහක් පුරා පමා කර ඇති බව අද අධිකරණයේ දී හෙළිදරව් විය. 2015 ජනාධීපතිවරණයේ දී දයා මාස්ටර් විසින් මෙහෙයවන ලද දෙමළ බසින් විකාශණයන් කරන ඩෑන් රෑපවාහිනිය සහමුලින්ම පොනී සිටියේ රාජපක්ෂ දිනවීමටය.

හෙවත් එල්ටීටීඊ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වූ ‘දයා මාස්ටර්’ සහ භාෂා පරිවර්තක ‘ජෝර්ජ් මාස්ටර්’ යන දෙදෙනා පිළිබඳව ගත යුතු ඉදිරි නෛතික පියවර සම්බන්ධයෙන් නීතිපති උපෙදස් සදහා යොමුකර වසර 05ක් ඉක්ම ගොස් ඇතැයිද 2014 වසරේ ඔක්තොම්බර් 6වෙනිදා සහ 2015 වසරේ ජුනි මස 18වනදා සහ නොවැම්බර් මහ 16වනදා සිහි කැඳවීම් ලිපි යොමුකර ඇතත් මෙතෙක් උපදෙස් ලැබී නැතැයිද අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන් බව ලංකා ට්රුත් වාර්තා කරයි.

ඉකුත් 2009 වර්ෂයේ මානුෂීය මෙහෙයුම පැවැති අවස්ථාවේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව මෙම දෙදනා ඕමන්ත පොලිසියට භාරදී තිබිණ. ඉන් අනතුරුව මොවුන් දෙදෙනාගේ ක්‍රිරයාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා ඕමන්ත පොලීසිය ඔවුන් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

පේදුරුතුඩුවේ වේලායුධන් දයානිදි හෙවත් ‘දයා මාස්ටර්’ සහ පේදුරුතුඩුවේ වේළුපිල්ලේ කුමරු පංචරත්නම් නොහොත් ‘ජෝර්ජ් මාස්ටර්’ ඊයේ අධිකරණයේ පෙනී සිට ඇති අතර ඔවුහු තවමත් සිටින්නේ අධිකරණ ඇප මතය.

මොවුන් ශ්‍රී ලංකා හමුදාවට භාර වීමෙන් පසු ඇප මත සිටියදී එවකට පැවති රාජපක්ෂ පාලනයේ ප්‍රබලයන් වූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂද මොවුන් සමග ඉතා කට්ටු හා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. විවිධ අවස්ථාවලදී උතුරේ විවිධ උත්සව සඳහාද විශේෂයෙන් දයා මාස්ටර් සමග රාජපක්ෂ පාලනයේ ප්‍රබලයන් සිටිනු දක්නට ලැබිණ.

මෙම දෙදෙනා පිළිබඳව නීතිපති උපදේස් ඉල්ලා වසර 5ක් ගත වී ඇතැයි අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසද්දී එම වසර පහෙන් 4ක්ම ගත වී ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. දේශප්‍රේමීත්වයත්, ජාති ආලයත් ඉස්මතු කරමින් කටයුතු කිරීමට උත්සාහ දරන මහින්ද රාජපක්ෂලා බලයේ සිටියදී මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වේලගවත් නොකලේ මන්ද? රාජපක්ෂලා එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන් සමග සුරතල්ව කටයුතු කළ අතර දයා මාස්ටර්, ජෝජ් මාස්ටර්ට අමතරව කේ.පී., පිල්ලෙයාන්, කරුණා, එමිල්කාන්තන් වැනි එල්ටීටීඊ ඉහළ ක්‍රියාකාරිකයන්ගේ නම්ද එසේ රාජපක්ෂ හිතවතුන් ලෙස කටයුතු කර ඇතැයි මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ.

Archive

Latest news

Related news