Thursday, May 2, 2024

මිලියන 1000ක් පාඩු කරමින් මුදල් ඇමැති ප්‍රාඩෝ මුදාහැරියේ රාජපක්ෂගේ වක්‍ර ලේඛනයකින්

රේගු පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී ටොයොටා ප්‍රාඩෝ (Toyota Prodo TRJ) මෝටර් රථ 189ක් මුදල් ඇමතිවරයාගේ බලපෑම මත මුදාහැරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ වංචාවට ඉඩ සැළසී ඇත්තේ  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කන ලද වක්‍රෙල්ඛනයක් බව  රේගු වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තම හිතවත් ජාවාරාම්කරුවකු රේගු නඩුවකින් බේරා ගැනීමට 2013. 08. 02 දිනැති අංක 01/2013 දරණ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මගින් එහි අංක 02/01/ඈ හි ‘‘මෙම බලපත්‍රයටතේ ගෙන එනු ලබන වාහන ඕනෑම අවස්ථාවක වෙනත් පාර්ශවයකට පැවරිය හැක.’’ ලෙස සඳහන් කර ඇති බව ඔව්නු පෙනවා දී තිබේ.

කෙසේවුවද අදාළ මුදාහැරීමෙන් රජයට අයකර ගත හැකිව තිබූ රුපියල් මිලියන 1000 ක පමණ පාඩුවක් සිදුව ඇති බවද මෙහිදී ඔවුන් ජනපතිවරයාට  රේගු වෘත්තීය සමිති කියා සිටී.

සමස්ත ලංකා රේගු සේවක සංගමය ජනපති හා සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන රේග නිලධාරී සංගමය මේ බව හෙළි කරයි

(පින්තූරය ශ්‍රී ලංකා මිරර් ඇසුරිිනි)

එම  නිවේදනය පහත පළවේ.

MahindaPrado1_600px_16_03_11

Archive

Latest news

Related news