Thursday, May 2, 2024

රාජපක්ෂ සමයේ පීඩා විඳි මාධ්‍යවේදීන් සහ ආයතනයන්ට වන්දි ගෙවීමට ජනපති කමිටුවක්

( රාජපක්ෂ සමයේ ජනමාධ්‍ය උද්ඝෝෂනයකින් පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ ඉදිරිපිට තැබූ සටන් පාඨ පුවරු (C)SrilankaBrief)

පසුගිය වසර 10 ක කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්ව සිටින මාධ්‍යයවේදීන් පිළිබඳව සොයා බලා සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ කමිටුවක් පත්කර ඇත බව ජනාධිපති මාධ්‍ය අංශය නිව්දනය කරයි.

2005 වසරේ ජනවාරි මාසයේ සිට 2015 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ අසාධාරණයන්ට, හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යයවේදීන්ට, තම වෘත්තීමය අනන්‍යතාවය සමග, පත් වූ අසාධාරණය එම කමිටුව ෙවතට ඉදිරිපත් කළ හැකිය.

පීඩාවට පත්ව සිටින සියලුම මාධ්‍යයවේදීන් සහන ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට තම වෘත්තීමය අනන්‍යතාවය සමග සිදු වූ අසාධාරණය,පාඩුව පිළිබඳ තහවුරු කළ හැකි දත්ත හා තොරතුරු 2016 ජුනි 15 වැනි දිනට පෙර එස්.ටී. කොඩිකාර, ජනාධිපති අතිරේක ලේකම්, ජනාධිපති කාර්යාලය කොළඹ – 01, යන ලිපිනයට ඉදිරිපත් කළ හැකිය.

මෙම කමුටුව හුදෙක් වන්දි ගෙවීමේ කමිටුවක් වන අතර ජනමාධ්‍ය ඝාතන සහ ආයතන ගිනි තැබීම් යනාදිය යොයා බැලීම පොලිස් පරීක්ෂණ යටතේ පමණක් සිදුවනු ඇති බව අපේ ආරංචි මාර්ග දක්වයි.

PicketPosE_J(2010 මාධ්‍ය නිදහස සඳහා වූ පොස්ටරයක් )

(ශ්‍රීලංකාබ්‍රීෆ්)

Archive

Latest news

Related news