Sunday, April 28, 2024

උසස් අධ්‍යාපන ඇමති කිරිඇල්ල තුට්ටු දෙකේ වැඩක්කර උත්තර බදියි

උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහාතා සිය හිතවතෙකු කැලණිය විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරයකු ලෙස බඳවාගන්නා ලෙසට එම විශ්ව විද්‍යාලයේ අංශාධිපතිවරයකු වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බව ලංකා ට්රුත් වෙබ් අඩවිය සඳහන් කරයි.

උසස් අධ්‍යාපන ඇමතිවරයා මෙවැනි ලිපියක්  යොමු කිරීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර දැඩි කතා බහට හේතු වී තිබේ.  විෂයභාර කැබිනට් ඇමතිවරයා මේ ආකාරයෙන් තම හිතවතෙකු අධ්‍යයන කාර්ය මණ්ඩලයට බඳවා ගන්නා ලෙසට විශ්වවිද්‍යාලයකට ලිපියක් යොමු කළ පළමු අවස්ථාව මෙය බවට ඔවුහු ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයාට චෝදනා කරන බවද එහි දැක්වේ.

ඇමතිවරයා යොමු කර ඇති ලිපියෙන් ඉල්ලා ඇත්තේ අදාළ පුද්ගලයා කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයට තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගන්නා ලෙසටය. මේ පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි දේශපාලන පත්වීමක් සිදු කරන ලෙස  විශ්වවිද්‍යාල සඳහා ඉල්ලීම් කළ පළමු අවස්ථාව මෙය බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් එම වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේකැලණිය විශ්වවිද්‍යාලයට මීට පෙරද දේශපාලන පත්වීමක් සිදු කිරීමට උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා උත්සාහ ගත් බවත් ඊට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැක්වූ දැඩි විරෝධය හමුවේ හකුළා ගනු ලැබූ බවය.

මේ අතර ආණ්ඩුවේ දිනමිණ පුවත්පත විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්වවිද්‍යාලන්ට නිර්දේශ ලබාදීමට අමාත්‍යාවරයාට බලයක් ඇති බව කියමින්   ඇමැතිවරයා නිවේදනයක්ද  නිකුත් කර ඇති බව සඳහන් කරයි.. එම නිවෙදනය අවසානයට දැක්වෙන අතර  ඉන් පෙනි යන්නේ දේශපාලන අතපෙවීම් කිරිඇල්ල අනුමත කරන බවයි.

ඇමැතිවරයා කැළණි සරසිවියට යැවූ ලිපිය

කිරිඇල්ල යැවූ තුට්ටුදෙකේ ලියුම
කිරිඇල්ල යැවූ තුට්ටුදෙකේ ලියුම

ඇමැතිවරයා සිය පියවර සාධාරණ කරමින් යැවූ ලිපිය

12894

 

 

Archive

Latest news

Related news