Sunday, April 28, 2024

තමුසේ තමුසේ මාධ්‍යවේදියෙක් නොවෙයි ඕයි: ඇමැති කිරිඇල්ලත් අගමැති අඩිපාරේ

(ශ්‍රීලංකා බ්‍රීෆ්/ 01 මාර්තු 2016)

ඇමැතිතුමා යැවූ කැලණී විශ්වවිද්‍යලයට යැවූ බව කියන ලිපිය ඔබතුමා යැවූ එකක්ද? යන ශිෂ්ඨසම්පන්න ප්‍රශ්ණය ඇසූ මාධ්‍යවේදියකුටඇමැති කිරිඇල්ල තමුසේ මාධ්‍ය වේදියෙක් නොවෙයි ඕයි යනුවෙන් බැණ වදිනු අද කොළම පැවැති පුවත්පත් සාකච්ජාවකදී දක්නට ලැබුණි.මෙයට පෙර පාර්ලිමේන්තුවෙහිදී අගමැති වික්‍රමසිංහ ජනමාධ්‍යවේදීන්

ඇමැතිවරයාට යකා ගැන ඇත්තේ ඔහු විසින් කැළණි විශ්වවිද්‍යාලයේ තාවකාලික කථාකාචාර්‍යවරයකු ලෙස සිය හිතවකතු බඳවා ගන්නැයි කරන ලද අනියම් ඉල්ලීම හෙළිදරව්වීමත් සමඟය.
ප්‍රශ්ණයට පිළිතුරු දෙනු වෙනුවට ඇමැතිවරයා කළේ විහ්ව විද්‍යාල පනත කියවා තිබේදැයි අසමින් දිගින් දිගටම බැන වැදිමය.

එවිට මාධ්‍ය වේදියා කියා සිටියේ ඊයේ ඔබතුමාගෙ මාධ්‍ය ලේකම් කිව්වා මේ ලිපියේ ඔබතුමාගෙ සීල් එක නෑ කියල, එක දැන ගන්නයි ඇහුවේ කියා ය‍

ඇමැතිවරයා ඊට හෝ පිළිතුරක් දීම වෙනුවට කළේ ‘තමුසෙලා ඉස්සෙල්ල විශ්වවිද්‍යාල පනත කියවල එනවා පෑනක් ගැත්තට තමුසෙල මාධ්‍ය වේදියො නොවයි ඕයි’ යනාදි ලෙස තප්පුලෑම පමණි.

එම පුවත්පත් සාකච්ජාවේදීම ඇමැති කිරිඇල්ල කැළණි සරසවියේ වෙනත් ආවාර්යවරයක හදුන්වන ලද්දේ අර සුනන්ද මද්දුම බන්ඩාර කියන එකා ලෙසය.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් ‘රනිල් වික්‍රමසිංහ ධර්මය’ දැන් එජාප දේශපාලනය වෙමින් ඇත්තේදැයි මෙම ගොරනාඩුවෙන් පසු ප්‍රශ්ණ කළ යුත් බව මාධ්‍ය ක්‍රියාකාරිකයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත කියා සිටියේ ය.

(එස්.ඩී)

Archive

Latest news

Related news