Sunday, April 28, 2024

ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන් – ඩිව් ගුණසේකර

( හතර දෙනාම එක වල්ලේ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් වෙනත් පක්ෂ පිහිටුවීමට මෙම අවස්ථාවේ රට අරාජික කරවීමට හේතුවන තීරණයක් බවත් එයට තම පක්ෂය කිසිසේත් සහයෝගය නොදක්වන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්සයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා රාවය පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

වෙනත් පක්ෂ නිර්මාණය කිරීම එහි නායකත්වය ගන්නා පුද්ගලයන්ට මිස පොදු ජනතාවගේ යහපත උදෙසා ගන්නා තීරණයක් නොවන බවද ඔහු පවසයි.

මේ වනවිට නව පක්ෂයක් පිළිබඳව අදහස් පළ කරන උදය ගම්මන්පිල හා විමල් වීරවංස යන දෙපළම අන්ත ජාතිවාදීන් වීම නිසා නව පක්ෂය කිසිසේත්ම වාමාංශික හෝ ප්‍රගතිශීලී අදහස් මත ක්‍රියාත්මක නොවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට ආණ්ඩුවට ගෙන ආ යුතු විවේචන තිබුණද විපක්ෂ කණ්ඩායම එම සාධනීය විවේචන වෙනුවට ජාතිවාදී තර්ක පමණක් ගෙන එමින් සිටින බවද ඔහු පවසයි.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news