අද අප සියලුදෙනා එක්වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්. වසර 68 කට පෙර බි‍්‍රතාන්‍ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන් අප නිදහස ලබා ගැනීමෙන් පසුව වසරක් පාසා පවත්වන රටේ ස්වාධීනත්වය ලබාගත්තා වූ ජාතික නිදහස් සමරු උළෙලේ අද 68 වන අවස්ථාව.
විශේෂයෙන්ම 1948 ත් 2016 අද දවසත් ගත්විට නිදහස පිළිබද කථා කිරීමේදී ආර්ථික දේශපාලන, සමාජයීය, සංස්කෘතික වශයෙන් අපේ රට වගේම මුළු ලෝකය පුළුල් වෙනස්වීම් සහ පරිවර්තනයක් රාශියකට බදුන් වී තිබෙනවා.
1948 ලබාගත්තා වූ නිදහස අර්ථකථනය කළහොත්, එය නිර්වචනය කළහොත් 48 අපේ රටේ ජනතාව බලාපොරොත්තු වූ නිදහසත් 68 වසරකට පසුව අද අපි බලාපොරොත්තු වන නිදහසත් යන මේ දෙක අතරේ පුළුල් වෙනස්කම් තිබෙන බව මා විශ්වාස කරනවා.
1948 එහෙම නැත්නම් 50 දශකයේ උපන් දරුවෙක් මම හදුන්වන්නේ සංස්කෘතික දරුවෙක් විදිහටයි. 2016 වැනි මේ කාල සීමාව ගත් විට 21 වන ශත වර්ෂයේ මුල් අවස්ථාව ගත් විට අද උපදින දරුවන් අපි දකින්නේ තාක්ෂණික දරුවන් ලෙසයි. එසේනම් 50 දශකයේ ඉපදුන සංස්කෘතික දරුවාත් මේ 21 වන සියවසේ මුල් භාගය තුළ නැත්නම් අද දවසේ උපදින තාක්ෂණික දරුවාත් එක් කරමින් ජාතිය ගොඩනැඟීමේ කාර්යය රට ගොඩනැඟීමේ කාර්යය අප විසින් සාමුහික ප‍්‍රයත්නයකින් කළයුතු යැයි මා විශ්වාස කරනවා.
ආදරණීය දරුවනි, දෙමාපියනි, මිත‍්‍රවරුනි, යටත් විජිතවාදයෙන් නිදහස ලබා ගැනීම සඳහා එදා සටන් කළ ජාතික වීරවරයන් පිළිබඳ කථා කරන විට ඒ ජාතික වීරවරයන් අතරේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන නිදහස් අරගලයේ සමකාලීන නායකයින් රාශියක් සහෝදරත්වයෙන් එකමුතුවෙන්, මිත‍්‍රශිලීව එක මතයකින් රටට නිදහස ළඟා කර ගැනීම සඳහා සටන් කර නිදහස ලබාගත් බව අපි සෑම කෙනෙක්ම ඉතාම පැහැදිළිව දන්නවා.
අපි ඉන් එහාට ගියොත් 1505 සිට විදේශීය ආක‍්‍රමණිකයින් අපේ රට ආක‍්‍රමණය කළ අවස්ථාවේ සිට එහෙම නැත්නම් 1505 දිට 1948 දක්වා කාල සීමාවක ඒ අවුරුදු හාරසීය ගණනක් අපි විදේශීය ආක‍්‍රමනිකයින්ට යටත්වී සිටී යුගයේදී අපේ බොහෝ දේ විනාශ වුණා. අපේ කියන අපේකම බිඳී ගියා. අපේ සංස්කෘතික සෝදාපාළුවක් ඇති වුණා. බරපතළ ආර්ථික විනාශයන් ඇතිවුණා. පෙර රජ දවස ගොඩනඟා තිබූ මහා වැවි අමුණු සමග සශී‍්‍රකත්වය සහ සමෘද්ධියෙන් පිරි තිබූ අපේ උතුම් ශී‍්‍ර ලංකාව වසර හාරසිය ගාණක් යටත් විජිතයක්ව තිබියදී අපට තිබු බොහෝ දේ විනාශ වුණා.
ඒ විනාශ වීම වසර හාරසීය ගාණක් තුළ සිදුවුණ 1505 සිට සටන් කළ අපේ වීරවරයින් සිය සුසුම, දහදිය, කදුළ ලේ පරිත්‍යාග කරමින් අවුරුදු ගනණක සටනකින් පසුව 1948 නිදහස ලබා ගත්තා. අප යටත් විජිතවාදයෙන් නිදහස් වුවත් අවුරුදු හාරසීයක් ගාණක් අපේ රට ආක‍්‍රමණය කළ, පාලනය කළ විදේශිකයින් මේ රටේ හැදු ප‍්‍රශ්න, නිර්මාණය කළ ප‍්‍රශ්න අපට භාරදී තමයි ආපසු ගියේ.
විශේෂයෙන්ම 30, 40 දශකයේ ඒ වීරවරයින් ගෙන ගිය සටනේදී ආගම්, ජාති, කුලවාදයෙන් තොරව සියලුදෙනා එක්ව එකට කළ සටනින් ලැබූ ජයග‍්‍රහණයෙන් පසුව අපේ රට ගොඩනැඟීමේ කාර්යයේදී අද වන විට වසර 68 ක් ගෙවී ගොස් තිබෙන අවස්ථාවක අපේ රට ආක‍්‍රමණය කළ පිරිස් අපට භාරදී තිබූ ප‍්‍රශ්න අප විසඳුවාද කියන කාරණය අප සෑම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු වෙනවා.
බොහෝ වෙලාවට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම භෞතික සම්පත් සංවර්ධනය සඳහා ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා. ආර්ථිකය ගොඩනැඟීම සඳහා ප‍්‍රමුඛත්වය දුන්නා. එහෙත් ජාතීන් අතර එකමුතුව, සංහිඳියාව, සහෝදරත්වය, මිත‍්‍රශීලිභාවය ඇති කිරීම සඳහා කළයුතු කාර්යයන් අප විසින් කළා නම් 80 දශකයේ මුල් භාගයේ ආරම්භ වී 26 වසරක් ගෙවුණු ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී යුද්ධයට අපට මුහුණදීමට සිදුනොවනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඒ නිසා රටක සංවර්ධනය තුළ ආර්ථික සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය ඉතා ප‍්‍රමුඛ කාර්යයක් මෙන්ම රට තුළ ජීවත්වන ජනතාවගේ සංස්කෘතික ලක්ෂණයන්, ආගමික ලක්ෂණයන්, භාෂාමය ලක්ෂණයන් සියල්ල පාලකයන් විසින් තේරුම් ගැනීම ඉතාමත්ම අත්‍යාවශ්‍ය දෙයක් බව මම දැඩි ලෙස විශ්වාස කරනවා.
අද අපේ රටේ පමණක් නොවේ මුළු මහත් ලෝකයම ගත් විට ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන රටවල රාජ්‍ය පාලකයකයින් මුහුණ දෙන අභියෝගයක් සහ ප‍්‍රශ්නයක් මා දකිනවා. ඒ තමයි අධි තාක්ෂණික යුගයේ අන්තර් ජාලයත් සමග සිටින නව පරපුර මුළු මහත් පොදු ජනතාව සැමවිටම සිය සිතුම් පැතුම්, සිය ආකල්ප, සිය අධිෂ්ඨානයන් සහ සිය පරමාර්ථ සදහා පාලකයන්ට වඩා සෑම විටම ඉදිරියෙන් සිටිනවා. එය තාක්ෂණික ලෝකයේ මම පෙර කී පරිදි 30 දශකයේ 40, 50 දශකයේ සංස්කෘතික දරුවාගේ සහ අද 21 වන සියවසේ මේ 2016 අද දවසේ උපදින තාක්ෂණික දරුවා අතරේ තිබෙන ප‍්‍රධානම වෙනස්කම් තුළ අපි විසින් පැහැදිළිව තේරුම්ගත යුතු දෙයක්.
ඒ නිසා අධි තාක්ෂණික ලෝකයේ ජීවත් වන ජනතාව, නව පරපුර නව ආකල්ප, නව සිතුම් පැතුම් සම`ග ගමන් කරද්දී බොහෝ විට සියලූ අංශවලින් පරිවර්තනයන්ට ලක්වෙනවා. ඒ පර්වර්තනයන්ට ලක්වීමේදී සියලූ විෂය ක්ෂේත‍්‍රවල විප්ලවීය වෙනස්කම් දකිනවා, විප්ලවීය සංකල්ප ඇති වෙනවා, නව සිතුම් පැතුම් ඇති වෙනවා. ඒ තුළ අප විසින් තේරුම්ගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ පර්වර්ථනයන්ට ඔරොත්තු දෙන ආකාරයට අපි සෑම කෙනෙක්ම සාමුහිකත්වයෙන් අපේ රාජ්‍ය පාලනය ගෙන යාම ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ රට වශයෙන් ගත් විට ඒ තිබෙන තත්ත්වයන් සියල්ල සැළකිල්ලට ගනිමින් මා පෙර කී පරිදි නිදහසේ අර්ථය පිළිබඳ නව මානයකින්, නව අර්ථයකින් බැලීම ඉතා අත්‍යාවශ්‍යයි කියා මම විශ්වාස කරනවා. අද ලෝකය තුළ නිර්වචනයන් විදිහට විග‍්‍රහ කිරීමේදී නිදහස කියන වචනය තමයි විග‍්‍රහ කිරීමට තිබෙන අසීරුම, සංකීර්ණතම වචනය කියා මම විශ්වාස කරනවා.
නිදහස කියන වචනය පුළුල් ලෙස විහිදී ගිය වචනයක් බවට පත්වී තිබෙනවා. නිදහස කියන වචනය පුළුල් අර්ථකතන රාශියක් දෙනු ලබනවා. නිදහස කියන වචනය නව අධි තාක්ෂණයත් සමග බොහෝ විහිදී ගොස් තිබෙනවා. අපේ හර පද්ධතීන්, අපේ ශිෂ්ටාචාරයේ උරුමකම් සමඟ නව ලෝකය සහ නව සංකල්ප දෙස බැලීමේදී නිදහස කියන ඉතාම පුළුල් වූ සංකීර්ණ වූ වචනය පාලකයන් සහ සියලූදෙන බරපතල අභියෝගයක් ලෙස දකින කාර්යක් වශයෙන් හදුන්වන්නට පුළුවන්.
අද අපි ජීවත්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වූ යුගයකයි. එහිදී අපි පැහැදිළි ලෙසම තේරුම්ගත යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. අද අප සිටින්නේ රජවරු රජකම් කරන පාලනයක නොවේ.
විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන මේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කිරීමේදී නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ කාර්යය සැම විටම රජයත්, ජනතාවත් විසින් ඉටු කරනවා වගේම රටක ති‍්‍රවිධ හමුදාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සැමවිටම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ කැපවී සිටිනවා.
අවුරුදු 26 කට වැඩි කාලයක් පැවති ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදී යුද්ධය පරාජය කරලා රටේ නිදහස සහ සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ අපේ ගෞරවණීය ශ්‍රේෂ්ඨ රණවිරුවන්, ජීවිත පරිත්‍යාග කළ, ආබාධිත වූ, අත පය අහිමි වූ, අද සිය වගකීම් නිසි අයුරින් ඉටු කරන්නා වූ ඒ සෑම කෙනෙකුටම මු`ථ මහත් ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි කියන එක මම දැඩි ලෙස ප‍්‍රකාශ කරනවා.
ජීවිත පරිත්‍යාගයෙන් ඒ ම්ලේච්ඡු ත‍්‍රස්තවාදය, බෙදුම්වාදය පරාජය කරලා රටට නිදහස සහ සාමය ලබා ගැනීමට අපේ ති‍්‍රවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ සියල්ල, රාජ්‍ය සේවය මුළු මහත් පොදු ජනතාව, දේශපාලන නායකත්වයන් ඒ සෑම කෙනෙක්ම කළා වූ කැපවීම, පරිත්‍යාගශිලි භාවය සහ ජයග‍්‍රහණය පිළිබද තිබූ ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය සහ අධිෂ්ඨානය ගෞරවයෙන් සිහිපත් කිරීම ඉතාම අවශ්‍යයි.
ඒ වගේම මේ අවස්ථාව වන විට අද දවසේ අපි මුහුණ දෙන ප‍්‍රශ්ණවලදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ, සමාජ, ආර්ථික ප‍්‍රතිසංස්කරණ මේ කියන කරුණුවලට අපි මූලිකත්වය ලබාදී තිබෙනවා. බොහෝ විට මා මීට පෙර බොහෝ අවස්ථාවල ප‍්‍රකාශ කර ඇති පරිදි 26 වසරකට වැඩි කාලයක ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව පශ්චාත් යුධමය ශී‍්‍ර ලංකාව ගත් විට එහෙම නැත්නම් යුද්ධය අවසන්වීමෙන් පසු කාලසීමාව තුළ මුල් අවස්ථාව අපි සිහිපත් කළහොත් 2009 මැයි මාසයේ 19, 20 වැනි දිනයන් සහ ඉන් පසුව පශ්චාත් යුධ සමයක කළයුතු කාර්යයන්, ඒ වගේම පශ්චාත් ගැටුම්කාරී යුගය තුළ තිබූ කාර්යයන් අප විසින් ඉටු නොකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා අපට යෝජනා මාලාවක් ඉදිරිපත් වුණා ඒවා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන්.
2009 මැයි 19, 20 දිනවලින් පසුව පශ්චාත් යුධ සමයක කළයුතු කාර්යයන් අප විසින් ඉටු කර තිබුණානම් විශේෂයෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා අපට ඉදිරිපත් වූ යෝජනා එවන් ආකාරයෙන් ඉදිරිපත් නොවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අද වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගත් විට 2009 මැයි 19,20 න් පසු කාලය තුළ කළයුතු කාර්යයන් වන ජාතින්ගේ සමගිය, සංහිඳියාව සඳහා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූදෙනාගේ සමගිය සඳහා අපට කළ නොහැකි වූ කාර්යයන් ඉටු කිරීම සඳහා මේ රටේ ජනතාව 2015 ජනවාරි 08 වෙනිදා පැවති මැතිවරණයෙන් මා වෙත සහ අපේ ආණ්ඩුව සඳහා බලයක් ලබා දුන්නා මේ ප‍්‍රශ්ණ විසදීම ස`දහා.
ඒ අනුව ඉතා පැහැදිළිව සඳහන් කරන්නට ඕන 2015 ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබූ කරුණු කි‍්‍රයාත්මක කිරීම සඳහා වගේම 1948 යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව අපට ඔවුන් භාරදී ගිය ප‍්‍රශ්ණ වසර 68 කට පසුව විසදීම සඳහා අපට ඉතිරිවී ඇති බව සැළකිල්ලට ගැනීම අත්‍යාවශ්‍යයි. එසේනම් 2009 මැයි 19,20 න් පසුව කළයුතු කාර්යයන් මේ රටේ ජනතාව 2015 ජනවාරි 09 වනදායින් පසුව අපේ රජයට භාරදීමෙන් පසුව ඒ ප‍්‍රශ්ණ අප විසින් විස`දීම අත්‍යාවශ්‍යයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිළිගන්නා බව මම විශ්වාස කරනවා.
අපිට පසුව නිදහස ලබාගත් ලෝකයේ බොහෝ රටවල් සිය රට තුළ ජාතීන්ගේ සමගිය සංහි`දියාව, ආගමික සම`ගිය, භාෂාමය සම`ගිය ඒ සියල්ල තුළ පුළුල් සංහිදියා පිළිවෙත ශක්තිමත් කරමින් දේශපාලන සහ සමාජ ප‍්‍රතිසංස්කරණ කළ නිසා ඔවුන් අද ප‍්‍රබල ජාතීන් ලෙස දියුණුවෙමින් ඉදිරියට ගොස් තිබෙනවා.
ඒ නිසා අපි අපට මේ ලැබී ඇති අවස්ථාව අප විසින් විශේෂයෙන් ඉටු කළයුතු අවස්ථාවක්. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හරහා අපට ඇවිත් ඇති යෝජනා සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් දෙනවා. මා ඉතා පැහැදිළිව කියනවා එම යෝජනා සඳහා අපි මුහුණ දෙන්නේ අපේ රාජ්‍යයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා, අපේ රටේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරිම ස`දහා. අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය ආරක්ෂා කිරීම සඳහා සහ ලෝකයේ පිළිගත් හමුදාවක් බවට අපේ ති‍්‍රවිධ හමුදාව පත් කර ගැනීම සඳහා බව.එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ සියලූ ජාත්‍යන්තර සංවිධාන සහ සියලූ රාජ්‍යයන් අපේ රට ගෞරවයෙන් පිළිගැනීම ස`දහා ඒ යෝජනාවලට අපි මුහුණදීලා ඉතාම ඉවසීමෙන්, සංයමයෙන්, හික්මීමෙන් අපි ඒ සඳහා කි‍්‍රයා කරනවා කියන එක ඉතාම පැහැදිළිව සඳහන් කරන්නට ඕන.
මෙහිදී ඇතැම් දේශපාලන ප‍්‍රතිවාදීන්, බලය පිළිබඳ ක්ෂණික බලාපොරොත්තු තිබෙන අය මේ යෝජනා කි‍්‍රයාත්මක කිරීමේදී රජය අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත් සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බොහෝ අර්ථකථනයන් දෙනු ලබනවා.
ඒ යෝජනා කි‍්‍රයාත්මක කිරීම තුළ මේ රට තුළ තහවුරු වන්නේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිදියාව කියන එක ඉතා පැහැදිළිව මම සඳහන් කරන්න ඕන.
විශේෂයෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ සිත් නොසන්සුන් කරන ආකාරයට නොයෙකුත් ආකාරයේ වැරදි මත, අදහස් මේ සම්බන්ධයෙන් දේශපාලන ප‍්‍රතිවාදින් සහ නොයෙක් අන්තවාදී අදහස් දරන අය කි‍්‍රයාත්මක කරන බව පෙනී යනවා.
රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් රට තුළ ජාතික සංහි`දියා පිළිවෙත ශක්තිමත් කරන්නේ රජයේ ගෞරවය, ති‍්‍රවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂක අංශවල ගෞරව සහ මුළු මහත් ජනතාවගේ ගෞරව ආරක්ෂා කරගෙන එම ප‍්‍රශ්ණ විසඳීමට අපි රජයක් විදිහට සාමුහිකත්වයෙන් මුහුණ දෙන බව අද 68 වන නිදහස් දිනයේදී, ඔබේ ආදරණීය ප‍්‍රධාන මහජන සේවකයා විදිහට, සේනාධිනායකයා විදිහට, ජනාධිපතිවරයා විදිහට මා මුළු මහත් ජාතියට ප‍්‍රතිඥා දෙනවා.
ඒ නිසා අද වන් දිනයක අපේ සිත්හි අපි ධාරණය කරගත යුතු වෙනවා අපි අභිමානවත් ජාතියක් ලෙස, අභිමානවත් රාජ්‍යයක් ලෙස ලෝක සිතියමේ සටහන් කරන්නට අපි සෑම කෙනෙක්ම කි‍්‍රයාකිරීමේ අවශ්‍යතාවය. මා විශ්වාස කරනවා මුළු මහත් ජනතාවම ඒ සඳහා සැදි පැහැදි, අධිෂ්ඨානශීලිව කටයුතු කරනු ඇති බව.
පසුගිය වසර තුළ අපේ නව රජය විදිහට ලබාගත් ජයග‍්‍රහණවලදී මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ආරක්ෂා කරමින් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම මේ රටේ පොදු මහජනතාව මේ යුගය තුළ ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් කියන එක මා ඉතා පැහැදිළිව සඳහන් කරනවා. ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම ඔස්සේ වසර 40 කට වැඩි කාලයක් මේ රටේ ජනතාව ඉල්ලා සිටි මැතිවරණ කොමිසන් සභා පිහිටුවනු ලැබුවා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ, රාජ්‍ය සේවය, පොලීසිය, මානව හිමිකම්, විගණන කටයුතු මෙවැනි ආයතන රාශියක් සඳහා ස්වාධින කොමිසන් සභා පිහිටුවලා මේ රටේ ජනතාවගේ අභිමානවත් අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කළා.
ඒ වගේම ගෙවී ගිය වසරක කාල සීමාව තුළ දූෂණය, වංචාව, නාස්තිය අවම කිරීම ස`දහා අපි රජයක් විදිහට ගත් කි‍්‍රයාමාර්ගවල සාර්ථක ප‍්‍රතිඵල තිබෙන බව මම පැහැදිළිව කියන්න ඕන. 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කළ බව ඔබ කවුරුත් පිළිගන්නා දෙයක්. රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් නිදහස් කර ගැනීම ස`දහා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ස්වාධින කොමිසන් සභා පැහැදිළිව ඉදිරියේදී කි‍්‍රයා කරන බව මම මෙහිදී සඳහන් කරන්නට ඕන.
මේ සියලූ නිදහස ලබාදීමේදී විශේෂයෙන් නිදහස් මාධ්‍ය සම්බන්ධයෙන් අපි අනුගමනය කළ ප‍්‍රතිපත්තියේදී මේ රටේ නිදහස් මාධ්‍යයට පුළුල් නිදහසක් අපි ලබා දී තිබෙනවා. ඒ නිදහස අද උච්ඡතම අවස්ථාවට පැමිණ තිබෙනවා. අපි මේ නිදහස ලබා දුන්නේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කරන උගතුන්ට, බුද්ධිමතුන්ට, ප‍්‍රඥාවන්තයින්ට, මානවවාදින්ට විනයක්, හික්මීමක් ඇතිව සිය මාධ්‍ය හැසිරවීම සඳහා කියන එක මා පැහැදිළිව ප‍්‍රකාශ කරන්නට ඕන.
ඒ ලබාදුන්නා වූ නිදහස ඒ පරමාර්ථයන්ගෙන් තොරව භාවිතා කරන්නේනම් නම් ඒ ලබාදී ඇති නිදහස අනාගතයේදී අපෙන් පසුව එන අය විසින් යම්කිසි දවසක අහිමි කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ නිදහස ආරක්ෂා කර ගැනීමේ වගකීම සියලූ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදින් සතුව තිබෙන බව මෙහිදී මා ඉතාමත් ගෞරවයෙන් සඳහන් කරන්න ඕන.
ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ රටක් ගොඩනගන්නට, ඒ වගේම ශාස්ත‍්‍රීය දියුණුව ඇති කරන්නට, නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට, නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්නට, මන්ද පෝෂණයෙන් තොර රටක් ගොඩන`ගන්නට නව අධි තාක්ෂණය සමඟ නව පරපුර බද්ධ කරමින් මේ තරඟකාරී ලෝකයේ ජාත්‍යන්තරය තුළ ඉදිරියට යන්නට, ඒ වගේම දේශිය කර්මාන්ත, දේශිය ආහාර නිෂ්පාදන මේ සියල්ල වැඩිදියුණු කරමින් විදේශීය වෙළ`දපොළ ස`දහා අපේ දේශීය නිෂ්පාදන යොමු කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය අපි දැඩි ලෙස කි‍්‍රයාත්මක කරනවා.
ඒ වගේම නිදහසින් පසුව වසර 68 කාල සීමාව තුළ අපේ සාගර සම්පත රටේ ආර්ථිකය ගොඩනැගීම ස`දහා කොතෙක් දුරට ප‍්‍රයෝජනයට ගෙන ඇත්ද කියන ප‍්‍රශ්ණය අප හමුවේ තිබෙනවා. ලෝකයේ සංවර්ධනය වූ රටවල සාගර සම්පත ප‍්‍රයෝජනයට ගැනීමේදී අප අපි රට දියුණු කිරීම සඳහා සියයට එකක ප‍්‍රමාණයක්වත් සාගර සම්පත ප‍්‍රයෝජනයට නොගෙන ඇති බවයි පෙනී යන්නේ.
ඒ නිසා අධිතාක්ෂණික ලෝකයේ දූපත් රාජ්‍යයක් ලෙස අපට තිබෙන මේ මහා සාගර සම්පත තුළින් අපේ ආර්ථිකය දියුණු කරන්නට, ශිල්පීය ඥානය තුළින් සාර්ථක ප‍්‍රතිඵල නෙළන්නට අපට හැකියාව තිබෙනවා.
අද වැනි භාග්‍යවන්ත වූ දවසක 1948 නිදහස ලබාගැනීම සඳහා සටන් කළ දේශපේ‍්‍රමී ශ්‍රේෂ්ඨ උතුම් නායකයින් ගෞරවයෙන් සිහිපත් කරමින් 26 වසරක මිලේච්ඡ ත‍්‍රස්තවාදය අවසන් කර ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය ලබාදුන් අපේ ශ්‍රේෂ්ට රණවිරුවන්ට ගෞරවය පුද කරමින් අද දවසේ අපේ කාර්යය, හෙට දවස වෙනුවෙන් කැපවීමෙන් සාමුහිකත්වයෙන් ඉටු කරමින් පටු දේශපාලන බේදවලින් තොරව, පටු අදහස්වලින් තොරව, බලය ලබා ගැනීම සඳහා ක්ෂණික කි‍්‍රයාමාර්ගවලට අවතීර්ණවීම වැනි අමනෝඥඥ කාර්යයන්ගෙන් මිදී සාමුහිකත්වයෙන් කටයුතු කරමින් නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගනිමු කියන ඉල්ලීම මම කරනවා.
ඒ වගේම මේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් ලබාදී ඇති සියලූ අයිතීන් භුක්ති විදීමේදී බුද්ධිමත්ව, ප‍්‍රඥාවන්තව, ඉවසීමෙන් සහ තම ඥානයෙන් ඒ කාර්යයන් සදහා කැපවන ලෙස විශේෂයෙන්ම දේශපාලන ප‍්‍රතිවාදින්ට මා මෙහිදී සඳහන් කරන්න කැමතියි.
ලෝකයේ ප‍්‍රබුද්ධ වූ විශිෂ්ට රාජ්‍යයක් ලෙස මගේ උතුම් දේශය පත් කරන්නට, එළැඹෙන දශකයන් සදහා අපේ හෙට දවස සූදානම් කරන්නට ඔබ අප සෑම කෙනෙක්ම, සාමුහිකත්වයෙන් බැදී, මිත‍්‍රත්වයෙන් එක්වී සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරමු යන ගෞරවනිය ආයාචනය කරමින් මෙම නිහඩ වෙනවා.
තෙරුවන් සරණයි.
– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (2016.02.04) පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැති 68 වන ජාතික නිදහස් දින සංවත්සර උළෙලේදී ජාතිය අමතමින් සිදු කළ සම්පූර්ණ කතාව