Saturday, April 27, 2024

ඕ ලෙවල් නැති යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගෙන රු. දෙකොටියක් වැය කළ හැටි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 222ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඔහු බඳවා ගෙන ඇත්තේ ද  නියමිත සුදුසුකම්වලින් බැහැරව ය. එවකට හිටපු ජනාධිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාගේ පියායි. ඒ නිසා ඔහු මෙසේ නාවික හමුදාවට බඳවාගෙන තිබෙන බව ද ඇමැතිවරයා කීය.

නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතුයි.

නමුත් යෝෂිත රාජපක්ෂ පළමුවර අපොස සාපෙළ විභාගයේදි සිංහල විෂයට ගෙන ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක්. ඔහු එම විෂයට 2004 දි අධි සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා.‘‘

‘මේ අනුව යෝෂිත රාජපක්ෂ මහතාට නාවික හමුදාවට බැඳීම සඳහා අපොස සාමාන්‍ය පෙළ සුදුසුක් නැත. මන්ද යත් ඔහු එම සුද්සුකම ලබා ගෙන ඇත්තේ  දෙවරයක් විභාගය කරීමෙන් නිසා ය.

මේ සම්බන්ධයෙන් ඔහුට විරද්ධව නාවික හමුදාව නඩු පවවරනු ඇති බව ද ඇමැතිවරයා කිය. එම නිර්දේශය ලබා දී ඇත්තේ ත්‍රිවිධ හමුදා කම්ටුවකින් ජනාධිපති සිරිසේනට ය.

Archive

Latest news

Related news