ඥානසාර අරගලය මෙසේ කැටි කර දැක්විය හැකි ය.
ප්‍රගීත් එක්නැලිගොඩ මරා දමනු ලැබුවේ ඔහු සිංහල ජාතිවාදියකු නො වූ නිසා ය. (ඔහු ත්‍රස්තවාදියකු වූ බවට කිසිදු සාක්ෂියක් නැත.) ඒ නිසා ඔහු මරා දැමීම නිවැරදි ක්‍රියාවකි. එබැවින් ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමූවන් අත්අඩංගුවට නො ගත යුතු ය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කළ යුතු ය.
ඥානසාර සිංහල ජාතිවාදී පදනමින් නීතිය අභියෝගයට ලක් කරන ආකාරය අර්ථකථනය කළ හැක්කේ එසේ ය.
ඥානසාර විවෘත අධිකරණයේදී ම නිතියට අභියෝග කළේ ය. එහෙත්, ඔහු ඒ වෙලාවේ අත්අඩංගුවට ගත්තේ නැත. සාමාන්‍ය මිනිහෙක් නම් උසාවියේදී ඈනුමක් ඇරියත් ඒ වෙලාවේ ම අත්අඩංගුවට ගනු ලැබේ.
ඥානසාර සාමාන්‍ය මිනිසකුට වෙනස් වන්නේ ඔහු ජාතිවාදී චීවරධාරියකු නිසා ය.
ඔහු වැනි අය පෙනී සිටින්නේ ජාතිවාදී මිනීමරුවන්ට සදාකාලික මුක්තිය ලබා දීම වෙනුවෙනි.
එය අමුතු තත්වයක් නො වේ.
වැලිකඩ ඝාතනය වැනි පැහැදිලි සාක්ෂි සහිත ජාතිවාදී ඝාතන රැසක වගඋත්තරකරුවෝ අදත් නිදහසේ ජීවත් වෙති.
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතකයන්ටත් ඒ අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබිණි.
එක් මිනිස් ප්‍රාණියකු නො සිටියා නම්.
එක් ගැහැණියක විසින් අඛණ්ඩව ගෙන යන ලද අභීත අරගලයක් නො තිබුණා නම්.
සන්ධ්‍යා එක්නැලිගොඩ, ඔබට ශක්තිය හා ධෛර්යය පතමු!