Sunday, April 28, 2024

හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වදාරති

(ක්ලින්ත වැදැරු හිමිනම)

අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කලැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි පෙබරවාරි නමවැනිදා තෙක් රිමාන්ඩ් භාරයට වැඩම්මවීමෙන් පසු උසාවිය අසලට වැඩම කල තවත් භික්‍ෂූන් පිරිසක්ද
තමන්වහන්සේලාත් රිමාන්ඩ්භාරයට  වඩම්මවන​ ලෙස වදාරන්නට වූහ​.

”අපිත් රිමාන්ඩ් කරපල්ලා” ”කොල්ලනේ වරෙල්ලා”යනුවෙන් උන්වහන්සේලා කුණුහරුප වැදෑරූහ.අව ජාතකය දේශනා කලේය​.​

අන්තිමේදී යන්න ගිය සේක
අන්තිමේදී යන්න ගිය සේක

බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට යාමට නොදී හිමිවරු පිරිසක් රථය ඉදිරිපිට මහ පාරේ සැතපුනාහ​.තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය තුළට වැඩම කිරීමට සූදානම් වුවත් පොලිසිය එය වැලැක්වීය​.

ඉන්පසු හිමිවරු තාප්පයට උඩින් උසාවියට වැඩම කලහ​.හිමිවරු උසාවි භූමියේ සිට කුණුහරුප වදාරති.අව ජාතකය දේසනා කරති.

උද්ඝෝෂණයට වැඩමකල එක් භික්‍ෂුවක් ක්ලාන්තය වදාරන ලදී.තවත් භික්‍ෂුවක් උසාවි තාප්පයෙන් ඇතුළට වැඩම කරන ලදී.හිමිවරු කන්ඩායමක් ක්ලාන්ත වදාරන ලද​ භික්‍ෂුව වඩම්මවාගෙන ගොස් ප්‍රථමාධාර පිළිගැන්වීය​.

– කොත්තිගොඩ

Archive

Latest news

Related news