Saturday, April 27, 2024

ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි

(ශ්‍රී ලංකා බ්‍රීෆ්)

අද ( ජනවාරි 25) හෝමාගම අධිකරණයෙහි දී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කොපුස් නඩුව විභාගයට ගත් අවස්ථාවෙහි දී තවත් භික්ෂුන් කණ්ඩායමක් සමඟ එහි පැමිණ සිටි බොදු බල ඥාණසාර නම් චීවරධාරියා අධිකරණයට බාධා වන අයුරින් හැසිරුණු බව අපේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ කැකොස්සන් ගැසිමෙන් පසු අධිකරණයට කැඳවූ ඥාණසාර තමන්ගෙන් සිදුවූ වරදට සමාව ඉල්ලා සිටියේ ය. තමා මෙසේ හැසිරුණේ ජාති ප්‍රේමය නිසා බව ඔහුගේ සමාවට කරුණ විය.

මෙසේ අධිකරණයට අපහාස කිරීම දඩුවම් දිය යුතු වරදක් වන නමුත් තමා බෞද්ධ භික්ෂුවක් බැවින් සමාව දෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.

එවිට යළික් කැ ගසමින් කතා කළ ඥාණසාර තමන් මෙම ක්‍රමය වෙනස් කරන බවත් එබැවින් දඩුවම් දෙන ලෙසත් අධිකරණයට අභියේග කර යන්නට ගියේ ය‍.

අනතුරුව අධිකරණයේ නීතිඥ පිරිස් මේ පිළිබඳව පියවර ගත යුතු බව කියා සිටි අතර මහේස්ත්‍රාත්වරයා ගලබොඩඅත්තේ ඥණසාර අත් අඩංඟුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස නියෝග කළේ ය.
පලා යන ඥණසාර සන්ධ්‍ය එක්නැළිගොඩ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියකු සිටින තැනට පැමිණ අසභ්‍ය ලෙස බැණ වැදුණු බව ද අපේ ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම අවස්ථාවෙහි සන්ධ්‍යා‍ගේ සහයෝගයට වෙන කිසිවකු නොසිටි අතර ප්‍රගීත් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් සකස් කරමන් සිටින ප්‍රසන්න විතානගේ ඇතුලු කණ්ඩායමක් පමණක් අධිකණයට පැමිණ සිටියේ ය‍.
මෙම නඩු විභාගය පෙබරවාරි 09 දා යළි කැඳවනු ඇත.

Archive

Latest news

Related news