Monday, May 6, 2024

කෝටි ගණනක දූෂණ චෝදනා එල්ල වූ සමාගමකට තවත් කෝටි ගණනක කොන්ත‍්‍රාත්තුවක් !

( දුෂණ විරෝධී පුවත්පත් සාකච්ජාව)

ම්රිය මාර්ග හා සංඥා පද්ධති සැකසීම් හා අලූත්වැඩියා කිරීම් ම`ගින් පසුගිය රජය යටතේ බරපතල ලෙස වංචා හා දූෂණවලට යෙදී ඇති බවට චෝදනා එල්ල වී ඇති ඉර්කෝන්  IRCON නැමැති සමාගමට නැවත වරක් කෝටි ගණනක දුම්රිය මාර්ග ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුවක් පිරිනැමීමට නව රජයේ ප‍්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට දූෂණ විරෝධී සන්ධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා චෝදනා කරයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ නොවැථ 24 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ පැවති දූෂණ විරෝධී සන්ධානයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

දුම්රිය මාර්ගයේ කි.මී. 01ක් ඉදිකිරීම සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර්  මිලියන 0.4ක් බවට දුම්රිය දෙපාර්තමේන්තුව තත්සේරු කර තිබිය දී එම තක්සේරුව නොතකා කි.මී 01ක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2ක්  IRCON සමාගමට ගෙවීමට, එවකට පැවති නැවත පදිංචි කරවීම, සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇති බවත්, එම සමස්ත ගනුදෙනුව දූෂිත ගනුදෙනුවක් බව මේවන විට හෙළිදරව් වී ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

“ජනාධිපති කාර්ය සාධක බලකාය ෂඍඣභ සමාගමට මේ කොන්ත‍්‍රාත්තුව පවරන්නේ රාජ්‍යයන් රාජ්‍යයන් අතර ඇති කර ගන්නා ගිවිසුමක් විදියටයි. ඒත් ෂඍඣභ සමාගම එම කටයුතු වෙනත් උප කොන්ත‍්‍රාත් සමාගමකට පවරනවා. මේ ලේඛන හුවමාරුවෙන් පමණක් ඔවුන් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක අයථා ලාභයක් උපයාගෙන තිබෙනවා. මේ ගිවිසුම් යටතේ කොන්ත‍්‍රාත් ම`ගින් ඉදිකරපු පාලම් ගුණාත්මක බවින් තොර බවට ඉංජිනේරුමය කාර්යයන් පිළිබ`ද මධ්‍යම උපදේශන කාර්යාංශය (CECB )   නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එසේම දුම්රිය මාර්ග ඉදිකිරීම් සඳහා යොදාගත් සිල්පරවලින් 10,000කට අධික ප‍්‍රමාණයක් අවුරුද්දක් ඇතුළත කැඩිලා. ඇමෙරිකානු ඩොලර් මිලියන 86ක් අරගෙන සවි කරපු සංඥා පද්ධතිය පැරණි එකක් බව මේ පිළිබ`ද විමර්ශනය කිරීමට පත් කළ ප‍්‍රියාල් ද සිල්වා කමිටු වාර්තාව පෙන්වා දී තිබෙනවා. මේ යටතේ ඉදිකරපු කන්කසන්තුරේ දුම්රිය වේදිකාව දිග මදි නිසා එහි කෝච්චි නවත්වන්න බෑ.

මෙහිදී සිදු  වී ඇති වංචා දූෂණ ගැන ප‍්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.

දින 100 ආණ්ඩුවේ ප‍්‍රවාහනය භාර කැබිනට් ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුව හරහාම දුම්රිය මාර්ග ඉදි කරන්න කැබිනට් පත‍්‍රිකාවක් දැම්මා. එසේම රාජ්‍යයන් රාජ්‍යයන් අතර ගනුදෙනුවලදීත් තරගකාරී මිල ගණන් කැඳවන්න කැබිනට් තීරණයක් තියෙනවා. මේ සියල්ල නොතකා හරිමිනුයි ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා අසාදු ලේඛනයට ඇතුළත් විය යුතු IRCON සමාගමට කෝච්චි පාරවල් හදන්න නැවත කොන්ත‍්‍රාත්තුවක් දෙන්න යන්නේ” සමන් රත්නප‍්‍රිය මහතා ප‍්‍රකාශ කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග සැකසීම්, අලූත් වැඩියා කිරීම්,  බලවේග කට්ටල ගෙන්වීම් හා සංඥා පද්ධති සැකසීමේ දී සිදුවී ඇති බරපතල චංචා- දූෂණ රැුසක් ප‍්‍රියාල් ද සිල්වා කමිටු වාර්තාව ම`ගින් පෙන්වා දී ඇති බවත්, එම දූෂණ සම්බන්ධයෙන් නව ප‍්‍රවාහන අමාත්‍යවරයා හා ප‍්‍රවාහන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ගන්නා ක‍්‍රියාමාර්ග කුමක්දැයි දූෂණ විරෝධී සන්ධානය වශයෙන් තමන් විමසිිලමත්ව බලා සිටින බවත් ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ වෘත්තිය සමිති ක‍්‍රියාකාරීහු ප‍්‍රකාශ කළහ.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ඞී. එම්. ඞී අබේරත්න, ජෝසෆ් ස්ටාලින්, උදේනි දිසානායක, කේසර කෝට්ටේගොඩ හා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ශාන් විජේතුංග යන මහත්වරු ද දූෂණ විරෝධී සන්ධානය වෙනුවෙන් මෙහිදී අදහස් දැක්වූහ.

Archive

Latest news

Related news