Friday, May 3, 2024

ඇමැතිවරුන්ට උඩින් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් පත් කරයි

(පත්වීම් ලිපි ජනපති අතින්)

(ශ්‍රී ලංකා බ්‍රීෆ්/25.11.2015)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඌව, මධ්‍යම, හා වයඹ යන පළාත් සදහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් සහ පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති නිලධාරියෙකු පත්කර ඇතැයි රජයේ නිල තොරතුරු වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම පත්වීම කර ඇත්තේ සමස්ත ලංකවෙහිම සංවර්ධන කටයුතු සඳහා කැබිනට් ඇමැතිවරුන්ද  ඒ ඒ පළාත් සඳහා පළාත් සභා ඇමැතිවරුන්ද පත කර සිටියදී ය.

මෙම පත්කිරිම් ජනාදිපති සිරිසේනගේ දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග බව පෙනේ.

තවත් විශේෂයක් වන්නේ පෙළොන්නරු දිස්ත්‍රික්කයට පමණක් මෙවැනි ව්‍යාපාති නිලධාරියකු පත් කර තිබීමයි.

ඌව පළාත සඳහා ජගත් පුෂ්පකුමාර, මධ්‍යම පළාත සඳහා එරික් ප්‍රසන්න වීරවර්ධන, වයඹ පළාත සඳහා ශාන්ත බණ්ඩාර, යන ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් ද පොලොන්නරු දිස්ත්‍රික් ව්‍යාපෘති නිලධාරී ලෙස ප්‍රේමසිරි මුණසිංහ මහතා ද මෙළෙස පත්කර ඇත.

මෙම වර්ධනය එක අතකින් පළාත් සභා බලතල කප්පාදුවක් වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන ඇමැති මණ්ඩලය ඉක්මවා යෑමක් ද වේ.

Archive

Latest news

Related news