Monday, May 6, 2024

ජනපති සමග ඡායාරූපයේ ඉන්නේ අතුරුදහන් දැරිය ද?

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යපාර සිදු කළ සමයේ ඔහු සමග පාසල් දැරියන් සිටින ඡායාරූපවල සිය අතුරුදහන් දැරිය සිටින බත් ඇය සොයා දෙන්න ලෙසත් වවුනියාව උතුර නෙඩුනේකේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි කාසිපිල්ලේ ජෙයලවදනි නැමැති මවක් කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී මනෝ ගනේෂන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කාසිපිල්ලේ ජෙරෝමි නැමති තම දුව පසුගිය 2009-03-04 දින අවසන් යුද්ධය පැවැති ඉරට්ටයිවායිකාල් ප්‍රදේශයේදී හමුදාව විසින් අල්ලාගෙන ගිය බවත්, ඉන්පසු මෙතෙක් කිසිඳු තොරතුරක් නැතිව සිටිබවත් පවසා ඇත.

01

“ජනාධිපතිතුමා වටකරගෙන ඉන්න ඉස්‌කෝලෙ ළමයින්ගෙ ගොඩේ ඉස්‌සරහම වම් පැත්තෙ ඉන්නෙ මගේ දුව. ජෙරෝමි ජනාධිපතිතුමත් එක්‌ක ඉන්නව දකින කොට මට ලොකු සතුටක්‌ ඇතිවුණා.

ඒත් එයා ඉන්න තැනක්‌ මට තවම හොයා ගන්න බැරි වුණා. මට ජනාධිපතිතුමා හම්බ වෙන්න ඕනෙ. මේ පින්තූර ගත්තෙ කොහෙදිද කියලා දැන ගන්න. එතකොට මගෙ දුව ඉන්න තැන මට හොයා ගන්න පුලුවන්”

තමන් කිහිප වරක්ම සම්බන්ධන් මහතා ඇතුළු අමාත්‍යවරුන් බොහෝ දෙනෙකු සමඟ ඉකුත් සාක්‍ෂි පෙන්වා කථා කළ නමුත් මෙතෙක් කිසිම ඵලක් නැතැයි ඇය වැඩිදුරටත් පවසා තිබේ.

02

ලංකා ට්රුත්

Archive

Latest news

Related news