Monday, May 6, 2024

ඩොලර් මිලියන 130ක් වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක් – රාවය

කේ.ඩබ්ලිව්. ජනරංජන විසිනි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වෙයි. ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අන්දමට, ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් පමණය. ටෙලිකොම් සමාගම එය මිලදී ගන්නට යන්නේ ඩොලර් මිලියන 130කට වැඩි මිලක් ගෙවමිනි.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනගේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් 9වැනිදා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේදී කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ගනුදෙනුවේ පලදායකභාවය ගැන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් සෑහීමට පත්වී නැත. එසේ වුවත්, ඉදිරියේදී එම ගනුදෙනුව ඒ විදියටම සිදුවන ආකාරයට කරුණු පෙළගැසෙමින් තිබෙන බව රාවයට තවදුරටත් වාර්තා වෙයි.

මෙලෙස හච් සමාගම ටෙලිකොම් සමාගම විසින් මිලදී ගන්නට යන්නේ පළමුවරට නොවේ. රාජපක්‍ෂ ආණ්ඩුවේ අවසාන කාලයේද නියම මිලට වැඩියෙන්, එනම් ඩොලර් මිලියන 135කට හච් මිලදීගැනීමේ දූෂිත ගනුදෙනුව සඳහා වැඩපිළිවෙළ සැකසුණු අතර, ගනුදෙනුවේදී හච් සමාගමට වැඩියෙන් ගෙවන මුදල නැවත තමන් අතර බෙදාගැනීමේ ප‍්‍රතිශත සම්බන්ධයෙන්, එවකට ටෙලිකොම් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිටි රාජපක්‍ෂ ඥාතීන් (චමල් රාජපක්‍ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්‍ෂද එවකට අධ්‍යක්‍ෂවරයෙකි.) හා හිතමිතුරන් අතර තිබුණු නොඑකඟතාවක් නිසා මිලදී ගැනීම සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය නොලැබී ගියේය. ඒ හේතුවෙන් එවකට ටෙලිකොම් ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා ද ගනුදෙනුවට අනුමැතිය දීමෙන් වැළකී සිටියේය. කෙසේ වෙතත්, ආණ්ඩු මාරුව සිදුවීම නිසා ඒ ගනුදෙනුව ඇනහිටියේය. දැන් යහපාලන ආණ්ඩුව යටතේද යළිත් කරළියට පැමිණ ඇත්තේ එම ගනුදෙනුවයි.

හච් සමාගම විසින් ටෙලිකොම් සමග මේ ගනුදෙනුව කිරීම ගැන සාකච්ඡුා කිරීමට ආයෝජන උපදේශකයකු වන ඇලෙක්ස් ලවෙල් යොදාගනු ලැබ ඇති අතර, ලවෙල් විසින් සිංගප්පූරුවේ බ්‍රෝකර්වරයකු මේ ගනුදෙනුවට අදාළ සාකච්ඡුා සඳහා යොදාගෙන තිබේ. මේ සිංගප්පූරු ජාතිකයා ටෙලිකොම් සමාගම සමගද, ආණ්ඩුවේ දේශපාලන බලවතුන් සමගද මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා පවත්වමින් සිටියි. එම සාකච්ඡුාවල ප‍්‍රතිඵලය ලෙස, ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙක්ද මෙම ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා දැන් මැදිහත්වී සිටිති.

ඉන් එක් අයකුු වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේද ජ්‍යෙෂ්ඨ නිලයක් හොබවන ව්‍යවසාය කටයුතුවලට සම්බන්ධ ඇමතිවරයෙකි. අනෙක් ඇමතිවරයා ටෙලිකොම් විෂය භාරව අලූතෙන් පත්ව ආ හරින් ප‍්‍රනාන්දුය. ටෙලිකොම් ක්‍ෂෙත‍්‍රය පිළිබඳව කිසිදු දැනුමක් නැතිව තමාගේ ජීවිතයේ පළමු ඇමතිකම දරන හරින් ප‍්‍රනාන්දු ඇමතිවරයා, මේ සියලූ ව්‍යාපාරික හා දේශපාලන බලවේගවලට පහසුවෙන් යටත්ව සිටින බවද රාවයට වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් 9වැනිදා පැවැත්වුණු අවසන් අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේදී ටෙලිකොම් සභාපතිවරයාගේ මෙහෙයවීමෙන් හච් මිලදී ගැනීමේ සැලැස්ම ඉදිරිපත් කර ඇත. එහිදී හච් මිලදී ගැනීමට ප‍්‍රතිපත්තියක් වශයෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලය විරුද්ධ වී නැත. එහෙත් ඔවුන්ගේ අදහස වී ඇත්තේ යම් හෙයකින් හච් මිලදී ගන්නේ නම් එයට ලන්සු තැබිය යුත්තේ ඩොලර් මිලියන 90ට අඩු ගණනකින් පමණක් බවයි. දැනට පවතින වෙළෙඳපොළ තත්ත්වය අනුව හච් මිලදී ගැනීමට අනෙකුත් දුරකථන සේවා සමාගම් ඉදිරිපත් නොවන බැවින් වැඩි මිලට හච් මිලදී ගැනීම අපරාධයක් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. යම් හෙයකින් පිටතින් පැමිණෙන ගැනුම්කරුවකු හච් මිලදී ගතහොත්, කෙටි කලක් තුළ එම ව්‍යාපාරය අසාර්ථක වනු ඇති බවත්, එවිටද අඩු මිලකට හච් මිලදී ගැනීමේ අවස්ථාව යළිත් ටෙලිකොම් වෙත ඇති බවත් මේ සියලූ අධ්‍යක්‍ෂවරුන් පෙන්වාදී තිබේ.

එහෙත්, වැඩි මිලට හච් මිලදී ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නෝ එම අසාධාරණ ගනුදෙනුව සාධාරණය කිරීම සඳහා අපූරු තර්කයක් ගෙනහැර පාති. එනම්, හච් සමාගම ලයිකාමොබයිල් (lycamobile) නමැති ජංගම දුරකථන සේවා සපයන සමාගමක් විසින් ඩොලර් මිලියන 128කට මිලදී ගන්නට සූදානම් වන බවත්, එම සමාගම එල්ටීටීඊ සංවිධානයට හිතවත් සමාගමක් බවත්, ඒ නිසා එම ලන්සුවට වැඩි ලන්සුවක් තබා ටෙලිකොම් විසින් හච් මිලදී ගත යුතු බවත්ය. එසේ කළහොත් පමණක්, හච් එල්ටීටීඊ හිතවතුන්ට මිලදී ගන්නට ලැබී ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය තුළට එල්ටීටීඊ හිතවාදීන් ඇතුළුවීම වළක්වාගත හැකි බවත්ය.

අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් නැගුණු මේ විරෝධය සමනය කර, තමන්ට වුවමනා දේ ඉෂ්ට කරගැනීමේ මාර්ගය ලෙස ටෙලිකොම් බලධාරීන් දුටුවේ එහි සිටින ‘ගනුදෙනුවට බාධා කරන කරදරකාරි’ සාමාජිකයන් ඉවත්කිරීමයි. ඒ අනුව, ව්‍යාපාරික ෆිරෝ ෆාරුක් හා හච් ගනුදෙනුව ගැන දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කළ ක‍්‍රිශාන්ත කුරේ යන අධ්‍යක්‍ෂවරුන් ටෙලිකොම් සමාගමෙන් ඉවත්කිරීමේ සැලසුමක් ක‍්‍රියාත්මක විය. ඔවුන් නැති නව අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇමති හරින් ප‍්‍රනාන්දු විසින් නොවැම්බර් 19වැනිදා පත්කරන ලදි. මේ වැඩපිළිවෙළ සඳහා ඉහත කී ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනාද අඩුවැඩි වශයෙන් දායක වූ බව දැනගන්නට තිබේ. ක‍්‍රිශාන්ත කුරේ මහතා ටෙලිකොම් අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉවත්කර හිල්ටන් හෝටලයේ සභාපති ධුරයට නම් කරනු ලැබ ඇත.

පුදුමයකට මෙන්, මෙම අධ්‍යක්‍ෂවරුන් ඉවත්කොට ටෙලිකොම් අධ්‍යක්‍ෂ මණ්ඩලයට අලූතෙන් බඳවාගෙන ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ ඔහු සමග ගජමිතුරු සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෝ දෙදෙනෙකි. ඉන් එක් අයකු, ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්කේඑච් වෑගපිටියයි. අනෙකා රොහාන් ද සිල්වායි. ඔහු මැක්ලරන්ස් ෂිපිං සමාගමේ අයිතිකාරයාය.

වෑගපිටිය මහතා ටෙලිකොම් සමග ඇති සම්බන්ධය සිත්ගන්නාසුලූ එකකි. පසුගිය කාලයේ ප‍්‍රබල මහින්ද හිතවාදියකු ලෙස ප‍්‍රසිද්ධියේ කටයුතු කළ, ඒ ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් සිය ව්‍යාපාරික කටයුතු එම කාලයේ ඉහළටම ගෙන ආ ඔහු ජනවාරි 8න් පසු, මොබිටෙල්හි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කරන්නේද යහපාලන ආණ්ඩුවම විසිනි. එහෙත් වෑගපිටිය අධ්‍යක්‍ෂවරයකු වශයෙන් පත්කෙරෙන බව එවකට ටෙලිකොම් භාර ඇමතිව සිටි මංගල සමරවීර මහතාද නොදැන සිටි බව කියැවෙයි.

මොබිටෙල් යනු ටෙලිකොම්හි අනුබද්ධ (Subsidiary) ආයතනයක් වන අතර, එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය, ටෙලිකොම් අධ්‍යක්‍ෂ මණ්ඩලය ගන්නා තීරණයන්ට යටත්විය යුතුය. ටෙලිකොම් (විධායක නොවන) සභාපතිවරයා මොබිටෙල්හිද සභාපති වන අතර, ටෙලිකොම්හි 44%ක කොටස් හිමි මැලේසියානු මැක්සිස් සමාගමේ අධ්‍යක්‍ෂවරු සමාගම් දෙකෙහිම අධ්‍යක්‍ෂ මණ්ඩලවල අසුන්ගනිති.
රූබසිංහ ආරක්‍ෂා කිරීම

මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් පත්කළ රංජිත් රූබසිංහ දැඩි මහින්දවාදියකු වූ අතර, නිල් බලකායේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරියෙක්ද විය. ඔහු ටෙලිකොම් සමාගමට අයත් සම්පත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක වැඩකටයුතු වෙනුවෙන් අපහරණය කළ බවට චෝදනා ලද්දෙකි. ඊට අදාළව ඔහු ගැන පසුගිය කාලයේ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයද පරීක්‍ෂණයක් ආරම්භ කළේය. රාජපක්‍ෂ මහතාගේ වාසියට පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ‘උපහාර’ නමින් විශ‍්‍රාමිකයන්ට නව දුරකථන පැකේජයක් හඳුන්වා දී ඒ මුවාවෙන් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදුණේ මොහුගේ සැලැසුමක් අනුවය. පසුව මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපෘතිය අත්හිටුවන ලදි. මොබිටෙල් සමාගමට අයත් දේපළ හා ඩිජිටල් ප‍්‍රදර්ශන තිර මහින්දගේ ප‍්‍රචාරක දැන්වීම් සඳහා ලබාදීම ගැනද, මහින්ද රාජපක්‍ෂගේ කටවුට් ගැසීම සඳහා කුමා ස්ටිකර්ස් නමැති ආයතනයට මොබිටෙල් සමාගමෙන් මුදල් ගෙවීම ගැනද රූබසිංහට එරෙහිව චෝදනා වෙයි.

2015 ජුනි මාසයේදී නව මොබිටෙල් අධ්‍යක්‍ෂ මණ්ඩලය, විශේෂයෙන් එහි සාමාජික තුසිත හල්ලොලූව, මේ චෝදනා ලත් ප‍්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව විනය පරීක්‍ෂණ පවත්වා නීතිය ප‍්‍රකාරව කටයුතු කළ යුතු බවත්, එතෙක් මාස තුනකට ඔහුගේ වැඩ අත්හිටුවිය යුතු බවත්, විනය පරීක්‍ෂණයේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගතයුතු බවත් කීවේය. පුදුමයකට මෙන් මොබිටෙල් සභාපතිවරයාත් අධ්‍යක්‍ෂ වෑගපිටියත් මුළුමනින්ම උත්සාහ ගෙන ඇත්තේ රංජිත් රූබසිංහ ආරක්‍ෂා කරගන්නටය. කෙසේ වෙතත් අවසානයේ සභාපතිවරයා රූබසිංහ ගැන විශ‍්‍රාමලත් විනිසුරුවරයකු යටතේ පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට එකඟ වූ අතර, ඒ සඳහා හිටපු විනිසුරු සුනිල් රාජපක්‍ෂ පත්කරන ලදි. එහෙත්, ඉල්ලා සිටි පරිදි රූබසිංහගේ වැඩ අත්හිටුවූයේ නම් නැත.

මූල්‍ය නිලධාරී

රංජිත් රූබසිංහ වරක් මොබිටෙල් අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ, සමාගමේ මූල්‍ය නිලධාරී නිශ්ශංක වීරකෝන් ධුරයෙන් ඉවත්කරන ලෙසය. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මැලේසියානු සාමාජිකයන් මේ ඉල්ලීමට දැඩි ලෙස විරුද්ධ වූ අතර, මූල්‍ය නිලධාරියා හොඳින් කටයුතු කරන බව ඔවුන්ගේ නිගමනය විය. මේ අතර, මොබිටෙල්හි සිදුවූ විවිධ මූල්‍ය අපහරණයන් ගැන කරුණු හෙළිදරව් කළ එම මූල්‍ය නිලධාරියා හදිසියේම ඉල්ලා අස්විය. හේතුව ලෙස දැනගන්නට ලැබුණේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයකු වෙතින් ඔහුට තර්ජන එල්ලවූ නිසා එසේ ඉල්ලා අස්වූ බවය.

කෙසේ වෙතත්, ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්‍ෂ මණ්ඩල දෙකම (මේවා වෙන වෙනම නමුත් එකම දිනයක රැස්වෙයි.) රංජිත් රූබසිංහගේ වැඩ තහනම් කළ යුතුයැ’යි පසුගිය 9වැනිදා තීරණය කළේය. රංජිත් රූබසිංහ මොබිටෙල් තනතුරෙන් ඉවත් කරන විටම, ඊට සමගාමීව ඔහු ප‍්‍රධානත්වය සියලූ තනතුරුවලින්ද ඉවත්කරන ලෙස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිර්දේශය වූ නමුත්, ටෙලිකොම් අනුබද්ධිත එස්එල්ටී කැම්පස්හි ඔහු තවමත් කටයුතු කරන බවද දැනගන්නට ඇත. එදින ගත් තවත් තීරණයක් වූයේ වෑගපිටිය මහතාද මොබිටෙල් අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත්කිරීමය.

වෑගපිටිය

වෑගපිටිය මහතාගේ කටයුතු සම්බන්ධයෙන් මොබිටෙල් සමාගම තුළ කිසිම ප‍්‍රසාදයක් තිබුණේ නැත. වරක්, ටෙලිකොම් අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළේ, ටෙලිකොම්හි ප‍්‍රධාන විධායක නිලධාරියා මොබිටෙල් සම්බන්ධයෙන්ද වගකිවයුතු බවත්, මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරියා ටෙලිකොම් ප‍්‍රධාන විධායක නිලධාරියාට රපෝර්තු කළ යුතු බවත්ය. මොබිටෙල් විධායක නිලධාරිගේ බලය පහත හෙළනසුලූ මේ තීරණය සම්බන්ධයෙන් වෑගපිටිය මහතා බලවත් විරෝධයක් දක්වා තිබුණු අතර, මොබිටෙල් කාර්ය මණ්ඩලය කැඳවූ ඔහු (ඒ සඳහා ඔහුට බලයක් නැත.) ඒ විරෝධය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශකොට ‘ටෙලිකොම් අධ්‍යක්‍ෂ මණ්ඩලයට අප යටත්වන්නේ නැතැ’යි බැනවැදී තිබේ. ඔහු අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉවත්කිරීමට එම ක‍්‍රියාව හා ඔහුට එරෙහිව තිබුණු වෙනත් කරුණුද බලපා තිබේ. ඉන් එකක් ලෙස දැනගන්නට තිබෙන්නේ මොබිටෙල් සමාගම සඳහා ජෙනරේටර් සැපයීමේ ටෙන්ඩරයකට ඔහු අධ්‍යක්‍ෂවරයකු ලෙස සිටිමින්ම ඉල්ලූම් කිරීමේ සිදුවීමකි.
භයානක විහිළුව නම්, අනුබද්ධිත මොබිටෙල් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉවත්කැරුණු වෑගපිටිය මහතා මව් සමාගම වන ටෙලිකොම්හි අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇතුළු කරගැනීමයි.
ජාවාරම

දැනගන්නට තිබෙන මේ හා මෙහි නොකී තවත් කරුණු අනුව, හච් සමාගමේ අයිතිය වැඩිපුර ඩොලර් මිලියන 35-40 ක් ගෙවා ටෙලිකොම් විසින් මිලදී ගැනීමට කටයුතු කිරීම රාජපක්‍ෂ පන්නයේ ජාවාරමකි. ඒ වැඩිපුර මුදල රාජපක්‍ෂ කාලයේ මෙන්ම අතරමැදියන්ගේ සාක්කුවල නවතිනු ඇත. රාජපක්‍ෂ ගජමිතුරු ජාවාරම්කරුවන් මේ ආණ්ඩුවේ නිලධාරීන් විසින් ආරක්‍ෂා කිරීමද, ඔවුන්ට නැවතත් රාජ්‍ය ආයතනවල තනතුරු පිරිනැමීමද, පරණ ජාවාරම් නැවතත් සිදුවීමද පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුවත් රඟපාන්නේ පරණ දූෂිත චරිතයම බව නොවේද?

ජනාධිපතිවරයාගේ වගකීම

ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස සිටින්නේ ජනාධිපති සොහොයුරු කුමාරසිංහ සිරිසේන වන බැවින්, ටෙලිකොම්හි හොඳ නම ආරක්‍ෂා කරගැනීමේ පෞද්ගලික බැඳීමක් ජනාධිපතිවරයාටද තිබේ. ඒ වගකීම තේරුම් ගෙන ජනාධිපතිවරයා වහාම සිදුවෙමින් පවතින දේ ගැන සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව අපගේ යෝජනාවයි. කරුණු සිදුවන්නේ මේ අයුරින් නම්, රාජපක්‍ෂ පන්නයේ ජාවාරම් තවමත් එහෙමම සිදුවන බවත්, ඒවාට විරුද්ධ වන යහපාලනය ගැන කතාකරන්නන්ට ආණ්ඩුවේ ආයතනවලින් එළියට බහින්නට සිදුවන බවත්, පරණ රාජපක්‍ෂ හොරුන්ට ඒවාට ඇතුළුවීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් සාදර ඇරියුම් ලැබෙන බවත් හිතාගන්නට මහජනතාවට සිදුවෙයි. එහෙත්, මේ අපචාරයන් හැකි ඉක්මනින් වළක්වා ගැනීම යහපාලනයේ අනාගතයට හොඳ බව ජනාධිපතිවරයාද තේරුම් ගත යුත්තේය. ඒවා ඔහුත් ආණ්ඩුවත් බලයට පත්කළ පුරවැසියන් බලාපොරොත්තු වූ දේ නොවන නිසාය.

මම දන්නේ නැහැ| ඩබ්ලිව් කේ එච් වෑගපිටිය

මම දැන් ඉන්නේ රට. මාව ටෙලිකොම් අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කරලා කියලා ඔයා කියනකම් දන්නේ නැහැ. මාව මොබිටෙල් අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අයින් කළා කියලාත් මම දන්නේ නැහැ. මම නැති වෙලාවක මොනවා හරි සිද්ධියක් වෙලා තියෙනවා කියලා නම් දන්නවා. බෝඞ් පේපර් එකක් පාස්කරලා තියෙනවා කියලායි දන්නේ. ඒත් අස්කළා කියලා මට කිසිම දැනුම්දීමක් කරලා නැහැ ලිඛිතව. කොහොමත් මම ඊට ඉස්සෙල්ලා වෙලාවක ජනාධිපතිතුමාටයි සභාපතිතුමාටයි ඉල්ලා අස්වීමේ ලියුම් දුන්නා. ඒගොල්ලෝ කිව්වා අස්වෙන්න එපා කියලා. ජෙනරේටර් ටෙන්ඩරයත් මම මොබිටෙල් අධ්‍යක්‍ෂ මණ්ඩලයට යන්න කලින් වෙච්ච දෙයක්. ඒක දැනගත්තාම මම නැවැත්තුවා.
විනිවිදව නියම විදියටයි කරන්නේ | කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් හා මොබිටෙල් සභාපති

වෑගපිටිය මහතා කිසිම වෙලාවක මොබිටෙල් අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අයින් කළේ නැහැ. එක්කෙනකුට එහෙම වුවමනාවක් තිබුණාට ඒක ගැන තීරණයක් ගත්තේ නැහැ. හච් මිලදී ගැනීම දැන් අවුරුදු තුන හතරක් තිස්සේ කෙරෙන කතාවක්. බෝඞ් එකේදිත් මේ ගැන කතා කරලා තියෙනවා. නමුත් මේ පාර කරනවා නම් කරන්නේ සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන ආකාරයට. හච් එකට අයිති සංඛ්‍යාත තියෙන්නේ අපි පාවිච්චි කරන සංඛ්‍යාතවලට සමීපවයි. හරියට මගේ ඉඩමට යාබද ඉඩම වගේ. එතකොට ඒකට තියෙන අගය වෙනස්. කොහොම වුණත්, හච්වල වටිනාකම තීරණය කරන්න ජාත්‍යන්තර මට්ටමේ ආයතනයකට භාරදීලායි තියෙන්නේ. වෙනදා වගේ ආවාට ගියාට මිල තීරණය කරන්න දෙන්නේ නැහැ. නියම ක‍්‍රමවේදය අනුගමනය කළේ නැත්නම් වැඬේ කරන්නේත් නැහැ. රජයක පිළිවෙළ අනුව මේක දීර්ඝ ක‍්‍රියාදාමයක්. අධ්‍යක්‍ෂ මණ්ඩලය, ආර්ථික කමිටුව, භාණ්ඩාගාර කමිටුව හා කැබිනට් මණ්ඩලය කියන

සියලූ තැන්වලින් අනුමත වුණොත් විතරයි හච් ගනුදෙනුව කරන්නේ.
 රාවය

Archive

Latest news

Related news