Saturday, April 20, 2024

පොලීසිය විනයගත කැරෙන සිිවිල් ආයතනයක් පිහිටවනු! – ඇන්ටනි මාකස්

පසුගියදා කොළඹ දී පොලීසිය විසින් සරසිවි සිසුසිසුවියනට කළ මෘග ප්‍රහාරය හෙළා දකින නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමසේ ප්‍රධානී ඇන්ටනි මාකස් පොලීසිය පරීක්ෂණ පවත්වා පමණක් නැවත ශිෂ්ටසම්පන්න පොලීසියක් බවට දැන් පත් කළ නොහැකි බැවින් ස්වාධීන පොලිස් කොමිසම සමග ඒකාබද්ධව හා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පොලීසිය යළි සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස කටයුතු කළ හැකි විනයගත ආයතනයක් බවට පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

සම්පූර්ණ නිවේදනය පහත පළවේ,

සිසු විරෝධයට මෘග පොලිස් ප‍්‍රහාරයෙන් පිළිතුරු දුන් ආණ්ඩුව හෙළ දකිමු.

පොරොන්දු වූ ‘‘යහපාලනය’’ කෙසේ වෙතත් සාමකාමී විරෝධයකට හෝ ඉඩක් නොදෙන පිළිවෙතක් මේ හවුල් ආණ්ඩුව අනුගමනය කිරීම ඉකුත් 29 වන බ‍්‍රහස්පතින්දා දහවල කොළඹදී ප‍්‍රදර්ශනය කෙරුණේ තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් විශ්ව විiාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණි උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් ඇතුළු විශ්ව විiාල සිසුන්ට පොලීසිය දියත් කළ අතිශය මෘග පහරදීමෙන්ය. එය කිසිසේත් පොලීසියේ තනි මතයට දියත් කෙරුණු ප‍්‍රහාරයක් යැයි අපි විශ්වාස නොකරමු. එම මෘග ප‍්‍රහාරය සඳහා නිශ්චිතවම මේ හවුල් ආණ්ඩුවේ ඉහළ නායකත්වයෙන් අවසරයක් තිබිය යුතුයැයි අපි කියමු.

මීට ඉහතින් පසුගිය රාජපක්ෂ යුගයේ කටුනායක රොෂෙන් චානකගේත්, හලාවත ඇන්තනි වර්ණකුලසූරියගේත් රතුපස්වල සිසුවකු ඇතුළු තිදෙනකුගේත්ඝාතන සහ දුසිම් ගණන් පුද්ගලයන් තුවාල වී රෝහල්ගත කිරීම්සියල්ල විරෝධතා වෙත පොලිස් සහ සන්නද්ධ හමුදා දියත් කළ මෘග ප‍්‍රහාරයන්ගේ ප‍්‍රතිඵල ය. ඒ හැම ප‍්‍රහාරයක් සඳහාම එදත් රාජපක්ෂ ආණ්ඩුවේ අනුමැතිය පොදුවේ ලැබී තිබිණ. රාජපක්ෂ ආණ්ඩුවේ ඒ අවසරය මේ හවුල් ආණ්ඩුව තවම හකුළා නැතැයි මේ සිදුවීමෙන්ද ඔප්පු වන්නකි.

එය වඩාත් හොඳින් සනාථ වන්නේ පොලිස් ප‍්‍රහාරයෙන් සිසු සිසුවියන් 09 කු හිසෙහි තුවාල සමග කොළඹ ජාතික රෝහලට නේවාසික ප‍්‍රතිකාර සඳහා ඇතුලූකර තවත් පිරිසකට බාහිිර ප‍්‍රතිකාර ලබා දී 39 කු අත් අඩංගුවටද ගනු ලැබූ පසු උසස් අධ්‍යාපන ඇමති කළ ප‍්‍රකාශයෙනි. ඔහු රටම රවටන ආකාරයෙන් සිසුන් සමග සිදු නොකළසාකච්ඡුාවක් ගැන හා පොරොන්දු නොවුනු විසඳුම් ගැන ඒවා සිදු කෙරුනු ආකාරයෙන් සඳහන් කරමින් කියූවේ සිසු විරෝධය අනවශ්‍ය වූවක් බව ය. කලින් රාජපක්ෂ කාලයේ උසස් අධ්‍යාපන ඇමති මෙන් මේ හවුල් ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිද තමන්ගේ අඩුපාඩු නොපිළිගනිමින් ඇත්ත වසන් කර පොලිස් ප‍්‍රහාරද අනුමත කරමින් කතා කිරීම අපි ප‍්‍රථමයෙන්ම ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

ඒ සමග කිව යුත්තේ පසුගිය යුගයේ රාජපක්ෂ ජනාධිපති හැම සිදුවීමකටම පසු වහා පරීක්ෂණ පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන්නට නිවේදනය කළ ආකාරයෙන්ම වාර්තා ලබා දෙන්නට යැයි අගමැති නිවේදනය කිරීම, අද මේ සමාජය මුහුණ දෙන ඉතාම අශිෂ්ට තත්ත්වයට විසඳුම් නොවන බවය. අද පොලිස් හැසිරීම් මේ සමාජයට අතිශය පීඩාකාරී ය. එවගේම හිංසාකාරීය.පොලීසියේදී වධ දීම්,දරුණු පොලිස් පහරදීම්, පොලිස් අත් අඩංගුවේදී මිය යෑම්, සාක්ෂි සටහන් ප‍්‍රබන්ධගත කර නඩු පැවරීම් වැනි නොයෙකුත් කාරණා පසුගිය මාස කිහිපයේ සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් වාර්තා විය. මෙය දීර්ග කාලයක් පුරා ගොඩ නැගුණු පිරිහීම් හා බලය අයුතු ලෙස යොදා ගැනීමක් යැයි අපි විශ්වාස කරමු.

පසුගිය අවුරුදු 45 ක පමණ කාලයක පොලීසියට බඳවා ගනු ලැබූ සෑම තරාතිරමකම සියල්ලන් රාජකාරී කටයුතු වැඩිමනත් කර ඇත්තේ හදිසි නීතිය යටතේ ය. ඔවුන් සිතන්න පතන්න පමණක් නොව, රාජකාරිය කරන්නටද පුරුදු පුහුණු වී ඇත්තේ හදිසි නීතිය යටතේ ඔවුන්ට ලැබෙන්නා වූ අධි බලය සමගය. ඒ අතර අවුරුදු 25 ට වැඩි කාලයක් යුද්ධය නිසාවෙන් ඔවුන් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ගනු ලැබූයෙන් අධි බලයක් සමග කටයුතු කිරීම ඔවුන්ගේ අයිතියක් යැයි සිතන තත්ත්වයට පත්ව ඇත. සිවිල් දෙපාර්තමේන්තුවක රජයේ සේවකයන් මෙන් පොලිසියේ රාජකාරි කටයුතු කිරීම ඔවුන්ට දැන් නුහුරු ය. පසුගිය කාලයේ දේශපාලනීකරණය වී පිරිහී ගොසින් ඇත්තේ එවන් පොලිසියකි.

ඒ පොලීසිය පරීක්ෂණ පවත්වා පමණක් නැවත ශිෂ්ටසම්පන්න පොලීසියක් බවට දැන් පත් කළ නොහැකි යැයි අපි තරයේ විශ්වාස කරමු. එනිසා ස්වාධීන පොලිස් කොමිසම සමග ඒකාබද්ධව හා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පොලීසිය යළි සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස කටයුතු කළ හැකි විනයගත ආයතනයක් බවට පත් කිරීමේ දේශපාලන වගකීම ආණ්ඩුව බාරගත යුතු යැයි අපි කියමු. එසේ නොවුනහොත් ජනතාව නීතිය තමන් අතට ගැනීමේ අරාජිකත්වය වෙනුවෙන් හා මේ රටේ ඉහළයන සියලූ අපරාධ වෙනුවෙන් මේ හවුල් ආණ්ඩුවත් විශේෂයෙන් ජනාධිපති සහ අගමැතිත් වගකිව යුතු යැයි අපි කියමු.

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
2015 දෙසැම්බර 31 වන දින / මාධ්‍ය නිවේදනය

Archive

Latest news

Related news