Saturday, April 27, 2024

මහින්ද – කබ්රාල් අනුදැනුමෙන් රත්රන් ටොන් 40 ක් විකුණලා – රාවය

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රා‍ල්ගේ අනුමැතිය සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව සැකකටයුතු අතරමැදියන් කණ්ඩායමක් හරහා රන් මෙට්‍රික් ටොන් 40ක් ශ්‍රී ලංකාවේ තිබෙන ජපන් සමාගමක් වන සීමාසහිත Japuda Holdings සමාගම හරහා ජපානයේ සීමාසහිත SUISSE SECURITIES සමාගමට විකුණා ඇති බවට පිළිගත හැකි සාක්ෂි ලැබී ඇතැයි රාවය පුවත් පත සඳහන් කරයි.

එම වාර්තාව තවදුරටත් මෙසේ සඳහන් කරයි:

රන් කිලෝවක් විකුණා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 46000කටය. අතරමැදියන්ට ගෙවා තිබෙන කොමිස් මුදල රන් කිලෝවක් සඳහා ඇමරිකන් ඩොලර් 2000කි. මෙම සමස්ත ගනුදෙනුවම සිදුවී තිබෙන්නේ ඉතා අවිධිමත් හා සැකකටයුතු ආකාරයටය.

මේ කේ.පී.ගෙන් හෝ එල්ටීටීඊයෙන් ලබාගත් රන් විය හැකිය. මෙම ගනුදෙනුවේදී ජපන් සමාගමේ අතරමැදියා ලෙස ක්‍රියාකර ඇත්තේ වැල්ලවත්තේ ගයා පාරේ අංක 14 5/2 යන ලිපිනයේ පදිංචි රාජගෝපාල් කාර්තීපන් (හැ.ප.අංක 833433342 V) ය. එහිදී මහ බැංකුවේ අතරමැදියා ලෙස ක්‍රියාකොට ඇත්තේ වත්තල, හැඳල, පල්ලිය වත්ත පාරේ, අංක 77 දරන ස්ථානයේ පදිංචි සුප්පයියා සෝමසේකරන් (හැ.ප.අංක 572573389 V) ය.

ඔහු මෙම ගනුදෙනුවේදී අතරමැදියා වශයෙන් තමන්ට ලැබෙන කොමිස් මුදල සම කොටස් ලෙස බෙදා ගැනීම සඳහා තවත් පුද්ගලයන් 8 දෙනෙකු සමග ගිවිසුමක් ඇති කරගෙන තිබේ. ගිවිසුම සකස් කර ඇත්තේ සම්පත් චමින්ද ගමගේ නමැති නීතීඥයාය. ගිවිසුම අනුව එක පුද්ගලයෙකුට ලැබිය යුතු කොටස් කොමිස් මුදල රුපියල් මිලියන 750කි. ඔවුන් 8 දෙනාගේ නම් හා බැංකු ගිණුම් අංක මෙසේය.

01. ඩබ්ලිව්.කේ.ඊ.ජේ.ඒ. සෝවිස්, සෙලාන් බැංකුව, මහරගම. ගි. අංකය 004031479826078.

02. එන්.වයි.සී.එස්. කුමාර, කොමර්ෂල් බැංකුව හලාවත. ගි. අංක 8430002649

03. කේ. ජෙයරානි, මහජන බැංකුව, මූලස්ථාන ශාඛාව, ගි. අංකය 204-2-001-4-0004005

04. එච්.එම්.ජී.එස්.කේ. ‍සෙනෙවිරත්න, හැටන් නැෂනල් බැංකුව, ගල්කිස්ස ශාඛාව, ගි.අං-061020042575

05. අයි.පී.යූ.කරුණාරත්න, ලංකා බැංකුව, සීදූව ශාඛාව, ගි. අංකය 72013332.

06. කේ.එම්.අයි.සමරසිංහ, සම්පත් බැංකුව, මහරගම ශාඛාව, ගි. අංකය 1013-5020-8535

07. වයි.එන්. ඉලංගකෝන්, කොමර්ෂල් බැංකුව, ගම්පහ ශාඛාව, ගි. අංකය 8440039577

08. එස්. සිරිදරන්, කොමර්ෂල් බැංකුව, ගි. අංකය 8800015721

(Ravaya)

Archive

Latest news

Related news