Friday, April 19, 2024

දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම

ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය යටතේ පිහිටුවන අධිකරණයට ජාත්‍යන්තර තාක්‌ෂණ සහාය ලබාගත යුතු අතර එම කටයුතු නිරීක්‌ෂණය කිරීමට විදේශීය නිරීක්‌ෂකයින්ගේ සහායද ලබාගත යුතු යෑයි අතුරුදන්වීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ සභාපති මැක්‌ස්‌වල් පරණගම මහතා ප්‍රකාශ කරයි.මෙවැනි අවස්‌ථාවකදී රජයක්‌ විසින් ගතයුතු පියවර ජාත්‍යන්තර නීතියේ පැහැදිලිව දක්‌වා තිබේ. එමෙන්ම මෙවැනි තත්වයකදී අනිකුත් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ගද සළකා බලා රජය පැහැදිලි රාමුවක්‌ තුළ ක්‍රියාකළ යුතු යෑයිද මැක්‌ස්‌වෙල් පරණගම මහතා නිකුත් කළ ප්‍රකාශයක දැක්‌වේ.

තම වාර්තාවේ සඳහන් යෝජනා ජාත්‍යන්තර නීති උපදේශක සභාවේ ප්‍රධානී රාජනීතිඥ ශ්‍රීමත් ඩෙස්‌මන් ද සිල්වා මහතා ද අනුමත කර ඇතැයි මැක්‌ස්‌වෙල් පරණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– දයා ලංකාපුර/දිවයින

Archive

Latest news

Related news