Sunday, April 28, 2024

බංකරයක්, නෑ නිවසක් සහ තවත් බොරු ගොඩක්

ජනාධිපති මන්දිරයේ ඉදි කරන ලද පොළව යට දෙමහල් මන්දිරය ගැන රාජපක්ෂවරු ඇද බාන්නේ ගල් පැලෙන බොරු ය.

මෙම මන්දිරයකි. එහි සැප ඇඳන් ද ව්‍යායාම කිරීම සඳහා මෙන්ම සතුටු සාමිචි සඳහා කාමර ද නිමවා තිබේ.

පළමුවෙන්ම කට ඇරි ලොකු රාජපක්ෂ කීවේ එය මන්දිරයක් නොව බංකරයක් බවය.

දැන් පොඩි රාජපක්ෂ වන ගෝඨභය කියන්නේ එය බංකරයක් නොව නිවසක් බවය‍

අයිය මළෝ දොන්නාටම අනුව එය සාදා තිබෙන්නේ එල්ටීටීඊ ගුවන් ප්‍රහාරයක දී ආරක්ෂා වීමට ය. ලොකු රාජපක්ෂ කිවේ ජනාධිපති හමුවීමට එන විදේශිය පිරිස් ද එහි ආරක්ෂාව ලැබීමට නියමිතව සිටි බව ය.

නමුත් ලොකු රාජපක්ෂ හෝ පොඩි රාජපක්ෂ හෝ මේ ජනාධිපති මන්දිරයේ ජිවත්වූයේ නැත. ආරක්ෂක මණ්ඩල රුස්වීම් පවත්වන ලද්දේත් රාජපක්ෂ බලයෙන් අල්ලා ගත් අගමැති නිල නිවස වූ අරලිය ගහ මන්දිරයේ ය.

ඔහු රැය ගත කළේත් අරලිය ගහ මන්දිරයේ ය. රාජපක්ෂ ජීවත් වූ අරලිය ගහ මන්දිරයේ වහලෙහි ගුවන් යානා නාශක තුවක්කු පවා සවි කර තිබුණේ ඒ නිසා ය.

ඉදින් එකළ කුරුම්බැට්ටි මැෂින් යයි නම් පට බදින ලද එල්ටීටීඊ ගුවන් යානා ප්‍රහරයක් එල්ල වූයේ නම් රාජපක්ෂ පවුලට සිදු වන්නේ අරලිය ගහ මන්දිරයේ සිට මීටර දෙතුන් සියයක දුරකින් පිහිටි ජනාධිපති මන්දිරයට විදේශ අමුත්තන් ද රුගෙන දුවන්නට ය.

ගුවන් ප්‍රහාරයකදී එළියට බැස දුවන සිරිතක් තිබේ ද?

රාජපක්ෂවරු කට ඇරියොත් බොරුවක් මිස ඇත්තක් නොකීමට ඉගෙන ගනිමින් සිටින බවට සාක්ෂියක් මිස මේ බන්කර- මන්දිර කතාවේ වෙන ගත යුතු යමක් නැත.
ඇත්ත කතාව නම් මහජන මුදලින් ආතල් වැඩ කිරිමේ රාජපක්ෂ රෝගය නිසා මෙම ‘බන්කර් නිවස’ ගොඩ නඟන ලද බවයි. එය එසේ නොව ආරක්ෂාව පතා තනන ලද්දේ නම් තමා රැය කීයක් එහි ගත කළේ ද ඒ කව්රුන් සමඟ ද යන්න රාජපක්ෂවරු ජනතාවට කිය යුතු ය.

Archive

Latest news

Related news