Friday, May 10, 2024

ඇවන්ගාඩ් නැවේ ඇත්ත කතාව දිවයින සොයාගනියි – මුදල් තෑග්ගකුත් හිමි වෙයි

ආන්දෝලනයකට තුඩු දී තිබෙන ඇවන්ගාඩ් ගනුදෙනු සහ පසුගිය පස්වනදා ගාලු වරායට පැමිණෙමින් තිබියදී අත්අඩංගුවට ගත් ගිනි අවි සහිත නෞකාව අයත් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පවරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ. එසේ තිබියදී ඇවන්ගාඩ් පිළිබඳ සත්‍ය මතය යැයි සඳහන් සම්මුඛ සාකච්ඡාවක් දිවයින පුවත් පත විසින් පළකර තිබේ.

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග සිදුකර ඇති එම සම්මුඛ සාක්ඡාව “ඇවන්ගාඩ් අවිනැවේ ඇත්ත කතාව කියවමු” යනුවෙන් පිටුවක් පුරා පළ කොට තිබේ.

මෙහි ඇති සුවිශේෂීම කාරණය වන්නේ බොහෝ දේශපාලනඥයින් විසින් මාධ්‍ය ආයතන ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ලබාගනිමින් එම ආයනයට අවශ්‍ය පරිදි පුවත් පළ කරමින් සිටින බවට චෝදනා එල්වෙමින් තිබියදීත් දිවයින පුවතපත මෙම සම්මුඛ සාකච්ඡාව මුදල් ලබාගෙන පළ කරන ලද්දක් බව කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධියේම කියා තිබීමය.

එම සාකච්ඡාව පළ කර ඇති පිටුවේ අවසාන තීරූවේ “මෙය මුදල් ගෙවා පළකරන ලද්දකි” යනුවෙන් ඉතා කුඩාවද සඳහන් කර තිබේ.

– ලංකා ට්රුත්

 

Archive

Latest news

Related news