Friday, May 10, 2024

අත්අඩංඟුවට ගත් සගයින් ඉල්ලා හමුදාව යාපනේ පොලීසියක් වටලයි

( පුස්තකාල ජායාරූපයකි)

යකඩ සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගත් සොලදිදුවන් හත් දෙනෙකු නිදහස් කරන සේ ඉල්ලමින් යුද හමුදා පිරිස් යාපනයේ පොලිස් ස්ථානයක් වැටලූ බව ග්ලෝබල් ටැමිල් නිව්ස් සහ ටැමිල් ගාර්ඩියන් යන වෙබ් අඩවි වාර්තා කරයි.

මේ වටලා ඇත්තේ වාචක්චේරි පොලීසිය යි. යාපනයේ ව්‍යාපාරිකයන් විසින් වෙළදදැන්වීම් සඳහා සවිකර තිබූ විශාල යකඩ රාමු සොරකම් කරගෙන යත්දී පොලීසිය විසින් එකී සොල්දදුවන් හත් දෙනා අත් අඩංඟුවට ගන්නා ලදී.

මෙම සිදුවී ඇත්තේ පසුගිය 17වන දින සවස ය.

අත් අඩංඟුවට ගත් සොල්දාදුවන් තමන් පිළිබද පරීක්ෂණය නතර කරන සේ පොලීසයට තර්ජනය කල බවත් ඊට එකඟ නොවූ පොලිස් ස්ථානාධිපතිවරයා කෝපායි යුද හමුදා කඳවුරෙහි අණ දෙන නිලධාරියාට දැන්වූ බවත් එම වාර්තා සදහන් කරයි.

එසේ නමුත් මෙම සොල්දාදුවන් නිදහස් කරන සේ පොලිසියට බලපැම් එල්ල වූ බවත් අනතුරුව ඔවුන් නිදහස් කරන ලද බවත් වාර්තා වේ.

මේ අතර කොළඹින් වාර්තා වන්නේ පොලීසියට බාධා කළැයි රාජපක්ෂවාදී පළාත් සභා මංත්‍රීවරයකු වන උපාලි කොඩිකාර අද (19) අත්අඩංඟවට ගෙන ඇති බවයි

 

Archive

Latest news

Related news