Friday, May 10, 2024

යහපාලනයෙන් යාළුපාලනයට හෙවත් ගජමිතුරු ධනවාදයට!

මෛත්‍රී – රනිල් පරිපාලනයෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වුනෙමු. දින සීයේ රජයේ වැඩසටහනේදී වැඩියෙන්ම කතා කලේ 19 වෙනි සංශෝධනය ගැන වුවත් කිසිදු දෙයක් සිදුවුනේ නැත.

රාජපක්ෂලාගේ හොරකම් ගැන එහා මෙහා පෙරලා කතා කළද එහි කිසිවක් නැතිවම අවසන් විය. පසුගිය රජයේ වංචාවලට චෝදනා ලැබූවායැයි කියන අය වත්මන් රජයේ කැබිනට් එකට පත්විය. ජනාධිපතිවරයා සියල්ල එකතු කරන්නට මහින්ද රාජපක්ෂටද නොමිනේෂන් ලබා දුන්නේය.

ලංකා ඉතිහාසයේ විශාලම මූළ්‍ය අපරාධයක් වසමින් රනිල් මෛත්‍රීට නොදෙවෙනි විය. එම මූල්‍ය අපරාධකරු ලංකාවට ඒමට ප්‍රථම සේවය කළ ඩුබායි බැංකුවට රාජපක්ෂවරුන්ව හදුන්වාදීමේ චෝදනා ලැබූවෙකි. පසුගිය පාලන සමයේ කරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් කිසිවෙකු අනාවරණය නොවීය. හර්ෂද සිල්වා EPF මූල්‍ය වංචාව වෙනුවෙන් හඬ නැගු අතර ඔහුව ආර්ථික සම්පාදනයට තල්ලුකර දැම්මේය. ඔහුගේ බෑනා ආරක්ෂක අමාත්‍යංශයේ

මහබැංකු අධිපතිගේ බෑනා වරදකරු කිරීමෙන් බේරා ගැනීම නිසා අජිත් නිවාඩ් කබ්රාල් හා අනෙකුත් සගහන් නීතියේ රැහැණින් බේරී ඇත. විශ්වාසය කඩවීම හේතුවෙන් කොළඹ කොටස් පෙළඳ පොල දිගින් දිගටම පහත වැටෙමින් තිබේ.
මෛත්‍රී තම පුරෝගාමියා මෙන් විධායක බලය උපරිමයෙන් පාවිච්චි කිරීම ආරම්භ කලේ තම සොයුරු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරක පත්කිරීමෙනි. ඔහුට විශාල වැටුපක් ලැබෙන අතර වෑගපිටිය සමග ඩීල් දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වේ. ඔහුගේ බෑනා ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරන අතර පුතා ඔහු සමග ලෝකය පුරා රවුම් ගසමින් සිටී. පොලොන්නරුවේ සිටින මෛත්‍රීගේ එකම පන්තියේ මිතුරන් අතරින් කෙනෙකි ආරක්ෂක ලේකම්. අනෙක් මිතුරන්ට පරිපාලන සේවයේ ඉහළ තනතුරු ලබා දී තිබේ.

අනික් අතින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශංසනීය ආකාරයෙන් තම පවුලේ උදවිය රජයේ තනතුරුවලට ඈදා නොගත්තද ජනපතිට දෙවෙනි නොවේ. ඔහුගේ පරණ සගයන් නැවත පරිපාලන තනතුරු සඳහා කැඳවා තිබේ. ඔවුන් සමහරෙක්ට ඉහල තනතුරු දී ඇති අතර සමහර උදවිය රට කරවීමට රනිල්ට උපදෙස් දෙන්නන් ලෙස පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ බිඳ වැටීමට සෘජුව වගකිව යුතු පුද්ගලයෙක් වන චරිත රත්වත්තේ (එස්.බී. දිසානායක බොහෝ වාරයක් පවසා තිබේ) රජයේ කටයුතු කරන්නෙකි. දැන් ඔහු සොයුරාව ශ්‍රී ලංකා ගුවන්සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්කලේය. එසේම ඔහුගේ හිතමිතුරන් අමාත්‍යංශවල කටයුතු කිරීමට පත්කොට තිබේ.

අනූව දශකයේ දූෂණ සහ බලය අපයෝජනය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම පාස්කරලිංගම්ට චෝදනාවට ලක්වූ අයෙකු වන අතර දැන් ටෙන්ඩර් පිළිබඳ තීරණ ගැනීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. අතීතයේ මෙන් ඔහු තම කටයුතු වර්තමානයේද කරගෙන යයි.

මෑතකදී පවා එනම් 2015 ජනවාරි මාසයේ පවා රාජපක්ෂලා සමග ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් මලික් සමරවික්‍රමට චෝදනාවක් ඇත. එසේම 2004 චන්ද්‍රිකා රජය සමග ඵලදායි ලෙස සාකච්ඡා කර එජාපය ආකරක්ෂා කිරීමට කටයුතු නොකල අයෙකි. දැන් ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කොට ඇත. විදේශ අයෝජකයන් සහ කර්මාන්ත මෙරටට ගෙනඒමේ භාරදූර කාර්යක් පවරා තිබේ.

රනිල්ගේ හිතෛශියෙකු හා හිටපු ආරක්ෂක ලේකම්ගේ සුවච කීකරු නියෝජිත වූ සාගල රත්නායක කැබිනට් අමාත්‍යවරයෙක් සහ මහලේකම්කාර්යාල අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පත්කර තිබේ. ඔහුගේ සොයුරු ANCLසහ NDB හි අධ්‍යක්ෂකවරයාය.

රනිල්ගේ යතුරුලේඛිකාව වන සැන්ඩ්‍රා පෙරේරා අගමැතිවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ළඟම විශ්වාසවන්තයා ලෙස කටයුතු කරනු ලබයි.

පොලිස් ඇමති තිලක් මාරපන ඇවන්ගාඩ් සභාපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අයෙකි. එසේම ඇවන්ගාඩ් සභාපතිවරයාගෙන් ලාභ ප්‍ර යෝජන ලබා ගන්නෙකි. ආමාත්‍ය ස්වාමිනාදන් ප්‍රසිද්ධ ආගමික ස්ථානයක සහ NSB හි භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරමින් අක්‍රමිකතා සිදුකර ඇත.

අජිත් ඩයස් ව්‍යාපාරිකයෙකි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හෝ මිහින් ගුවන් සමාගමේ සභාපති නමුත් ඒ පිළිබඳව කිසිදු පලපුරුද්දක් නැත. ආනන්ද අතුකෝරල ග්‍රින්ඩ්ලේ (Grindlays ) වෙතින් අයහපත් සෞඛ්‍යය හේතුවෙන් කලින් විශ්‍රාම ගන්නනු ලැබූ පුද්ගලයෙකි. දැන් ඔහු DFCC බැංකුවේ උප සභාපතිවරයාය. කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා වන දිනේෂ් වීරක්කොඩි මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමට මෛත්‍රීපාල සිරිසේන බලාපොරොත්තු විය. ඔහු මානව සම්පත් උපදේශකවරයෙකි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස ලලිත් විතාන පත් කලේය. දැන් දෙදෙනාටම එකතුව බ්‍රැන්ඩික්ස් ආයතනය මෙන් පාලන කටයුතු කරගෙන යා හැක.

පරිසරිවේදී අජිත් ද කොස්තා රටේ විශාලම විදේශීය ආයෝජනය වන පෝට් සිටි අවුල් කරමින් සිටී. විදේශ සම්බන්ධතා උපදේශක ලෙස පත්ව ඇති කුප්‍රකට ඩීල් කරුවෙක් වූ නරේන්ද්‍ර දේවා විදේශ සබඳතා උපදේශකවරයෙකි. එසේම ඔහු රාජපක්පක්ෂලාගේ සමීපතමයෙකි.
පුහුණුවෙන් අරක්කැමියෙකු වූ පද්දෙ විතානට ඉතා වැදගත් වූ සංචාරක මණ්ඩලයේ සභාපති ධූරය හිමිවිය. ජපානයේ ශ්‍රී ලංකාව සඳහා තානාපතිවරයා ලෙස ලෙස පත්කර ඇති ධම්මික දිසානායක රාජ්‍යතාන්ත්‍රික කටයුතු කිසිවක් නොදනී.
දීපාල් වික්‍රමසිංහ තවත් මිතුරෙකි. ඔහුගේ බිරිඳ වන දිල්රුක්ෂි වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වේ. මෙයින් ස්වාධීනත්වයක් බලාපොරොත්තු විය හැකිද?

ආයෝජන මණ්ඩලයේ දුර්වල් පාලනයක් සිදුකළ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයාය. ඔහු විශාල අපකීර්තියක් රජයට ගෙන ඒමට හේතු වූවෙකි.

චානක ද සිල්වා, රඛිත ජයවර්ධන, නීතිඥ හරිදාස ශ්‍රී ලංකාවේ අධ්‍යකෂකවරුන් වන අතර ක්‍රිෂාන්ත පෙරේරා සාමාන්‍ය පෙළට එහා ගිය සුදුසුකමක් නැති අතර ඔහු ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි.

මෙම නාමලේඛණය ඉදිරි දින කීපයේදී පුළුල් වීමට නියමිත අතර රනිල් – මෛත්‍රී නිසැකයෙන්ම පොරොන්දු වූ යහපාලනය යමපාලනයක් කරනු ඇත. වසර 2 ක අවසානයේ රාජපක්ෂවරුන් අභිබවනු ඇත. නායකයන් දෙදෙනා මෙය පාලනය නොකළහොත් එළඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු මෙම රජය ඒකාන්තයෙන්ම බිදී යන බව දේශපාලන විශ්ලේෂකයන් පවසති.

– යහපාලනය සඳහා වූ ව්‍යාපාරය

Archive

Latest news

Related news