Wednesday, May 1, 2024

ප්‍රසන්න රණතුංගගේ පගා ඉල්ලීමේ දුරකතන පණිවිඩය

බස්නාහිර පළාත් සම ඇමැති සහ ගම්පහ දිසා රාජපක්ෂ අපේක්ෂක ප්‍රසන්න රණතුංග ලක්ෂ ගණනාවක පගාවත් ඉල්ලා තර්ජනය කරන හඩ පටිය පහත දැක්වේ.

රජපත්ෂ යළි බලයට ගෙනැවිත් සිය දූෂණ වසා ගැනීම ප්‍රසන්න රණතුංගගේ අවශ්‍යතාවය වී තිබූ බව මෙමගින් යළී සනාත වේ.

මෙම හඩ පටය ප්‍රසි්ද්ධ කරන ලද්දේ ලංකා ඊ නිව්ස් විසිනි.

එය මෙසේ ද වාර්තා කරයි:

කොලොන්නාව මීතොටමුල්ල පාරේ අංක 251/9 දරණ ස්ථානයේ පිහිටි අක්කර 2 යි පර්චස් 2.8 ක් වූ අජිත් ස්වර්ණප්‍රියට අයත් වූ ඉඩම සිලිකන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් වූ ගෙහාඩ් මෙන්ඩිස් මහතා විසින් මිලදී ගන්නා ලදී. නමුත් එම ඉඩමට යෑමට ඇති ප්‍රවේශ මාර්ගයේ අනවසර පදිංචි කරුවන් පිරිසක් පදිංචිව සිටියහ. ප්‍රසන්න රණතුංග විසින් තම මහ ඇමැති බලය යොදා මෙම අනවසර පදිංචි කරුවන් එළවා දැමීම සඳහා ලක්ෂ 700 ක පගාවක් ඉල්ලා තිබේ. ඒ අනුව පගාව ලෙස රුපියල් ලක්ෂ 640 ක දින යෙදූ චෙක්පත් ගෙහාඩ් මෙන්ඩිස් විසින් ප්‍රසන්න රණතුංග වෙත ලබා දී ඇත. ඉන් ලක්ෂ 80 ක චෙක් පත් ප්‍රසන්න රණතුංග විසින් සිය සහායකයෙකු වූ නරේෂ් නමැත්තා සමග මුදල් කරගෙන තිබුණේ ප්‍රසන්නගේ බිරිඳගේ ගිණුමේ දමාගෙනය. ඉතිරි පගා මුදල ලබා ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග විසින් කිහිප වතාවක්ම ගෙහාඩ් මෙන්ඩිස්ට තර්ජනය කර ඇත. මෙහි පහත දැක්වෙන හඬ පටයෙන් දැක්වෙන්නේ ප්‍රසන්න රණතුංග මහ ඇමැතිවරයා විසින්  එලෙස පගාව ඉල්ලා කුණු හරුපෙන් බැන වදිමින් තර්ජනය කරන ලද එක් අවස්ථාවකි

Archive

Latest news

Related news