Thursday, May 2, 2024

‘කුරුනෑගල (මුස්ලිම්) ප්‍රකාශය: විවේචනයක්

පසුගිය 13 වන සෙනසුරාදා කුරුණෑගල නගරයේ රතුකුරුස සංගමයේ ශ්‍රවණාගාරයේ පැවති කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනයේ දී සම්මත කර ගත් කුරුනෑගල ප්‍රකාහය මෙරට වාර්ගික සබඳතාවයන් පළුදු කිරීමට තුඩු දියහැකි අවදානමක් පිළිබිඹු කරයි.

මෙම ප්‍රකාශය ඉල්ල සිටින්නේ එලඹෙන මැතිවරණයේ දී කුරුනෑගල දිසාවෙන් මුස්ලිම් අපේක්ෂකයකු පත් කර ගත හැකි වන සේ මුස්ලිම් ජනයා ජන්දය ප්‍රකාශ කළ යුතු බවයි. මේ අනුව මුස්ලිම් ජනයා කිසිදු සිංහල අපේක්ෂකයකුට ජන්දය නොදිය යුතුය.

මෙමගින් සිදුවන්නේ සිංහල සහ මුස්ලිම් ජනයා අකර වූ සමගිය සහ අනොන්‍ය සුහදතාවය පලුදුවීමකි. මෙවැනි අනනයතා දේශපාලනයක් මිහ්‍ර ජනගහනයක් ඇති  කලාප සඳහා යෝග්‍ය නොවන අතර මෙම පිලිවෙතම අනෙක් ප්‍රජාවන්ද දඅනුගමනය කළ හොත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඇතිවනු ඇත්තේ වාර්ගික ගැටුම් ය.

ඉහත කී කුරුනෑගල ප්‍රකාශය පහත පළවේ.

කුරුණෑගල ප්‍රකාශය
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව මෙන්ම රාජ්‍ය නායකයින් සහ ජාතික දේශපාලන පක්ෂ ද රටේ පවතින සාමාජීය බහුවිවිධත්වය අනුමත කළද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මාන 156 ක ජීවත්වන 120,000ක් වූ මුස්ලිම් ජනයා “කිසිදු දේශපාලන නියෝජනයක් නොමැති ජන කොට්ඨාශයක්” බවට පරිවර්තනය කිරීමේ 20 වන සංශෝධනයට, ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීම ඉතා ශෝචනීය සිදුවීමකි.
ජාතිවාදය සහ අරාජිකත්වයෙන් අප මව්බිම මුදවාගෙන යහපාලනයක් ස්ථාපිත කිරීමට ජාති ආගම් භේදයෙන් තොරව කොන්දේසි විරහිතව ලබා දුන් ජනවරම, අදවනවිට අපගේ පාර්ලිමේන්තු නියෝජනය හරි අඩකින් අවම කිරීමට යොදා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී, නින්දිත ක්‍රියාවකි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 14 තුළ මුස්ලිම් ඡන්ද දායකයින් 93,000 ක් සිටිති. එනම් දැනට පවතින මැතිවරණ ක්‍රමය තුළ ප්‍රධාන පක්ෂයන් හා සහෝදර සිංහල ජනයා සමඟ එකට එකතු වී තරඟ කර අපගේ නියෝජනය ඉතා සාමකාමීව ලබා ගත හැකිය. නමුත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබූ මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් මුස්ලිම් නියෝජනය අහිමි වන අතර , ප්‍රදේශයේ සාමය සහ සහජීවනයට විශාල හානියක් සිදු වේ. මෙම තත්ත්වය දෙස සරලව බැලූ විට සෑම මැතිවරණ කොට්ඨාශයක් තුළම මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ප්‍රමාණය සුළු අගයක් ගන්නා බැවින් කිසිදු ප්‍රධාන පක්ෂයකට මුස්ලිම් අපේක්ෂකයෙක් ප්‍රධාන අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් කළ නොහැක. එමෙන්ම දිස්ත්‍රික් අනුපාත ක්‍රමය තුළ හෝ ජාතික ලැයිස්තුව තුළ අසාධාරණයට ලක් වූ ජන කොට්ඨාශ සඳහා සාධාරණයක් ඉටු කිරීමට මෙම යෝජිත කෙටුම්පත අසමත් වී ඇත. එබැවින් මෙම යෝජනාවට අපට එකඟ විය නොහැක.
එබැවින් අසාධාරණයට ලක් වූ කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් ජනතාවට යුක්තිය සහ නිසි නියෝජනයක් ලැබීමට ජාතිය, ආගම සහ පක්ෂ භේදයෙන් තොරව සහෝදරත්වයේ නාමයෙන් එක් වෙමු. ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් නියෝජනයක් ලබා ගැනීමට පෙළ ගැසෙමු.

(2015 ජුනි මස 13 )

Archive

Latest news

Related news