Saturday, April 20, 2024

20 ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමේ උත්සාහයක්! – අනුර කුමාර

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ගෙන ඒමට සූදානම් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බහු පක්ෂ ක්‍රමය අහෝසි කරන, ප්‍රජාතන්ත්‍රවාදය හකුළන, රටේ ඉදිරි ගමනට බාධා කරන සංශෝධනයක් වන්නේ නම් එය පරාජය කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගෙන කටයුතු කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, කඳුරට ජනතා පෙරමුණ, එක්සත් මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ හා කණ්ඩායම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ යෝජිත මැතිවරණ සංශෝධනය තුළින් රටේ විවිධ ජන කොටස්වල මතයත් විවිධ මතවාද දරණ දේශපාලන පක්ෂවල මතයත් සාධාරණ ලෙස පිළිබිඹු විය යුතු බවයි. වත්මන් මැතිවරණ සංශෝධනය හරහා එම තත්වය හකුළා රටේ ද්වී පක්ෂ දේශපාලනයක් ඇති කිරීමට අවශ්‍ය වන ආකාරයට සකස් කර තිබෙන බවය. එසේම සුළු ජන කොටස්වල මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට තිබෙන අවස්ථාව හකුළා දැමීම හරහා ඉතිහාසයේදී බරපතල දේශපාලන ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වූ බවද අනුර දිසානායක මහතා අවධාරණය කළේය.

– ලංකා ට්රැත්

Archive

Latest news

Related news